ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 12/1 4-5 පි.
  • තේරුම්ගන්න පුළුවන්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තේරුම්ගන්න පුළුවන්ද?
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ලියලා තියෙන්නේ තේරුම්ගන්න පුළුවන් විදිහට
  • කොයි කාටත් ලබාගන්න පුළුවන්
  • බයිබලය කියන්නේ මොකක්ද?
    බයිබලයෙන් උත්තර
  • කියවන්න වටින පොතක්!
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි අනුමත කරන සත්‍යය සොයාගත හැකි තැන
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබලය දෙවියන්ගෙන් ලැබුණ පොතක්
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
තව තොරතුරු
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 12/1 4-5 පි.
බයිබලය පොතකින් හා ෆෝන් එකෙන් කියවනවා

මුල් පිටුවෙන් | බයිබලය තේරුම්ගන්න පුළුවන් පොතක්

තේරුම්ගන්න පුළුවන්ද?

බයිබලය කොච්චර පැරණි පොතක්ද? ඒක ලියන්න පටන්ගත්තේ මීට අවුරුදු 3,500කට විතර කලින් මැදපෙරදිග රටවල. ඒ කියන්නේ චීනයේ මුල්ම රාජවංශය වන ෂැංග් පාලනය පැවති කාලයේ. ඉන්දියාවේ බෞද්ධාගම ඇති වෙන්නත් අවුරුදු 1,000කට විතර කලින්.—“බයිබලය ගැන තොරතුරු” යන කොටුව බලන්න.

ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට බයිබලයේ උත්තර තියෙනවා

පොතකින් ප්‍රයෝජන ගන්න නම් ඒකේ තියෙන තොරතුරු තේරෙන්න ඕනේ. බයිබලය ඒ වගේ පොතක්. ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට ඒකේ උත්තර තියෙනවා.

උදාහරණෙකට ‘ජීවිතයේ හරය මොකක්ද’ කියලා ඔයා හිතලා තියෙනවාද? අවුරුදු දහස් ගාණක් තිස්සේ මිනිසුන් ඒකට උත්තර හෙව්වත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒත් බයිබලයේ මුල් පොත වන උත්පත්ති පොතේ මුල් පරිච්ඡේද දෙකේ ඒකට උත්තර තියෙනවා. අවුරුදු බිලියන ගාණකට කලින් මන්දාකිනි, තාරකා සහ පෘථිවිය ඇතුළු මේ මුළු විශ්වයම ආරම්භ වුණ විදිහ ඒකේ කියනවා. (උත්පත්ති 1:1) ඒ විතරක් නෙවෙයි පෘථිවිය ක්‍රමානුකූලව ජීවීන්ගේ වාසය සඳහා සුදුසු තත්වයට පත් වුණ විදිහ ගැනත් මිනිසුන්ගේ ආරම්භය ගැනත් කියනවා. හැම දේම මේ විදිහට නිර්මාණය කරන්න හේතුව ගැනත් ඒකෙන් දැනගන්න පුළුවන්.

ලියලා තියෙන්නේ තේරුම්ගන්න පුළුවන් විදිහට

අපි එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න පුළුවන් මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා. ඒවා පහසුවෙන්ම තේරුම්ගන්න පුළුවන්. එහෙම කියන්න හේතු දෙකක් බලමු.

පළවෙනි එක තමයි බයිබලය ලියලා තියෙන විදිහ. ඒක ලියලා තියෙන්නේ පැහැදිලිව හා සිත්ගන්නා විදිහට. කියන්න ඕන දේ කෙළින්ම කියලා තියෙනවා. වැල්වටාරම්, බර වචන නැහැ. හිතට කාවදිනවා. ගැඹුරු කාරණා වුණත් පැහැදිලි කරලා තියෙන්නේ එදිනෙදා අපි පාවිච්චි කරන වචනවලින්.

උදාහරණෙකට, හදවතට කාවදින පාඩම් උගන්වන්න යේසුස් යොදාගත්තේ මිනිසුන්ට හුරු පුරුදු සරල උදාහරණයි. ඒවායින් වැඩි හරියක් යේසුස් කිව්වේ ප්‍රසිද්ධ දේශනයක් වන කන්ද උඩ දේශනයේදී. බයිබලයේ මතෙව් 5 සිට 7 දක්වා පරිච්ඡේදවල සඳහන් ඒ දේශනය ගැන විචාරකයෙක් මෙහෙම කිව්වා. “කන්ද උඩ දේශනය, තොරතුරුවලින් අපේ මනස් පුරවන එකක් නෙමෙයි අපේ ජීවිතවලට අදාළ කරගන්න පුළුවන් මඟ පෙන්වීම් තියෙන දේශනයක්.” ඒ පරිච්ඡේද කියවන්න ඔයාට ගත වෙන්නේ විනාඩි 15ක් 20ක් වගේ පුංචි වෙලාවක්. ඒත් ඒක කියවද්දී ඔයා දකියි යේසුස් පාවිච්චි කරපු වචන සරල වුණත් කොච්චර ප්‍රබලද කියලා.

