ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp16 අංක 2 5-7 පි.
  • යේසුස් දුක් වේදනා විඳලා මැරුණේ ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් දුක් වේදනා විඳලා මැරුණේ ඇයි?
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • වැරදුණේ කොතනද?
  • දෙවියන් කරලා තියෙන දේ
  • යේසුස් දරුණු වේදනා විඳලා මැරුණේ ඇයි?
  • ඔයාට ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද?
  • “යේසුස් ගළවයි!”—ඒ කෙසේද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් මැරුණේ ඇයි?
    බයිබලයෙන් උත්තර
  • යේසුස්ගේ මරණය සහ නැවත නැඟිටීම ඔබට වැදගත්ද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නැවත නැඟිටීම විශ්වාස කළ හැකිද?
    2008 පිබිදෙව්!
තව තොරතුරු
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp16 අංක 2 5-7 පි.
විවිධ ජාතීන් පාරාදීසයේ සතුටින් ඉන්නවා

මුල් පිටුවෙන්

යේසුස් දුක් වේදනා විඳලා මැරුණේ ඇයි?

“එක් මිනිසෙකු [ආදම්] පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි.”—රෝම 5:12

ආදම් සහ ඒව නොකන්න කියලා අණ කරපු ගහේ ගෙඩියක් දිහා බලාගෙන ඉන්නවා; ආදම් සහ ඒව මහලු වයසේ; මිනියක් කනත්තට ගෙනියනවා

“සදාකාලයටම ජීවත් වෙන්න ඔයා කැමතිද?” ඒ ප්‍රශ්නෙට ඔයා මොන වගේ උත්තරයක් දෙයිද? කැමතියි කියලා හුඟක් අය කිව්වත් ඒක වෙන්න බැරි දෙයක්නේ කියලා කියයි. මොකද ඉපදුණොත් මැරෙනවා කියලයි ඒ අය කියන්නේ.

හැබැයි ඔයාගෙන් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා කියලා හිතන්න. “ඔයා මැරෙන්න කැමතිද?” වැඩිදෙනෙක් කියයි නැහැ කියලා. ඒකෙන් පේන්නේ මොකක්ද? ප්‍රශ්න ගැටලුවලට මුහුණ දුන්නත් අපි හැමෝම ආස ජීවත් වෙන්න. බයිබලයෙත් කියන්නේ දෙවියන් මිනිසුන්ව නිර්මාණය කෙරුවේ ජීවත් වීමේ ආසාව ඇතුව කියලයි. ඒකේ කියනවා “සදාකල් ජීවත් වීමේ ආශාව මිනිසාගේ සිතෙහි තබා ඇත” කියලා.—දේශනාකාරයා 3:11.

ඒත් ඇත්ත තත්වය කවුරුත් සදහටම ජීවත් වෙන්නේ නැහැ කියන එකයි. වැරදුණේ කොතනද? තත්වය හරිගස්සන්න දෙවියන් මොනවා හරි කරලා තියෙනවාද? ඒ ප්‍රශ්නවලට බයිබලයේ දෙන උත්තරවලින් සහනයක් ලැබෙනවා වගේම යේසුස් දුක් විඳලා මැරුණේ ඇයි කියලත් පැහැදිලි වෙනවා.

වැරදුණේ කොතනද?

බයිබලයේ උත්පත්ති පොතේ මුල් පරිච්ඡේද තුනේ මුල්ම යුවළ වන ආදම් සහ ඒවට සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුවත් ඒක අත් කරගන්න නම් කරන්න ඕන දේවලුත් දෙවියන් කිව්වා කියලා සඳහන් වෙනවා. හැබැයි ඒ අය දෙවියන්ට අකීකරු වෙලා ඒ බලාපොරොත්තුව අහිමි කරගත්තා කියලත් ඒකේ කියනවා. ඒ වාර්තාව ලියලා තියෙන්නේ වැඩි විස්තරයක් නැතුව. ඒ හින්දා සමහරු කියනවා ඒක ප්‍රබන්ධ කථාවක් කියලා. ඒත් සුවිශේෂ පොත්වල වගේම උත්පත්ති පොතේ සඳහන් දේවලුත් නිවැරදි ඓතිහාසික වාර්තා කියන එකට සාක්ෂි තියෙනවා.a

ආදම් අකීකරු වුණ එකෙන් ඇති වුණ ප්‍රතිඵලය මොකක්ද? බයිබලයේ කියන්නේ “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය” කියලයි. (රෝම 5:12) දෙවියන්ට අකීකරු වෙලා ආදම් පව් කෙරුවා. ඒ නිසා සදහටම ජීවත් වීමේ අවස්ථාව අහිමි කරගත්ත ඔහු මිය ගියා. ඔහුගෙන් පැවතෙන අපිටත් ඒ පව්කාර තත්වය උරුම වුණා. අපි ලෙඩ වෙලා මහලු වෙලා මැරෙන්නේ ඒ නිසයි. මේක හරියට දෙමව්පියන්ගේ ගතිලක්ෂණ දරුවන්ට උරුම වෙනවා වගේ. මේ තත්වය හරිගස්සන්න දෙවියන් මොනවා හරි කරලා තියෙනවාද?

