ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 6/1 6-7 පි.
  • විද්‍යාවටත් සීමාවන්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විද්‍යාවටත් සීමාවන්!
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • විද්‍යාව ඔබට ප්‍රයෝජනවත්ද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විශ්වය සහ ජීවය බිහි වූයේ කෙසේද?
    2002 පිබිදෙව්!
  • විද්‍යාව සහ ආගම එක් කිරීම
    2002 පිබිදෙව්!
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විද්‍යාව ගැන හිතන්නේ මොකක්ද?
    නිතර අසන ප්‍රශ්න
තව තොරතුරු
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 6/1 6-7 පි.
පරීක්ෂණාගාරයේ ඉන්න විද්‍යාඥවරියක්

මුල් පිටුවෙන් | විද්‍යාව බයිබලයේ තැන අරන්ද?

විද්‍යාවටත් සීමාවන්!

දෙවියන්ව විශ්වාස නොකරන අයගේ අදහස් ඇතුළත් පොත් ගණනාවක් මෑතකදී හුඟදෙනෙක්ට කියවන්න ලැබෙනවා. ඒවායේ තියෙන අදහස් සාකච්ඡාවලට සහ වාද විවාදවලට ලක් වෙනවා. ඒ ගැන ඩේවිඩ් ඊග්ල්මන් කියන විද්‍යාඥයා මෙහෙම කියනවා. “ඒවා කියෙව්වාම සමහරු විද්‍යාඥයන් හැම දෙයක්ම දන්නවා කියන අදහස ඇති කරගන්නවා. නියම විද්‍යාව කියන්නේ විවෘත මනසකින් පර්යේෂණය කරන එක. එතකොට කවදාවත් හිතුවේ නැති දේවල් පවා හොයාගන්න පුළුවන්.”

දුරේක්ෂයකින් බලන තාරකා විද්‍යාඥයෙක්

දක්ෂ විද්‍යාඥයන් අවට පරිසරය ගැන පුදුම දේවල් හොයාගෙන තියෙනවා. ඒත් ඔවුන්ට වැරදුණු තැන් නැතුවම නෙමෙයි. කවුරුත් පිළිගත්ත විද්‍යාඥයෙක් තමයි අයිසැක් නිව්ටන්. ඔහු පෙන්නුවේ විශ්වය තුළ ග්‍රහලෝක, තාරකා, මන්දාකිනි රැඳිලා තියෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා කියලයි. ඒ වගේම ඔහු ගණිත ශාස්ත්‍රයට ඇතුළත් කලනය කියන ගණිත ක්‍රමයත් හොයාගත්තා. පරිගණක වැඩසටහන් නිර්මාණය කරන්නත්, අභ්‍යවකාශ ගමන්වලටත්, න්‍යෂ්ටික භෞතික විද්‍යාවෙදිත් ඒක පාවිච්චි කරනවා. හැබැයි නිව්ටන් රස විද්‍යාවත් විශ්වාස කළා. ඒක ජ්‍යෝතිශය හරි සූත්‍ර හරි පාවිච්චි කරලා තඹ, පිත්තල වගේ ලෝහ රත්තරන්වලට හරවන්න පුළුවන් කියලා විශ්වාස කරන ගුප්ත විද්‍යාවක්.

නිව්ටන්ට අවුරුදු 1,500කට කලින් හිටිය ග්‍රීක තාරකා විද්‍යාඥයෙක් වන ටොලමි ඇස් දෙකෙන් විතරක් අහස දිහා බලලා සෑහෙන දේවල් හොයාගත්තා. රාත්‍රියේ අහස දිහා බලලා ග්‍රහලෝක පිහිටි තැන් ලකුණු කළා. සිතියම් අඳින්නත් ඔහු දක්ෂයෙක් වුණා. හැබැයි ඔහු විශ්වාස කළේ විශ්වයේ හරි මැද පොළොව පිහිටලා තියෙනවා කියලයි. ටොලමිගේ අදහස ගැන තාරකා විද්‍යාඥයෙක් වන කාල් සේගාන් මෙහෙම ලිව්වා. “විශ්වයේ හරි මැද පොළොව තියෙනවා කියන ඔහුගේ අදහස අවුරුදු 1,500ක් පුරා මිනිසුන් විශ්වාස කළත් ඒක වෙනස් වුණා. ඒකෙන් ඔප්පු වෙනවා ඔහු වගේ බුද්ධිමතුන්ටත් වරදිනවා කියලා.”

