ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp16 අංක 6 3 පි.
  • නොපෙනෙන ලොවක් ගැන මතු වෙන ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොපෙනෙන ලොවක් ගැන මතු වෙන ප්‍රශ්න
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • නොපෙනෙන ස්වර්ගයේ ඉන්න අය ගැන හෙළි කරන දර්ශන
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • අපට නොපෙනෙන බලවත් පිරිසක්
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි සෑම තැනම සිටිනවාද?
    2011 පිබිදෙව්!
  • ශුද්ධාත්මය කියන්නේ පුද්ගලයෙකුටද?
    2006 පිබිදෙව්!
තව තොරතුරු
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp16 අංක 6 3 පි.
වලාකුළුවලින් පිරි නිල් අහස

මුල් පිටුවෙන් | නොපෙනෙන ලොවක් ගැන විපරමක්

නොපෙනෙන ලොවක් ගැන මතු වෙන ප්‍රශ්න

නොපෙනෙන ලොවක් ඇත්තටම තියෙනවාද? එහේ ඉන්නේ කොයි වගේ අයද? ඔයා කවදා හරි ඒ ගැන කල්පනා කරලා තියෙනවාද? මිනිස්සුන්ට ඒ ගැන එක එක විදිහේ අදහස් තියෙනවා. සමහරු කියන්නේ එහේ ඉන්නේ මිය ගිය මුතුන්මිත්තන් කියලා. තවත් අය හිතන්නේ ඒක දේවදූතයන් සහ මිය ගිය හොඳ මිනිස්සු ජීවත් වෙන සාමකාමී, සන්සුන් තැනක් කියලා. තවත් අය කියන්නේ ඒක මිලියන ගණනක් දෙවි දේවතාවන් ඉන්න දිව්‍යලෝකය කියලා.

නොපෙනෙන ලෝකයක ඉඳන් ආපු කෙනෙක් අපි අතරේ නැති නිසා ඒ වගේ තැනක් ගැන කිසිම දෙයක් දැනගන්න බැහැ කියලා හුඟදෙනෙක් කියනවා. ඒත් ඒ වගේ තැනකින් ආපු කෙනෙක් හිටියා. ඒ යේසුස්. ඔහු මේ පොළොවට ආවේ ස්වර්ගයේ ඉඳලා. ඔහුම ඒ ගැන කිව්වේ ‘මම ආවේ ස්වර්ගයෙන්’ කියලයි. ස්වර්ගය මිනිසුන්ට පේන තැනක් නෙමෙයි. ඒත් ස්වර්ගය ගැන සමහර තොරතුරු යේසුස් ඔහුගේ ගෝලයන් එක්ක බෙදාගත්තා. ඔහු කිව්වේ “මගේ පියාණන්ගේ ගෘහයෙහි වාසය සඳහා බොහෝ ස්ථාන තිබෙනවා” කියලයි.—යොහන් 6:38; 14:2.

යේසුස්ගේ පියා තමයි මේ විශ්වයේ අධිපති යෙහෝවා දෙවියන්. (ගීතාවලිය 83:18) ඔහුගේ “ගෘහය” කියලා කියන්නේ ස්වර්ගයට. ඒ නිසා මිනිසුන්ට නොපෙනෙන මේ ස්වර්ගය ගැන අපිට කියා දෙන්න පුළුවන් හොඳම දෙන්නා යෙහෝවා දෙවියන් සහ යේසුස්. ඒ දෙන්නා දර්ශන මාර්ගයෙන් ස්වර්ගය ගැන තොරතුරු පුරාණයේ හිටපු විශ්වාසවන්ත සේවකයන්ට ලබා දුන්නා.

දැන් අපි බයිබලයේ තියෙන ඒ දර්ශන කිහිපයක් ගැන බලමු. ඒවා සලකලා බලද්දී මේක මතක තියාගන්න. ස්වර්ගය කියන්නේ අපිට පේන දේවල් තියෙන තැනක් නෙමෙයි. ඒ නිසා ස්වර්ගය ගැන දර්ශන ලබා දෙද්දී මිනිසුන්ට තේරුම්ගන්න පුළුවන් හුරු පුරුදු දේවල් පාවිච්චි කරලයි දර්ශන ලබා දුන්නේ. ඒ දර්ශනවලින් අපිට ස්වර්ගයේ ජීවත්වෙන්නේ කවුද කියලා තේරුම්ගන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න