ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp17 අංක 6 4-6 පි.
  • හොඳම තෑග්ගක් දෙන්න නම් . . .

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හොඳම තෑග්ගක් දෙන්න නම් . . .
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • “ඒක තමයි මට ලැබුණු හොඳම තෑග්ග”
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දීමේ ස්වභාවය ඔබට තිබේද?
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන් දීපු තෑග්ග වටිනාම තෑග්ග වෙන්නේ ඇයි?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp17 අංක 6 4-6 පි.
දෙන්න පුළුවන් විවිධ තෑගි

මුල් පිටුවෙන් | තෑගි අතරින් හොඳම තෑග්ග

හොඳම තෑග්ගක් දෙන්න නම් . . .

කෙනෙක්ට හරියටම ගැළපෙන තෑග්ගක් දෙන එක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. මොකද ඒක කොච්චර වටිනවාද කියලා තීරණය කරන්නේ දෙන කෙනා නෙමෙයි ලබන කෙනායි. අනිත් අතට කෙනෙක්ට වටින දෙයක් තව කෙනෙක්ට වටින්නේ නැති වෙන්න පුළුවන්.

උදාහරණෙකට අලුත්ම ඉලෙක්ට්‍රොනික ගැජට් එකක් තෑග්ගක් විදිහට ලැබෙනවාට යෞවනයන් කැමති වෙන්න පුළුවන්. ඒත් වැඩිහිටියන් ඊට වඩා වෙනස්. එයාලා වැඩියෙන් කැමති පවුලේ පරම්පරාවෙන් ආපු ආභරණයක්, විසිතුරු භාණ්ඩයක් නැත්නම් ගෘහ භාණ්ඩයක් වගේ දේකට. සමහර අය නම් හුඟක් දුරට කැමති තෑග්ගක් විදිහට මුදල් ලැබෙනවාට. මොකද එතකොට එයාලට පුළුවන් ඒකෙන් එයාලා කැමති දෙයක් ගන්න.

තමන් ආදරේ කරන කෙනෙක්ට වටින, ගැළපෙන තෑග්ගක් හොයන එක අභියෝගයක් වුණත් ඒක කරන්න බැරි දේකුත් නෙමෙයි. ඊළඟට සාකච්ඡා කරන කාරණා හතර ගැන සැලකිලිමත් වුණොත් හොඳම තෑග්ගක් දෙන්න ඔයාටත් පුළුවන් වෙයි.

තෑග්ග ලබන කෙනාගේ ආසාවන්. උතුරු අයර්ලන්තයේ ඉන්න කෙනෙක් කිව්වා එයාට වයස 10දී විතර ලැබුණු රේසිං බයිසිකලය තමයි එයාට ලැබුණු හොඳම තෑග්ග කියලා. ඒ ඇයි? ‘මොකද මං ඒ වගේ බයිසිකලේකට ගොඩක් ආසාවෙන් හිටියේ’ කියලා එයා කිව්වා. ඒකෙන් පේන්නේ කෙනෙක් තෑග්ගක් අගය කරන්න නම් එයා ආස එකක් දෙන්න ඕනෙ කියලයි. ඒ නිසා තෑග්ග ලබන කෙනා වටින දේවල් විදිහට සලකන්නේ මොනවාද කියලා දැනගන්න. මොකද ඒවාට තමයි එයා ආස. උදාහරණෙකට ආච්චිලා සීයලාට හුඟක් වටින්නේ එයාලගේ දරු මුනුපුරන් එක්ක කාලේ ගත කරන එක. ඉතින් පවුලක් විදිහට නිවාඩුවක් ගත කරන්න යද්දී ඒ ගමනට එයාලවත් එකතු කරගත්තාම වෙන කිසිම තෑග්ගකින් ලැබෙන්නේ නැති සතුටක් එයාලා ඒකෙන් ලබනවා.

කෙනෙක් ආස මොනවාටද කියලා දැනගන්න පුළුවන් එක විදිහක් තමයි එයාට හොඳට සවන් දෙන එක. බයිබලයේ කියන්නෙත් ‘ඇහුම්කන් දීමට ඉක්මන් වෙන්න. කතා කිරීමට ප්‍රමාද වෙන්න’ කියලයි. (යාකොබ් 1:19) යාළුවෝ, නෑදෑයෝ එක්ක එදිනෙදා කතාබහ කරද්දී එයාලා කැමති අකමැති දේවල් ගැන පොඩි පොඩි හෝඩුවාවන් හොයාගන්න පුළුවන්. එයාලා ආස කරන තෑග්ගක් දෙන්න ඒක ඔයාට උදව් වෙයි.

