ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 10/1 3 පි.
  • යාච්ඤා කරන්නේ ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යාච්ඤා කරන්නේ ඇයි?
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යාච්ඤාව තුළින් දෙවිට ළංවීම
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • දෙවියන් එක්ක කතා කරන්න ඔයාටත් පුළුවන්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • යාච්ඤාවෙන් දෙවියන්ට ළං වෙන්න
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • දෙවියන් ඔයාට ඇහුම්කන් දෙන්න නම් යාච්ඤා කරන්න ඕනෙ කොහොමද?
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 10/1 3 පි.

මුල් පිටුවෙන් | යාච්ඤා කරන එකෙන් ප්‍රයෝජනයක් තියෙනවාද?

යාච්ඤා කරන්නේ ඇයි?

“මම සූදුවට ඇබ්බැහි වෙලා හිටිය කෙනෙක්. මාව දිනවන්න කියලා යාච්ඤා කෙරුවත් වැඩක් වුණේ නැහැ.”—කෙන්යාවේ, සැමුවෙල්.a

“ඉස්කෝලෙදි අපි කිව්වේ කටපාඩම් කරගත්ත යාච්ඤා.”—පිලිපීනයේ, ටෙරේසා.

“ප්‍රශ්න එද්දී මම යාච්ඤා කරනවා. ඒ වගේම වැරදිවලට සමාව දෙන්න කියලත් ක්‍රිස්තියානි ගුණාංග දියුණු කරගන්න උදව් කරන්න කියලත් ඉල්ලනවා.”—ඝානාවේ, මැග්ඩලීන්.

1. කෙනෙක් සූදුපොළක ඉඳගෙන යාච්ඤා කරනවා, 2. දැරියක් පාසැලේදී යාච්ඤා කරනවා, 3. කාන්තාවක් යාච්ඤා කරනවා

සැමුවෙල්, ටෙරේසා, මැග්ඩලීන් කිව්ව දේවලින් පේන්නේ විවිධ හේතුවලට මිනිසුන් යාච්ඤා කරනවා කියලයි. සමහර යාච්ඤාවලට හොඳ හේතු තියෙනවා. සමහරු මුළු හිතින්ම යාච්ඤා කරනවා. ඒත් සමහරුන්ගේ යාච්ඤා හරිම යාන්ත්‍රිකයි. කියන්නේ කටපාඩමින්. එක්කෝ ඒ අය යාච්ඤා කරන්නේ විභාගෙන් පාස් වෙන්න, කැමතිම ක්‍රීඩා කණ්ඩායම දිනවන්න නැත්නම් පවුල් ජීවිතයට දෙවියන්ගේ මඟ පෙන්වීම් ලබාගන්න. ඒ වගේ දේවලට යාච්ඤා කරන්න ඕන කියලා හුඟදෙනෙක්ට හැඟෙනවා. සමීක්ෂණවලින් පෙන්වන්නේ ආගමික විශ්වාසයන් නැති අය පවා යාච්ඤා කරනවා කියලයි.

ඔයා යාච්ඤා කරනවාද? එහෙමනම් මොනවා ගැනද යාච්ඤා කරන්නේ? යාච්ඤා කරන එක ඔයාගේ පුරුද්දක් වුණත් නැතත් මෙහෙම කල්පනා කරනවා ඇති. ‘යාච්ඤා කරන එකෙන් යහපතක් වෙයිද? මං කරන යාච්ඤාව කවුරු හරි අහගෙන ඉන්නවාද?’ යාච්ඤාව කියන්නේ “සුරතල් මාළුවෙක් දිහා බලාගෙන කතා කරලා . . . හිත සනසගන්න කරන ප්‍රතිකාරයක් වගේ දෙයක්” කියලා ලේඛකයෙක් කිව්වා. “යාච්ඤාව හිතට සුවය ගෙනෙන ප්‍රතිකාරයක්” කියලා වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න සමහරු හිතනවා. සමහර අය යාච්ඤා කරන්නේ පුරුද්දටද? නැත්නම් හිතට සුවයක් ලැබෙන ප්‍රතිකාරයක් කියලා හිතාගෙනද?

ඒත් බයිබලයේ යාච්ඤාව ගැන කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. හරි විදිහට හරි දේවල් වෙනුවෙන් කරන යාච්ඤාවලට කෙනෙක් සවන් දෙනවා කියලා ඒකේ කියනවා. ඒක ඇත්තද? ඒ ගැන සාක්ෂි බලමු.

a සමහර නම් වෙනස් කර ඇත.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න