ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp16 අංක 2 16 පි.
  • බයිබලයේ කියන්නේ මොනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලයේ කියන්නේ මොනවාද?
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යක්ෂයා කියන්නේ කවුද?
  • මිනිසුන්ව පාලනය කරන්න යක්ෂයාට පුළුවන්ද?
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් මෙන් “යක්ෂයාට විරුද්ධ වන්න”
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යක්ෂයා යනු මිථ්‍යා විශ්වාසයක්ද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට පුළුවන් සාතන්ව පරාජය කරන්න
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp16 අංක 2 16 පි.
වරදකට අහු කරගන්න හැදුවත් යේසුස් සාතන්ට අහු වුණේ නැහැ

බයිබලයේ කියන්නේ මොනවාද?

යක්ෂයා කියන්නේ කවුද?

ඔයා කියන්නේ මොකක්ද? යක්ෂයා . . .

  • නොපෙනෙන කෙනෙක්ද?

  • කෙනෙක් තුළ තියෙන නපුරු සිතුවිල්ලක්ද?

  • මිනිසුන් හිතෙන් හදාගත්ත කෙනෙක්ද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

යක්ෂයා යේසුස් එක්ක කතා කරලා ඔහුව ‘වරදකට අහු කරගන්න හැදුවා.’ (මතෙව් 4:1-4) ඒ නිසා යක්ෂයා හිතෙන් හදාගත්ත කෙනෙක්වත් නපුරු සිතුවිල්ලක්වත් නෙවෙයි. නොපෙනෙන බලවත් දුෂ්ට කෙනෙක්.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • යක්ෂයා කලින් ශුද්ධ දේවදූතයෙක්. ඒත් “ඔහු සත්‍යයට ඇලී සිටියේ නැහැ.” (යොහන් 8:44) ඔහු බොරු කියලා දෙවියන්ට විරුද්ධව කැරලිගැහුවා.

  • සාතන්ගේ කැරලිගැහීමට තවත් දේවදූතයන් එකතු වුණා.—එළිදරව් 12:9.

  • යක්ෂයා හුඟක් මිනිසුන්ගේ මනස් අන්ධ කරලා තමන් ඉන්නවා කියන එක සඟවලා තියෙනවා.—2 කොරින්ති 4:4.

මිනිසුන්ව පාලනය කරන්න යක්ෂයාට පුළුවන්ද?

සමහරු කියනවා යක්ෂයා පාලනය කරනවා කියන එක බොරුවක් කියලා. තවත් අය බය වෙනවා තමන්ට යක්ෂයා ආවේශ වෙයි කියලා. ඔයා මොකක්ද හිතන්නේ?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

‘මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්ව තිබෙනවා.’ (1 යොහන් 5:19) මුළු මිනිස් වර්ගයාටම බලපෑමක් කෙරුවත් යක්ෂයා එක් එක් කෙනාව පාලනය කරන්නේ නැහැ.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • බලපෑම වැඩි කරන්න යක්ෂයා මිනිසුන්ව නොමඟ යවනවා.—2 කොරින්ති 11:14.

  • මිනිසුන්ට ආවේශ වෙලා ඔවුන්ව පාලනය කරන්නත් භූතයන්ට පුළුවන්.—මතෙව් 12:22.

  • දෙවියන්ගේ උදව්වෙන් සාර්ථකව ‘යක්ෂයාට විරුද්ධ වෙන්න’ ඔයාට පුළුවන්.—යාකොබ් 4:7.

වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ 10වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.pr418.com/si වෙබ් අඩවියෙත් තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න