ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 9/1 16 පි.
  • පැනයට පිළිතුර බයිබලයෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනයට පිළිතුර බයිබලයෙන්
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දේවදූතයන් කියන්නේ කාටද?
    බයිබලයෙන් උත්තර
  • දේවදූතයන් සහ භූතයන් කියන්නේ කාටද?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවදූතයෝ සහ අපි
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “මහජන සේවය සඳහා වූ” දේවදූතයන්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 9/1 16 පි.

පැනයට පිළිතුර බයිබලයෙන්

අපිට උදව් කරන්න දේවදූතයන්ට පුළුවන්ද?

සිංහ ගුහාවේ ඉන්න දානියෙල්ව දේවදූතයෙක් ආරක්ෂා කරනවා

අතීතයේදී දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයෙක් වුණ දානියෙල්ට දේවදූතයන් උදව් කළා වගේ අදත් ශුභාරංචිය දැනගන්න ඔවුන් මිනිසුන්ට උදව් කරනවා

මිනිසුන්ව නිර්මාණය කරන්න කලින් යෙහෝවා දෙවියන් බලවත් දේවදූතයන් මිලියන ගණනක් නිර්මාණය කළා. (යෝබ් 38:4, 7) දේවදූතයන් මාර්ගයෙන් දෙවියන් තමාට සේවය කරන අයව ආරක්ෂා කරලත් තියෙනවා. මඟ පෙන්වීම් දීලත් තියෙනවා. (ගීතාවලිය 91:10, 11) අද දිනත්, යේසුස්ගේ අනුගාමිකයන් දේශනා කරන ශුභාරංචිය දැනගන්න දේවදූතයන් මිනිසුන්ට උපකාර කරනවා.—එළිදරව් 14:6, 7 කියවන්න.

දේවදූතයන්ට යාච්ඤා කරන එක හරිද? නැහැ. යාච්ඤාව නමස්කාරයේ කොටසක් නිසා අපි යාච්ඤා කරන්න ඕන යෙහෝවා දෙවියන්ට විතරයි. (එළිදරව් 19:10) දේවදූතයන් දෙවියන්ගේ සේවකයන් නිසා ඔවුන් කරන්නේ දෙවියන් කියන දේ මිසක් මිනිසුන් කියන දේ නෙමෙයි. ඒ නිසා අපි යාච්ඤා කරන්න ඕන යේසුස් මාර්ගයෙන් දෙවියන්ට විතරයි.—ගීතාවලිය 103:20, 21; මතෙව් 26:53 කියවන්න.

දෙවියන්ට අකීකරු වුණ දේවදූතයන් ඉන්නවාද?

දෙවියන් දේවදූතයන්ව නිර්මාණය කරද්දී මිනිසුන්ට වගේ හරි වැරැද්ද තෝරගන්න නිදහස දුන්නා. ඒත් සමහර දේවදූතයන් දෙවියන්ට අකීකරු වුණා. (2 පේතෘස් 2:4) දෙවියන්ට මුලින්ම අකීකරු වුණ දේවදූතයාව හැඳින්නුවේ සාතන් කියලයි. ඊටපස්සේ තවත් දේවදූතයන් ඔහුගේ පැත්ත ගත්ත නිසා ඔවුන් භූතයන් වුණා. සාතන්වයි භූතයන්වයි ස්වර්ගයෙන් පොළොවට හෙළුවා.—එළිදරව් 12:7-9 කියවන්න.

1914 පටන් මේ ලෝකයේ දුෂ්ටකම් හා ප්‍රචණ්ඩත්වය වැඩි වෙලා තියෙනවා. ඒකෙන් පේන්නේ දෙවියන් ඉක්මනින්ම සාතන්වයි භූතයන්වයි ක්‍රියා විරහිත කරලා පොළොව කලින් තිබුණ තත්වයට පත් කරනවා කියන එකයි.—එළිදරව් 12:12; 21:3, 4 කියවන්න.

වැඩි විස්තර දැනගන්න බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 10වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.pr418.com/si වෙබ් අඩවියෙත් තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න