ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w16 නොවැම්බර් 19-20 පි.
  • අතිවිශාල වැඩක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අතිවිශාල වැඩක්!
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවිගේ ත්‍යාගශීලීකමට අගය පෙන්නමු
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවිට කැමැත්තෙන් දෙන්න
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වැඩිපුර ඇති දෙයින් හිඟකම පිරිමැසෙයි
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අන් අය වෙනුවෙන් අපිට කළ හැකි දේ
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w16 නොවැම්බර් 19-20 පි.
දාවිත් රජ දේවමාලිගාවේ සැලැස්ම කෙනෙක්ට පෙන්වමින්, සහෝදරයෙක් නමස්කාර මධ්‍යස්ථානයක සැලැස්ම දිහා බලමින්

අතිවිශාල වැඩක්!

එදා යෙරුසලමේ විශේෂ රැස්වීමක් සැලසුම් කරලයි තිබුණේ. ඒකට ආරාධනා කරලා තිබුණ අධිපතීන්, නිලධාරීන්, බලසම්පන්න පුරුෂයන් ඉදිරියේ දාවිත් රජ විශේෂ නිවේදනයක් කළා. ඒ දෙවි වෙනුවෙන් අතිවිශාල ගෘහයක් හදන කාර්යය යෙහෝවා දෙවි සලමොන්ට භාර දීලා තියෙනවා කියන නිවේදනයයි. ඒක අහලා හැමෝම සතුටු වුණා. දෙවි ඔහුගේ මඟ පෙන්වීමෙන් දාවිත්ට දුන්න ඒ ගෘහයේ සැලැස්ම දාවිත් සලමොන්ට දුන්නා. ‘ඒ ගෘහය යෙහෝවා දෙවි වෙනුවෙන් සාදන එකක්’ නිසා ඒක “ඉතාමත් බාරදූර කාර්යයක්” කියලා දාවිත් කිව්වා.—1 ලේක. 28:1, 2, 6, 11, 12; 29:1.

දාවිත් මෙහෙම ඇහුවා. ‘යෙහෝවා දෙවි වෙනුවෙන් යමක් පරිත්‍යාග කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්නේ කවුද?’ (1 ලේක. 29:5) ඊශ්‍රයෙල්වරු ‘ඉමහත් ප්‍රීතියකින් බොහෝ දේවල් කැමැත්තෙන්ම පරිත්‍යාග කළා. ඔවුන් ඒ සෑම දෙයක්ම යෙහෝවා දෙවිට පරිත්‍යාග කළේ ඔවුන්ගේ මුළු හදවතින්මයි.’ (1 ලේක. 29:9) ඔයා එතන හිටියා නම් ඒ වෙනුවෙන් පරිත්‍යාගයක් කරන්න ඔයාත් පෙලඹෙයිද?

සියවස් ගාණකට පස්සේ දේවමාලිගාව වෙනුවට යෙහෝවා දෙවි අලුත් සැලැස්මක් පිහිටෙව්වා. ඒක සංකේතවත් එකක්. ඒක පිහිටුවන්න දෙවිට පුළුවන් වුණේ යේසුස්ගේ ජීවිත පූජාව නිසයි. දෙවිගේ මිතුරන් වෙලා ඔහුට නමස්කාර කරන්න දෙවි ඇති කරපු ඒ සැලැස්ම දේවමාලිගාවට වඩා ශ්‍රේෂ්ඨයි. (හෙබ්‍රෙ. 9:11, 12) අද දෙවි කොහොමද ඔහුගේ මිතුරන් වෙන්න මිනිසුන්ට උදව් කරන්නේ? ඒක කරන්නේ මිනිසුන්ට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න උදව් කරන කාර්යයෙන්. (මතෙ. 28:19, 20) ප්‍රතිඵලයක් විදිහට හැම අවුරුද්දකම මිලියන ගාණක් දෙනා බයිබලේ පාඩම් කරනවා. දහස් ගාණක් බව්තීස්ම වෙනවා. සභා සිය ගාණක් පිහිටුවනවා.

ඒ වර්ධනයත් එක්කම තව වැඩියෙන් අපේ ප්‍රකාශන මුද්‍රණය කරන්න වෙනවා. නමස්කාර මධ්‍යස්ථාන හදන්න, ඒවා නඩත්තු කරන්න වෙනවා. සමුළු ශාලාවල අවශ්‍යතාවත් වැඩි වෙනවා. ඒ දේවල් දිහා බලද්දී දේශනා කරන කාර්යය අතිවිශාල එකක් වගේම හුඟදෙනෙක් ප්‍රයෝජන ලබන කාර්යයක් කියලා පැහැදිලියි.—මතෙ. 24:14.

“යෙහෝවා දෙවි වෙනුවෙන් යමක් පරිත්‍යාග කරන්න” දෙවිගේ සේවකයන් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්නේ ඒ නිසයි. අපි ‘සතු වටිනා දේවල් යෙහෝවා දෙවිට ලබා දී ඔහුව ගෞරවයට පත් කරන්න’ ලැබුණ එක මොන තරම් සතුටක්ද! අපි කරන පරිත්‍යාගයන් මේ කාලේ සිද්ධ වෙන වැදගත්ම කාර්යය සඳහා විශ්වාසවන්තව, ඥානවන්තව පාවිච්චි කරනවා කියලා අපිට නිසැකයි.—හිතෝ. 3:9.