දෙවියන් කරලා තියෙන දේ

ආදම්ගෙන් පැවතෙන අයට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ආපහු ලබා දෙන්න දෙවියන් ක්‍රියාමාර්ගයක් යෙදුවා. ඒක කෙරුවේ කොහොමද?

“පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි” කියලා බයිබලයේ රෝම 6:23 කියනවා. ඒ කියන්නේ පාපය නිසා ඇති වන ප්‍රතිඵලය මරණයයි. ආදම් පව් කරපු නිසයි මැරුණේ. අපිත් පව් කරන නිසා පාපයේ කුලිය හැටියට මරණය අද්දකිනවා. අපි වරදක් කෙරුවේ නැතත් උපදින්නේ ඒ පාපය උරුම කරගෙන. ඒ නිසා අපිට උරුම වුණ ‘පාපයේ කුලිය’ ගෙවන්න දෙවියන් ඔහුගේ පුත්‍රයා වන යේසුස්ව එව්වා. දෙවියන්ට ඔහුවම එවන්න අවශ්‍ය වුණේ ඇයි?

විවිධ ජාතීන් පාරාදීසයේ සතුටින් ඉන්නවා

යේසුස්ගේ මරණය මගින් සදහටම ප්‍රීතියෙන් ජීවත් වීමට මඟ විවෘත වුණා

පව් කරන්න කලින් ආදම් පරිපූර්ණ කෙනෙක්. ඒත් දෙවියන්ට අකීකරු වුණ නිසා පරිපූර්ණත්වය නැති වෙලා ඔහුට පාපයත් මරණයත් උරුම වුණා. ඒ පාපයේ කුලිය ගෙවන්න මරණය දක්වාම කීකරු වෙන පරිපූර්ණ කෙනෙක් අවශ්‍ය වුණා. බයිබලයේ කියන්නේ “එක මිනිසෙකු අකීකරු වූ නිසා බොහෝදෙනෙකුව වරදකරුවන් ලෙස ගණන් ගනු ලැබීය. එලෙසම එක් කෙනෙකුගේ කීකරුකම නිසා බොහෝදෙනෙකුව ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු ලැබේ” කියලයි. (රෝම 5:19) කීකරු වුණ ඒ ‘කෙනා’ තමයි යේසුස්. ස්වර්ගයේ ඉඳලා මේ පොළොවට ඔහු ආවේ පරිපූර්ණ කෙනෙක් හැටියටයි.b ඊටපස්සේ ඔහු අපි වෙනුවෙන් මිය ගියා. ඒ නිසා අපිට දෙවියන් ඉදිරියේ ධර්මිෂ්ඨ අය වෙන්නත් සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව ඉන්නත් පුළුවන්.

යේසුස් දරුණු වේදනා විඳලා මැරුණේ ඇයි?

ඒ සඳහා යේසුස්ට මැරෙන්න සිද්ධ වුණේ ඇයි? ආදම්ගෙන් පැවතෙන අයට පව්කාර තත්වයේ ඉද්දිම සදහටම ජීවත් වෙන්න නියම කරන්න සියලු බලැති දෙවියන්ට බැරි වුණාද? පුළුවන්කම තිබුණා. ඒත් ඔහු එහෙම කෙරුවා නම් පාපයේ කුලිය මරණයයි කියලා ඔහු දුන්න නීතියට පටහැනි වෙනවා. ඒක නොසලකාහරින්නවත් පහසුවට වෙනස් කරගන්නවත් පුළුවන් සුළු නීතියක් නෙමෙයි. යුක්තිය ඉටු වෙන්න නම් ඒ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.—ගීතාවලිය 37:28.

මේ සිද්ධියෙදී දෙවියන් යුක්තිය ඉටු නොකෙරුවා නම් අනිත් කාරණාවලදිත් ඔහු එහෙම කරයි කියලා මිනිස්සු හිතන්න ඉඩ තිබුණා. උදාහරණෙකට ආදම්ගෙන් පැවතෙන අයගෙන් සදහටම ජීවත් වෙන්නේ කවුද කියලා දෙවියන් තීරණය කෙරුවා නම් ඔහු සාධාරණ කෙනෙක් වෙයිද? ඔහු පොරොන්දු ඉටු කරයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද? අපිට ගැලවීම ලබා දෙන්න දෙවියන් යුක්තිය ක්‍රියාත්මක කරපු එකෙන් ඔහු හැම වෙලාවෙම හරි දේ කරනවා කියන සහතිකය දුන්නා.

යේසුස්ගේ ජීවිත පූජාව මගින් පාරාදීස පොළොවක සදහටම ජීවත් වෙන්න දෙවියන් මිනිසුන්ට මඟ විවර කෙරුවා. යොහන් 3:16 යේසුස් මෙහෙම කිව්වා. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.” යේසුස්ගේ මරණයෙන් දෙවියන් යුක්තිසහගතයි කියලත් මිනිසුන්ට හුඟක් ආදරෙයි කියලත් ඔප්පු වෙනවා.

