ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp17 අංක 5 9 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • “කාගෙවත් ජීවිත නැති වෙන්නේ නැහැ”
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
  • පීඩිත වූවන්ට අනුකම්පාව දැක්වීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස් දැරියක්ව සහ ගොළු මිනිසෙක්ව සුව කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • “මුහුදේ උපද්‍රව”
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp17 අංක 5 9 පි.

ඔබ දැන සිටියාද?

යේසුස් “බලු පැටවුන්” ගැන නිදර්ශනය කිව්වේ අපහාස කරන අරමුණෙන්ද?

ග්‍රීකවරුන් හරි රෝමවරුන් හරි හදපු පිළිමයක්

ග්‍රීකවරුන් හරි රෝමවරුන් හරි හදපු පිළිමයක් (ක්‍රි.පූ. පළවෙනි සියවසේ සිට ක්‍රි.ව. දෙවෙනි සියවස දක්වා)

දවසක් යේසුස් සිරියාවේ ඉද්දී ග්‍රීක කාන්තාවක් ඔහු ළඟට ඇවිත් උදව්වක් ඉල්ලුවා. යේසුස් ඒ කාන්තාවට උත්තර දෙන්න නිදර්ශනයක් පාවිච්චි කළා. ඒ නිදර්ශනයේදී ඔහු යුදෙව් නොවන අයවත් ‘බලු පැටවුන්වත්’ සන්සන්දනය කළා. මෝසෙස්ට දුන්න නීතියේ බල්ලන්ව සැලකුවේ අපවිත්‍ර සතුන් හැටියටයි. (ලෙවී කතාව 11:27) යේසුස් ඒ නිදර්ශනය පාවිච්චි කළේ ඔහු ළඟට ආපු ග්‍රීක කාන්තාවටත් යුදෙව් නොවන අනිත් අයටත් අපහාස කරන්නද?

නැහැ. ඒ වෙද්දී යේසුස් මූලික අවධානයක් දුන්නේ හරි මඟට එන්න යුදෙව්වන්ට උදව් කරන එකටයි. ඒ දේ නිදර්ශනයකින් පැහැදිලි කරන්නයි ඔහු මෙහෙම කිව්වේ. “දරුවන්ගේ රොටි රැගෙන බලු පැටවුන්ට දැමීම සුදුසු නැහැ.” (මතෙව් 15:21-26; මාක් 7:26) හුඟක් වෙලාවට ග්‍රීකවරුත් රෝමවරුත් සුරතල් සතෙක් විදිහට බල්ලන්ව ඇති දැඩි කළා. ගෙවල්වල හිටපු පුංචි දරුවනුත් උන් එක්ක සෙල්ලම් කළේ හරිම ආසාවෙන්. ඒ නිසා “බලු පැටවුන්” ගැන කියද්දී ඒ ග්‍රීක කාන්තාව අපහසුතාවයට පත් වුණා කියලා හිතන්න බැහැ. යේසුස් කිව්ව දේ තේරුම්ගත්ත ඒ කාන්තාව මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔබ කියන දේ හරි. නමුත් බලු පැටවුන් පවා තම ස්වාමිවරුන්ගේ මේසයෙන් වැටෙන කෑම කනවා නේද?” ඇය පෙන්වපු විශ්වාසය අගය කරපු යේසුස් ඇගේ දුවව සුව කළා.—මතෙව් 15:27, 28.

මුහුදු ගමන කල් දාන්න කියලා පාවුල් දුන්න උපදෙස ඥානවන්ත එකක්ද?

වෙළඳ නැවක් පෙන්වන ලී කැටයමක්

වෙළඳ නැවක් පෙන්වන ලී කැටයමක් (ක්‍රි.ව. පළවෙනි සියවස)

පාවුල්වත් අරගෙන රෝමය බලා පිටත් වුණ නැවේ ගමනට නොනැවතී හමපු හුළඟ ලොකු බාධාවක් වුණා. ඒ නිසා එයාලා නැව යම් කාලයක් වරායක නවත්වලා තිබුණා. ආයෙත් ගමන අරඹන්න හදද්දී ඒක කල් දාන්න කියලා පාවුල් කිව්වා. (ක්‍රියා 27:9-12) ඒ ඇයි?

අතීතයේ හිටපු නැවියන් දැනන් හිටියා නොවැම්බර් මැද ඉඳන් මාර්තු මැද දක්වා මධ්‍යධරණී මුහුදේ ගමන් කරන එක අනතුරුදායකයි කියලා. ඒත් පාවුල් ගමන කල් දාන්න කිව්වේ සැප්තැම්බර් නැත්නම් ඔක්තෝබර් මාසයේ. රෝම ලේඛකයෙක් වන වෙජිටිඑස් ක්‍රි.ව. 4වෙනි සියවසේදී ලිව්ව පොතක මෙහෙම සඳහන් කළා. “මුහුදු ගමන්වලට සුදුසුම මාසවල්, සැක සහිත මාසවල් වගේම අනතුරුදායක මාසවලුත් තියෙනවා.” (Epitome of Military Science) ඔහු කියපු විදිහට මැයි 27 ඉඳන් සැප්තැම්බර් 14 දක්වා කාලය මුහුදු ගමන්වලට සුදුසුයි. සැප්තැම්බර් 15 සිට නොවැම්බර් 11 සහ මාර්තු 11 සිට මැයි 26 දක්වා කාලය සැක සහිතයි වගේම අනතුරුදායකයි. පාවුල් ඒ ගැන දැනන් ඉන්න ඇති. නැවේ නියමුවාත් නැවේ අයිතිකරුත් ඒ ගැන දැනන් ඉන්න ඇති. ඒත් එයාලා පාවුල්ගේ උපදෙස පිළිගත්තේ නැති නිසා නැව මුහුදුබත් වුණා.—ක්‍රියා 27:13-44.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න