බයිබලය කියවන විද්‍යාඥයෙක්

අද ඉන්න විද්‍යාඥයන්ටත් ඒ වගේ අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. විශ්වයේ තියෙන හැම දෙයක් ගැනම පැහැදිලි කරන්න ඔවුන්ට පුළුවන්ද? විද්‍යාවේ දියුණුව නිසා ප්‍රයෝජනවත් වන දේවල් හුඟක් හොයාගෙන තියෙනවා කියලා පිළිගන්න පුළුවන් වුණත් විද්‍යාවට සීමාවන් තියෙනවා කියන එකත් මතක තියාගන්න ඕනේ. භෞතික විද්‍යාඥ පෝල් ඩේවීස් මෙහෙම කිව්වා. “විශ්වයේ තියෙන හැම දෙයක්ම තර්කානුකූලව පැහැදිලි කරන්න පුළුවන් න්‍යායක් හොයාගන්න උත්සාහ කරන එක අසාර්ථක වෑයමක්.” ඒකෙන් ඔප්පු වෙන්නේ අවට ලෝකය ගැන සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න මිනිසුන්ට බැහැ කියලයි. ඒ නිසා පවතින හැම දේකටම විද්‍යාවෙන් පිළිතුරු හොයාගන්න පුළුවන් කියලා සමහරු ස්ථිරවම කිව්වත් එහෙම නොවෙන්නත් පුළුවන් කියලා මතක තියාගන්න.

බයිබලයෙන් ලැබෙන මඟ පෙන්වීම් විද්‍යාවෙන් ලැබෙන්නේ නැහැ කියන එක පැහැදිලියි

අවට තියෙන පුදුම දේවල් ගැන බයිබලයේ මෙහෙම කියනවා. “අප මේ දකින්නේ දෙවිගේ බලවත් ක්‍රියාවලින් අල්පමාත්‍රයක් පමණි. ඔහුගේ මහත් හඬෙන් අපේ සවනට වැටෙන්නේ සිහින් නාදයක් පමණි.” (යෝබ් 26:14) මිනිසුන්ට අවබෝධ කරගන්න, පැහැදිලි කරගන්න බැරි අනන්ත අප්‍රමාණ දේවල් තියෙනවා කියන එක ඒකෙන් ස්ථිර වෙනවා. මීට අවුරුදු 2,000කට විතර කලින් යේසුස්ගේ නියෝජිතයෙක් වන පාවුල් කිව්ව දේ අදටත් සත්‍යයක්. ‘දෙවියන්ගේ ප්‍රඥාවත් දැනුමත් කොතරම් පුළුල්ද! ඔහු දේවල් තීරණය කරන ආකාරය සහ ඔහු අනුගමනය කරන ක්‍රියාමාර්ග තේරුම්ගැනීම කොතරම් අමාරුද!’—රෝම 11:33.

විද්‍යාවෙන් ලැබෙන්නේ නැති මඟ පෙන්වීම්

අවට ලෝකය ගැන විද්‍යාවෙන් දැනගන්න පුළුවන්. ඒ වුණත් සාමකාමී, ප්‍රීතිමත් සබඳතාවන් පවත්වගන්නත් තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නත් අවශ්‍ය ප්‍රතිපත්ති සහ මඟ පෙන්වීම් ලැබෙන්නේ බයිබලයෙනුයි. ඒකට උදාහරණ බලන්න.

  • නවතින්න කියලා සංඥා කරන අතක්

    අපරාධ වැළැක්වීමට

    ජීවිතය වටිනා දෙයක් හැටියට සලකන්න

    “මිනී නොමරන්න.”—නික්මයාම 20:13.