ඒත් සුවිශේෂවල කියන විදිහට යේසුස්ට ඒ තරම්ම දුක් විඳලා මැරෙන්න සිද්ධ වුණේ ඇයි? යක්ෂයා කිව්වේ පීඩා එද්දී මිනිසුන් දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නේ නැහැ කියලයි. ඒත් දරන්න අමාරු පීඩාවන්ට යේසුස් මුහුණ දීලා විශ්වාසවන්තව හිටපු එකෙන් පෙන්නුවා සාතන් කිව්ව දේ බොරුවක් කියලා. (යෝබ් 2:4, 5) සාතන් පරිපූර්ණ ආදම්ව පාපයට පෙලඹෙව්වාම ඔහු කිව්ව දේ සත්‍යයක් වගේ පේන්න තිබුණා. ඒත් පරිපූර්ණ යේසුස් දරුණු පීඩා මැද වුණත් දෙවියන්ට කීකරු වුණා. (1 කොරින්ති 15:45) ඒකෙන් ඔහු ඔප්පු කෙරුවේ ආදම්ටත් දෙවියන්ට කීකරුව ඉන්න පුළුවන්කම තිබුණා කියලයි. පීඩා විඳදරාගෙන යේසුස් අපිට හොඳ ආදර්ශයක් තිබ්බා. (1 පේතෘස් 2:21) තමන්ගේ පුත්‍රයා සම්පූර්ණයෙන්ම කීකරු වුණ නිසා දෙවියන් ඔහුට ස්වර්ගයේ අමරණීය ජීවිතය ලබා දුන්නා.

ඔයාට ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද?

යේසුස්ගේ මරණය ඇත්තටම සිද්ධ වුණ දෙයක්. ඒ නිසා සදාකාල ජීවනයට මඟ විවෘත වුණා. ඔයා කැමතිද සදාකාලයටම ජීවත් වෙන්න? කරන්න ඕන දේ ගැන යේසුස් කිව්වේ මෙහෙමයි. “සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීමයි.”—යොහන් 17:3.

මේ සඟරාව පළ කරන අය ඔයාට ඇරයුම් කරනවා සැබෑ දෙවියන් වන යෙහෝවා ගැනත් ඔහුගේ පුතා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් තවත් දැනගන්න කියලා. ඔයාට උදව් කරන්න ඔයාගේ ප්‍රදේශයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සතුටුයි. තවත් තොරතුරු දැනගන්න අපේ www.pr418.com වෙබ් අඩවියට පිවිසෙන්නත් ඔයාට පුළුවන්.

a 2011 ජනවාරි 1 ‘මුරටැඹ’ සඟරාවේ 4වෙනි පිටුවේ තියෙන “ඒදන් උයන ඇත්තටම තිබුණාද?” කියන ලිපිය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

b දෙවියන් ස්වර්ගයේ හිටිය ඔහුගේ පුතාගේ ජීවිතය මරියාගේ කුස තුළ වැඩෙන්න සැලැස්සුවා. මරියාට උරුම වෙලා තිබුණ පාපය යේසුස්ට උරුම නොවෙන විදිහට දෙවියන්ගේ බලයෙන් ඔහුව ආරක්ෂා කෙරුවා.—ලූක් 1:31, 35.

යේසුස්ගේ මරණය සිහි කරද්දී අතින් අත යවන මුහුන් නොදැමූ රොටි

“මේ දේ නොකඩවා කරන්න”

යේසුස් මැරුණ දාට කලින් රාත්‍රියේ ඔහුගේ විශ්වාසවන්ත නියෝජිතයන් එක්ක රැස් වෙලා ඔහුගේ ජීවිත පූජාව සිහි කරන එක ආරම්භ කෙරුවා. ඒ වෙලාවේ ඔහු ඔවුන්ට කිව්වේ “මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න” කියලයි. (ලූක් 22:19) ඒ අණට කීකරු වෙලා ලෝකේ පුරා ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැම අවුරුද්දකම යේසුස්ගේ මරණය සිහි කරන්න රැස් වෙනවා. ගිය අවුරුද්දේ ඒකට 1,98,62,783ක් ආවා.

මේ අවුරුද්දේ ඒක සිහි කරන්නේ මාර්තු 23වෙනි බදාදා හිරු බැස යෑමෙන් පසුවයි. ඔයාත් ඔයාගේ පවුලේ අයත් යාළුවොත් බයිබල් දේශනයකට සවන් දෙන්න එන්න. එදාට යේසුස්ගේ මරණයේ වැදගත්කම ගැනත් ඒකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන ගැනත් දැනගන්න පුළුවන්. එන අයගෙන් මුදල් අය කරන්නේ නැහැ. ඔයාගේ ප්‍රදේශයේ ඒක තියෙන තැන හා වෙලාව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්ගෙන් දැනගන්න. නැත්නම් www.pr418.com/si කියන අපේ වෙබ් අඩවියට ගිහින් බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න