ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w16 අප්‍රියෙල් 32 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • අතීතයේදී භාවිත වුණු මුද්‍රාවන්
    තවත් ලිපි
  • අප ඔහුගේ දරුවන් බව අපට දන්වන්නේ දෙවියන්ගේ බලයයි
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ බලය අප ඔහුගේ දරුවන් බව දන්වයි
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w16 අප්‍රියෙල් 32 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

දෙවිගේ බලය අභිෂේක ලත් අයට “සාක්ෂියක්” දෙන්නෙත් “මුද්‍රාවක්” සපයන්නෙත් මොනවා සඳහාද?—2 කොරි. 1:21, 22.

කෙනෙක් ලියවිල්ලක මැටි මත මුද්දකින් මුද්‍රාවක් තියෙනවා

අතීතයේදී යම් ලියවිල්ලක අව්‍යජ බව තහවුරු කළේ ලාකඩ හෝ මැටි මත මුද්දකින් මුද්‍රාවක් තියලයි

සාක්ෂිය: 2 කොරින්ති 1:22 “සාක්ෂිය” හැටියට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනය එක පොතක මෙහෙම විස්තර කරනවා. “ඒක නීතික නැත්නම් ව්‍යාපාරික දේවලදී පාවිච්චි කරන යෙදුමක්. ඒකට මුල් වාරිකය, තැන්පතුව, අත්තිකාරම, පොරොන්දුව කියන අදහස් ඇතුළත්. යම් දෙයක් මිල දී ගද්දී අත්තිකාරමක් ගෙව්වම ඒ දේට නීතිමය හිමිකමක් ඒ පුද්ගලයාට ලැබෙනවා. ඇති කරගන්නේ ගිවිසුමක් නම් ඒ වගේ පොරොන්දුවකින් ගිවිසුම වලංගු වෙනවා.” 2 කොරින්ති 5:1-5 විස්තර කරන විදිහට අභිෂේක ලත් අයට ලැබෙන සම්පූර්ණ මුදල නැත්නම් ත්‍යාගය වෙන්නේ කිසිදා දිරා නොයන ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් විදිහේ ශරීරයක්. ඒ ත්‍යාගයට අමරණීයත්වයත් ඇතුළත්.—1 කොරි. 15:48-54.

පාවුල් සාක්ෂිය සඳහා භාවිත කරපු වචනයත් නවීන ග්‍රීක භාෂාවේ විවාහ ගිවිසගද්දී පළදින මුද්දට භාවිත කරන වචනයත් අතර සමානකමක් තියෙනවා. ක්‍රිස්තුස්ගේ මනාලිය වෙන්න ඉන්න අභිෂේක ලත් අයට යේසුස් එක්ක තියෙන බැඳීම ඒකෙන් කදිමට පැහැදිලි වෙනවා.—2 කොරි. 11:2; එළි. 21:2, 9.

මුද්‍රාව: අතීතයේදී අයිතිය තහවුරු කරන්න, යමක් ව්‍යාජ නැහැ කියලා පෙන්නන්න, ගිවිසුමක් වලංගු කරන්න මුද්‍රාවක් භාවිත කළා. ඒ වගේ අභිෂේක ලත් අයවත් දෙවිට අයිතියි කියලා දෙවිගේ බලයෙන් “මුද්‍රා” කරලා තියෙනවා. (එෆී. 1:13, 14) ඒ මුද්‍රාව ස්ථිර කරන්නේ විශ්වාසවන්තව ඉන්න අභිෂේක ලත් කෙනෙක් මිය යන්න කලින් නැත්නම් මහත් පීඩාව ආරම්භ වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දියි.—එෆී. 4:30; එළි. 7:2-4.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න