අනිත් හේතුව තමයි ඒකේ තියෙන තොරතුරු පහසුවෙන්ම තේරුම්ගන්න පුළුවන් එක. බයිබලය මිථ්‍යා තොරතුරු, ප්‍රබන්ධ කථා තියෙන පොතක් නෙමෙයි. ඒ ගැන විශ්වකෝෂයක මෙහෙම කියනවා. “සමාජයේ උසස් මිනිසුන් ගැනත් සාමාන්‍ය මිනිසුන් ගැනත් ඒකේ තියෙනවා. ඔවුන් මුහුණ දුන්න කටුක අද්දැකීම්, ඔවුන්ට තිබුණ බලාපොරොත්තු, වැරදුණු තැන්, ලබපු ජයග්‍රහණ වගේ දේවල් සඳහන් වෙනවා.” (The World Book Encyclopedia) බයිබලයේ තියෙන්නේ සැබෑ සිද්ධීන් නිසා ඒවා පහසුවෙන් තේරුම්ගන්නත් වටිනා පාඩම් ඉගෙනගන්නත් අපිට පුළුවන්.—රෝම 15:4.

කොයි කාටත් ලබාගන්න පුළුවන්

පොතක තියෙන දේවල් තේරුම්ගන්න නම් ඒක ඔයා දන්න භාෂාවකින් තියෙන්න ඕනේ. අද ඔයා කොයි රටේ හිටියත් කොයි ජාතියකට අයිති වුණත් ඔයාට තේරුම්ගන්න පුළුවන් භාෂාවකින් බයිබලය ලබාගන්න පුළුවන්. ඒක අපේ අතට පත් කරන්න මොන තරම් වෙහෙසක් දරලා තියෙනවාද කියලා බලන්න.

පරිවර්තනය. බයිබලය මුලින්ම ලිව්වේ හෙබ්‍රෙව්, ඇරමයික සහ ග්‍රීක භාෂාවලින්. ඒ නිසා ඒක කියවන්න පුළුවන් වුණේ ටිකදෙනෙක්ට විතරයි. බයිබලය වෙනත් භාෂාවලට පරිවර්තනය කරන්න පරිවර්තකයන් සෑහෙන වෙහෙසක් දැරුවා. ඒ වෑයම නිසා බයිබලය දැන් සම්පූර්ණයෙන්ම හරි කොටස් වශයෙන් හරි භාෂා 2,700කින් විතර තියෙනවා. ඒ කියන්නේ ලෝක ජනගහනයෙන් 90%කට වැඩි පිරිසකට තමන්ගෙම භාෂාවෙන් බයිබලය කියවන්න පුළුවන්.

පළ කිරීම. මුලින්ම බයිබලය ලියලා තිබුණේ දිරාපත් වෙලා යන පැපිරස් කඩදාසි සහ සත්ව හම්වලයි. ඒවායේ පිටපත් අනිත් අයගේ අතට පත් කරන්න හුඟක් පරෙස්සමින් අතින්ම ලියන්න සිද්ධ වුණා. ඒ පිටපත් මිල අධික නිසා ඒවා ලබාගන්න පුළුවන් වුණේ ටිකදෙනෙක්ටයි. මීට අවුරුදු 550කට කලින් ගුටන්බර්ග් මුද්‍රණ ක්‍රමය හොයාගත්තාට පස්සේ බයිබල් පිටපත් පළ කරන එක වේගයෙන් වැඩි වුණා. එක සංඛ්‍යා ලේඛනයකට අනුව බයිබලය සම්පූර්ණයෙන්ම හරි කොටස් වශයෙන් හරි බිලියන 5කට වඩා බෙදාහැරලා තියෙනවා.

වෙන කිසිම ආගමික පොතක් බයිබලයට සම කරන්න බැහැ. ඒක ලියලා තියෙන්නේ තේරුම්ගන්න පුළුවන් විදිහටයි. ඒත් ඒක නිවැරදිව තේරුම්ගන්න එක අභියෝගයක් නම් උදව් ලබාගන්න පුළුවන්. ඒ කොහෙන්ද? ලැබෙන්නේ මොන වගේ ප්‍රයෝජනද? ඒ ගැන දැනගන්න ඊළඟ ලිපිය කියවලා බලන්න.

බයිබලය ගැන තොරතුරු

  • බයිබලය පුංචි පොත් 66ක එකතුවක්.

  • බයිබලයේ ඉතිහාස වාර්තා, නීති, අනාවැකි, කවි, හිතෝපදේශයන්, ගීතිකා සහ ලිපි අඩංගුයි.

  • බයිබලය ලියන්න පටන්ගත්තේ ක්‍රි.පූ. 1513දී. ලියලා ඉවර කෙරුවේ ක්‍රි.ව. 98දී. ලියන්න අවුරුදු 1,600කට වඩා වැඩි කාලයක් ගත වුණා.

  • දෙවියන්ගේ බලයේ උපකාරයෙන් 40දෙනෙක් විතර බයිබලය ලිව්වා.

සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?

ජීවයේ ආරම්භය ගැන වැඩි විස්තර දැනගන්න ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’ කියන සඟරාව බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. www.pr418.com/si වෙබ් අඩවියෙත් තිබෙනවා.

බයිබලය - එහි පණිවිඩය කුමක්ද?

බයිබලය ගැන වැඩි විස්තර දැනගන්න ‘බයිබලය - එහි පණිවිඩය කුමක්ද?’ කියන සඟරාව බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. www.pr418.com/si වෙබ් අඩවියෙත් තිබෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න