සමහරුන් පරිත්‍යාග කරන්න තෝරාගන්නා ක්‍රම

අද ඉන්න සාක්ෂිකරුවන් හුඟදෙනෙක් සම්මාදම් කරන්න ‘යමක් වෙන් කර තබනවා.’ (1 කොරි. 16:2) “ලෝක ව්‍යාප්ත සේවය” සඳහා තියෙන සම්මාදම් පෙට්ටියට ඒ මුදල් දානවා. හැම මාසයක් අවසානයේම සභාවේ එකතු වෙන සම්මාදම් රටේ ශාඛා කාර්යාලයට යවනවා. ඊට අමතරව ඔයාගේ රටේ තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට කෙළින්ම සම්මාදම් කරන්නත් ඔයාට පුළුවන්. ඒක කරන්නේ කොහොමද කියලා දැනගන්න ශාඛා කාර්යාලයෙන් විමසන්න. ලිපිනයන් www.pr418.com/si කියන වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්. සම්මාදම් කරන්න පුළුවන් සමහර ක්‍රම පහත තියෙනවා.

කොන්දේසි රහිත පරිත්‍යාග

  • ඉලෙක්ට්‍රෝනික මුදල් හුවමාරුව, ජංගම දුරකථන මුදල් හුවමාරුව, ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් මගින් සම්මාදම් කරන්න පුළුවන්. සමහර රටවල jw.org වෙබ් අඩවිය හරහා සම්මාදම් කරන්නත් පුළුවන්.

  • මුදල්, රන් ආභරණ හෝ වෙනත් වටිනා භාණ්ඩ පරිත්‍යාග කරන්න පුළුවන්. ඒවා තෑග්ගක් හැටියට දුන්නා කියලා සඳහන් කරන ලිපියක්ද ඒ සමඟ එවන්න.

කොන්දේසි සහිත පරිත්‍යාග

  • පරිත්‍යාග කරන කෙනාට අවශ්‍ය වුණාම ඒ මුදල නැවත ලබා දෙනවා කියන කොන්දේසිය මත පරිත්‍යාග කරන මුදල්.

  • කොන්දේසි සඳහන් කරපු ලිපියක් ඒ සමඟ එවන්න.

සැලසුම් කරන ලද පරිත්‍යාග

මුදල්, රන් ආභරණ හෝ වෙනත් වටිනා භාණ්ඩ පරිත්‍යාග කරනවට අමතරව ලෝක ව්‍යාප්ත වැඩ සඳහා ප්‍රයෝජනවත් වෙන ආකාරයට පරිත්‍යාග කරන්න පුළුවන් වෙනත් ක්‍රමත් තියෙනවා. ඒකට මේ දේවල් ඇතුළත්. ඔයාගේ රටට අදාළ වෙන්නේ මොන ක්‍රමද කියලා ශාඛා කාර්යාලයෙන් විමසන්න. ඒ වගේම රටින් රටට තියෙන බදු නීති එකිනෙකට වෙනස් නිසා නීතිඥයෙකුගේ උපදෙස් ලබාගන්න අවශ්‍යයි කියලත් අමතක කරන්න එපා.

රක්ෂණ: ජීවිත රක්ෂණ ඔප්පුවක නැත්නම් විශ්‍රාම වැටුප් සැලැස්මක අර්ථලාභියා හැටියට වොච්ටවර් සමිතිය නම් කරන්න පුළුවන්.

බැංකු ගිණුම: රටේ පවතින නීතියට අනුව බැංකු ගිණුම්, තැන්පතු සහතික හෝ විශ්‍රාම දීමනා වොච්ටවර් සමිතියේ භාරකාරත්වය යටතේ පවත්වගෙන යන්න හෝ මරණයෙන් පස්සේ ඒවාවල හිමිකාරත්වය වොච්ටවර් සමිතියට ලැබෙන්න සලස්වන්න පුළුවන්.

ව්‍යාපාර කොටස් හා බැඳුම්කර: සම්පූර්ණ තෑග්ගක් හැටියට ව්‍යාපාර කොටස් හෝ බැඳුම්කර වොච්ටවර් සමිතියට ප්‍රදානය කරන්න පුළුවන්. ඒ වගේම මරණයෙන් පස්සේ ඒවාවල හිමිකාරත්වය වොච්ටවර් සමිතියට ලැබෙන්න සලස්වන්නත් පුළුවන්.

නිශ්චල දේපොළ: විකිණිය හැකි නිශ්චල දේපොළක් තෑග්ගක් හැටියට වොච්ටවර් සමිතියට දෙන්න පුළුවන්. අයිතිකරු කැමති නම් තමන් පදිංචිව සිටින නිවසේ හා ඉඩමේ ජීවිත භුක්තිය තියාගෙන වොච්ටවර් සමිතියට පවරන්නත් පුළුවන්.

පරිත්‍යාග කරන ලද වාර්ෂිකය: පරිත්‍යාග කරන ලද වාර්ෂිකය කියන්නේ කෙනෙක් තමන් සතු මුදල් හෝ සුරැකුම්, වොච්ටවර් සමිතියට පවරන්න කරන සැලැස්මක්. ඒ සඳහා ඔහුට ජීවිතාන්තය දක්වාම හැම අවුරුද්දකම යම් නිශ්චිත මුදලක් ගෙවනු ලබයි.

අන්තිම කැමති පත්‍ර හා විශ්වාස භාරයන්: නීත්‍යනුකූල අන්තිම කැමති පත්‍රයකින් වොච්ටවර් සමිතියට දේපොළ හෝ මුදල් පවරා දෙන්න පුළුවන්. ඒ වගේම විශ්වාස ගිවිසුමක අර්ථලාභියා හැටියටද වොච්ටවර් සමිතිය නම් කරන්න පුළුවන්.

වැඩි විස්තර සඳහා jw.org වෙබ් අඩවියේ මුල් පිටුවේ පහළ ඇති “සම්මාදමක් කරන්න කැමති නම්” කියන ලින්ක් එක ක්ලික් කරන්න. නැත්නම් ඒ ගැන ශාඛා කාර්යාලයෙන් විමසන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න