ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp16 අංක 1 15 පි.
  • කනස්සලු වෙන්න එපා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කනස්සලු වෙන්න එපා
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • මතෙව් 6:34 - “හෙට දවස ගැන කනස්සලු නොවෙල්ලා”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • අදට පමණක් ජීවත් නොවන්න
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කනස්සල්ලක් ඇති වෙද්දී කරන්න පුළුවන් මොනවාද?
    යොවුන් සිතේ ගැටලු
  • කනස්සල්ලට හේතු වෙන හැම බරක්ම යෙහෝවා දෙවිට භාර දෙන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp16 අංක 1 15 පි.

අදටත් ගැළපෙන එදා නුවණ

කනස්සලු වෙන්න එපා

බයිබල් ප්‍රතිපත්තිය: “ඔබේ ජීවිත ගැන . . . කනස්සලු නොවන්න.”—මතෙව් 6:25.

බිලක් දිහා කනස්සල්ලෙන් බලාගෙන ඉන්න කාන්තාවක්

ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? යේසුස් ඒක කිව්වේ ප්‍රසිද්ධ දේශනයකදී. “කනස්සලු වෙනවා” කියලා පරිවර්තනය කරපු ග්‍රීක ක්‍රියා පදයෙන් “කෙනෙක් එදිනෙදා ජීවිතයේදී අද්දකින දුප්පත්කම, කුසගින්න වගේ කරදරවලට දක්වන ප්‍රතිචාරය” අදහස් වෙන්න පුළුවන් කියලා බයිබල් ශබ්දකෝෂයක කියනවා. හුඟක් වෙලාවට අපි කනස්සලු වෙන්නේ අනාගතයේ මොනවා වෙයිද කියලා හිතලා. අපේ අවශ්‍යතා ගැන, අපි ආදරය කරන අයගේ යහපත ගැන හිතන එක වැරදි නැහැ. (ෆිලිප්පි 2:20) ඒත් “කිසිවිටක කනස්සලු නොවන්න” කියලා යේසුස් ගෝලයන්ට උපදෙස් දුන්නේ කනස්සලු වෙන එකෙන් ඔවුන්ව වළක්වන්නයි. හෙට ගැන අනවශ්‍ය බයක් ඇති කරගත්තොත් අද දවස සතුටින් ගත කරන්න බැරි වෙනවා.—මතෙව් 6:31, 34.

අදට ගැළපෙනවාද? යේසුස්ගේ උපදෙස පිළිපදින එක නැණවත් දෙයක්. කෙනෙක් ඕනෑවට වඩා කනස්සලු වෙවී ඉන්නවා නම් ඔහුගේ ස්නායු පද්ධතිය අනවශ්‍ය විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒක “හෘද රෝග, ඇදුම, ශරීර අභ්‍යන්තරයේ හා පිටත තුවාල ඇති වීම” වගේ සෞඛ්‍ය ගැටලු ඇති වෙන්නත් ඒවා වැඩි වෙන්නත් බලපානවා කියලා කනස්සල්ල ගැන විස්තර කරන පොත්වල තියෙනවා.

අනවශ්‍ය කනස්සල්ලෙන් වැළකෙන්න ඕන ඇයි කියලා පෙන්වන්න යේසුස් මෙහෙම ඇහුවා. “කනස්සලු වුණා කියා තම ආයු කාලය දවසකින්වත් දික් කරගන්න ඔබ අතරෙන් කාටවත් පුළුවන්ද?” (මතෙව් 6:27) කනස්සලු වුණා කියලා අපේ කරදර නැති වෙන්නේ නැහැ. ඇත්තටම කනස්සලු වෙන එක නිෂ්ඵල දෙයක්. මොකද හුඟක් වෙලාවට අපි හිතන තරම්ම තත්වය නරක අතට හැරෙන්නේ නැහැ. ප්‍රවීණයෙක් කිව්වේ “අනාගතයේ ඇති වන කරදර ගැන කනස්සලු වෙවී ඉන්න එක තේරුමක් නැහැ. අපි බය වෙන තරමටම ඒ කරදර නරක අතට හැරෙන්නේ නැහැ” කියලයි.

වත්තේ වැඩ කරන කාන්තාවක්

කනස්සලු නොවී ඉන්න පුළුවන් කොහොමද? මුලින්ම, දෙවියන්ව විශ්වාස කරන්න. ඔහු කුරුල්ලන්ට ආහාර, මල්වලට අලංකාරය සපයනවා නම් ඔහුගේ නමස්කාරයට මුල් තැන දෙන මිනිසුන්ගේ අවශ්‍යතා සපයන්නේ නැතුව ඉඳියිද? (මතෙව් 6:25, 26, 28-30) ඊළඟට, අද දවසේ කරදර ගැන විතරක් හිතන්න. යේසුස් කිව්වේ “හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසෙත් කරදර තිබෙයි” කියලයි. ‘හැම දවසකම කරදර තියෙනවා’ කියන එකට ඔයා එකඟ වෙන්නේ නැද්ද?—මතෙව් 6:34.

යේසුස්ගේ නැණවත් උපදෙස අදාළ කරගන්නවා නම් සෞඛ්‍යයට වෙන හානි වළක්වාගන්නත් “දෙවි ලබා දෙන සමාදානය” අද්දකිමින් හිත සන්සුන් කරගන්නත් පුළුවන්.—ෆිලිප්පි 4:6, 7.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න