    “තම සහෝදරයාට වෛර කරන සෑම කෙනෙක්ම මිනී මරන්නෙකි.”—1 යොහන් 3:15.

    සාමය ඇති කරගන්න

    “නපුරට පිටු පා යහපත කරන්න. සමාදානය සොයා, එය ලුහුබඳින්න.”—ගීතාවලිය 34:14.

    “සමාදානය ඇති වන අයුරින් ක්‍රියා කරන අය එම සාමකාමී වාතාවරණය තුළ ධර්මිෂ්ඨකම නමැති පල නෙළාගනු ඇත.”—යාකොබ් 3:18.

    ප්‍රචණ්ඩත්වයෙන් වැළකෙන්න

    “යෙහෝවා දෙවි ධර්මිෂ්ඨයාව මෙන්ම දුෂ්ටයාවද සෝදිසි කර බලන්නේය. සැහැසියාවට කැමැත්තක් දක්වන අයට ඔහු ද්වේෂ කරන්නේය.”—ගීතාවලිය 11:5.

    “දාමරිකයන්ට ඊර්ෂ්‍යා නොකරන්න. ඔවුන්ගේ මාර්ගවල ගමන් නොකරන්න. මන්ද වංක තැනැත්තා යෙහෝවා දෙවිට පිළිකුලක්ය.”—හිතෝපදේශ 3:31, 32.

  • පවුලක්

    පවුලේ ප්‍රීතියට

    දෙමව්පියන්ට කීකරු වෙන්න

    “දරුවෙනි, දෙවිගේ කැමැත්තට එකඟව ඔබේ දෙමාපියන්ට කීකරු වන්න. මන්ද දෙමාපියන්ට කීකරු වීම දෙවි සලකන්නේ ධර්මිෂ්ඨ දෙයක් ලෙසටයි. ‘ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.’ . . . ‘එය ඔබේ යහපතට හේතු වෙයි. එවිට පොළොවෙහි බොහෝ කාලයක් ජීවත් වෙන්න ඔබට පුළුවන.’”—එෆීස 6:1-3.

    හරි විදිහට දරුවන්ට උගන්වන්න

    “ඔබේ දරුවන් තුළ කෝපයක් ඇති වන අයුරින් කටයුතු නොකරන්න. ඒ වෙනුවට යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් ලබා දීමෙන්ද දෙවි සිතන ආකාරයට සිතීමට ඉගැන්වීමෙන්ද ඔවුන්ව නිරතුරුව ඇතිදැඩි කරන්න.”—එෆීස 6:4.

    “ඔබේ දරුවන් තුළ කෝපයක් ඇති නොකරන්න. මන්ද එසේ කිරීමෙන් ඔවුන් තුළ කලකිරීමක් ඇති වේ.”—කොලොස්සි 3:21.

    ප්‍රේමයයි ගෞරවයයි පෙන්වන්න

    “ඔබ එකිනෙකා තමාට ප්‍රේම කරන ආකාරයටම තම භාර්යාවටද ප්‍රේම කළ යුතුයි. එලෙසම භාර්යාව තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දැක්විය යුතුයි.”—එෆීස 5:33.

  • ගහක්

    අවට පරිසරය සුරැකීම

    පුරාණ ඊශ්‍රායෙල් දේශය විවිධ ආකාරයෙන් දූෂ්‍ය කරපු අය ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. ‘දේශයේ වැසියෝ දේශය දූෂ්‍ය කර තිබේ. එහි වැසියෝ දඬුවම් විඳින්නෝය.’ (යෙසායා 24:5, 6) අවට පරිසරය දූෂණය කරන අයව දෙවියන් විනිශ්චය කරනවා. ඔහු ‘පොළොව විනාශ කරන අයව විනාශ කරනවා.’ (එළිදරව් 11:18) ඔවුන්ගේ ක්‍රියාවලට ඔවුන්ට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න