ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 8/1 7 පි.
  • දෙවියන් ඔබව ළං කරගන්නවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන් ඔබව ළං කරගන්නවා
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන් ඔයා ගැන සැලකිලිමත් වෙනවද?
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබලය තේරුම්ගැනීමට අත්වැලක්
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පිලිප් එතියෝපිය නිලධාරියෙකුව බව්තීස්ම කරයි
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “යේසුස් ගැන ශුභාරංචිය” ව්‍යාප්ත වෙයි
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
තව තොරතුරු
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 8/1 7 පි.

මුල් පිටුවෙන් | දෙවියන් ඔබ ගැන සැලකිල්ලක් දක්වනවාද?

දෙවියන් ඔබව ළං කරගන්නවා

“කෙනෙක් මා ළඟට එන්නේ මාව එවූ මගේ පියාණන් ඔහු තුළ ඒ සඳහා ආශාවක් ඇති කළොත් පමණයි.”—යොහන් 6:44.

සමහරු සැක කරන හේතුව: හුඟක් අය දෙවියන්ව විශ්වාස කළත් ඔහුට ළං වෙන්න බැහැ කියලා හිතනවා. “දෙවියන් හැම දේකම නිර්මාතෘ විතරයි. ඔහු එක්ක බැඳීමක් තියෙනවා කියලා නං මට කවදාවත් හිතිලා නෑ” කියලා හැම සතියකම පල්ලි ගිය කාන්තාවක් කිව්වා.

දේවවචනයේ කියන දේ: දෙවියන් කවදාවත් අපිව අත්හරින්නේ නැහැ. ඔහු අපි ගැන දක්වන සැලකිල්ල ගැන යේසුස් මෙහෙම කිව්වා. “යම් මිනිසෙකුට බැටළුවන් සියදෙනෙකු සිටිද්දී උන්ගෙන් එකෙකු මංමුළා වී ගියොත් ඔහු අනික් අනූනවදෙනාට කඳුවල ඉන්න හැර මංමුළා වී ගිය බැටළුවා සොයා යන්නේ නැද්ද? . . . කුඩා දරුවන් හා සමාන මේ අයගෙන් එක් කෙනෙකුවත් විනාශ වෙනවාට ස්වර්ගයේ සිටින මගේ පියාණන් කැමති නැහැ.”—මතෙව් 18:12-14.

මංමුළා වුණු හැමෝවම දෙවියන්ට හුඟක් වටිනවා. ඔහු ඔවුන්ව හොයාගන්නේ කොහොමද? මේ ලිපියේ මුලින්ම තියෙන බයිබල් පදයේ කියන විදිහට කෙනෙක් දෙවියන්ට ළං වෙන්නේ දෙවියන් ඔවුන් තුළ ආශාවක් ඇති කළොත් විතරයි.

සාක්ෂිකරුවන් මහජනයා ගැවසෙන තැනක සාක්ෂි දරනවා

දෙවියන් ගැන බයිබලයේ තියෙන පණිවිඩය කියන්න මිනිසුන්ගේ ගෙවල්වලට හා මහජනයා ගැවසෙන තැන්වලට යන්නේ කවුද?

දෙවියන් මුල් සියවසේදී ඒ දේ කරපු විදිහ බලන්න. දෙවියන් ෆිලිප්ට මඟ පෙන්නුවා බයිබලයේ තියෙන අනාවැකියක් කියවමින් හිටිය ඉතියෝපියානු නිලධාරියාට ඒක පහදලා දෙන්න. (ක්‍රියා 8:26-39) දෙවියන් ගැන දැනගන්න ආශාවක් ඇතුව දෙවියන්ට යාච්ඤා කරපු රෝම නිලධාරියෙක් වුණ කොර්නේලියස් ළඟට දෙවියන් පේතෘස්ව යැව්වා. (ක්‍රියා 10:1-48) ඒ වගේම පාවුල්ට සහ ඔහු එක්ක හිටිය අයට ෆිලිප්පියේ ගඟක් අසලට යන්න මඟ පෙන්නුවා. එහිදී “දෙවිට නමස්කාර කරන තැනැත්තියක්” වන ලිදියාව ඔවුන්ට හම්බ වුණා. ඔවුන්ගේ පණිවිඩයට සවන් දෙන්න “යෙහෝවා දෙවි ඇගේ හදවත තුළ මහත් පෙලඹීමක් ඇති කළා.”—ක්‍රියා 16:9-15.

ඒවායින් පෙනෙන්නේ දෙවියන්ව හොයන අයට ඔහු ගැන දැනගන්න අවස්ථාවක් ලබා දෙනවා කියලයි. අද දින දෙවියන් ගැන බයිබලයේ තියෙන පණිවිඩය කියන්න මිනිසුන්ගේ ගෙවල්වලට යන්නේ කවුද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා කවුරුත් කියයි. දෙවියන්ට ළං වෙන්න ඔබට උපකාර කරන්න ඔහු ඔවුන්ව යොදාගන්නවාද කියලා හිතලා බලන්න. දෙවියන් ඔබව ළං කරගන්න දරන වෑයමට හොඳ ප්‍රතිචාරයක් දක්වන්න ඔබට උපකාර කරන්න කියලා ඔහුට යාච්ඤා කරන්න කියලා අපි ඔබට උනන්දු කරනවා.a

a වැඩි විස්තර දැනගන්න www.pr418.com/si වෙබ් අඩවියේ ඇති ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න