තෑග්ග ලබන කෙනාගේ අවශ්‍යතාවයන්. තෑග්ග පුංචි වුණත් ලබන කෙනාට ඒක අත්‍යවශ්‍යම දෙයක් නම් එයා ඒක ගොඩක් අගය කරයි. ඒත් කෙනෙක්ට අත්‍යවශ්‍ය මොනවාද කියලා දැනගන්නේ කොහොමද?

කෙනෙක්ට වැඩියෙන්ම ඕනෙ මොනවාද කියලා ඒ කෙනාගෙන්ම අහලා දැනගන්න එක තමයි ලේසිම ක්‍රමය. ඒත් එහෙම කළාම තෑග්ග දීලා එයාව පුදුම කරන්න බැරි වෙන නිසා හුඟක් අය එහෙම අහන්න කැමති නැහැ. අනිත් අතට සමහරු එයාලා කැමති අකමැති දේවල් ගැන අනිත් අයත් එක්ක කතා කළත් එයාලගේ අවශ්‍යතාවයන් ගැන කතා කරන්න කැමති නැහැ.

ඒ නිසා හොඳ නිරීක්ෂකයෙක් වෙන්න. ඔයා තෑග්ග දෙන්න හදන කෙනා තරුණද, මහලුද, තනිකඩද, විවාහකද, දික්කසාද වෙලාද, සැමියා හරි බිරිඳ හරි මැරුණු කෙනෙක්ද, රස්සාවක් කරන කෙනෙක්ද, විශ්‍රාම ගිය කෙනෙක්ද වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. එයාගේ තත්වයේ ඉන්න කෙනෙකුට අවශ්‍ය වෙන්නේ මොන වගේ තෑග්ගක්ද කියලා හිතලා බලන්න.

ඔයා තෑග්ග දෙන්න හදන කෙනාට විශේෂයෙන්ම අත්‍යවශ්‍ය දේවල් මොනවාද කියලා වටහාගන්න නම් එයාගේ තත්වයේම ඉන්න තවත් අය එක්ක කතා කරලා බලන්න. එතකොට ඔයාට පුළුවන් අනිත් අය වැඩිය හිතන්නේ නැති තෑග්ගක් එයාට දෙන්න.

තෑග්ග දෙන වෙලාව. ‘සුදුසු අවස්ථාවේදී පවසන හොඳ වචන කොතරම් වටින්නේද’ කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 15:23) කෙනෙක්ට ඕනෙම කරන වෙලාවක එයාව දිරිගන්වන්න අපි යමක් කිව්වොත් ඒකෙන් එයා ගොඩක් සතුටු වෙනවා. තෑග්ගක් දෙන එකටත් ඒක අදාළයි. කෙනෙක්ට මොනවා හරි දෙයක් ඕනෙම වෙලා තියෙනවා කියලා හිතන්න. ඒ ඕනෙම වෙලාවේ අපි ඒ දේ තෑග්ගක් විදිහට දුන්නොත් එයා ඒකෙන් ගොඩක් සතුටු වෙයි.

යාළුවෙක් විවාහ වෙද්දී, යෞවනයෙක් විභාගයක් සමත් වුණාම, අලුතෙන් දරුවෙක් පවුලකට එකතු වුණාම වගේ විශේෂ අවස්ථාවලදී තමයි සාමාන්‍යයෙන් කවුරුත් තෑගි දෙන්න කැමති. සමහරු අවුරුද්දක් ඇතුළත තියෙන ඒ වගේ විශේෂ අවස්ථාවන් කැලැන්ඩරේ ලකුණු කරගන්නවා. එතකොට ඒ අයට ගැළපෙන තෑග්ගක් දෙන්න, කලින් ඉඳලාම සැලසුම් කරගන්න එයාලට පුළුවන්.a

ඇත්ත, තෑග්ගක් දෙන්න විශේෂ අවස්ථාවක් එන කල්ම ඉන්න ඕනෙ නැහැ. ඕනෙම වෙලාවක තෑග්ගක් දීලා සතුටක් ලබන්න පුළුවන්. ඒ වුණත් තෑග්ගක් දෙද්දී සැලකිලිමත් වෙන්න ඕනෙ පැත්තකුත් තියෙනවා. උදාහරණෙකට පිරිමි කෙනෙක් ගැහැණු කෙනෙකුට විශේෂ හේතුවක් නැතුව තෑග්ගක් දෙනවා කියලා හිතන්න. එතකොට ඒ ගෑනු කෙනා හිතන්න ඉඩ තියෙනවා ඒ පිරිමි කෙනාගේ හිතේ තමන් ගැන විශේෂ උනන්දුවක් තියෙනවා කියලා. ඇත්තටම ඒ කෙනා ඒ තෑග්ග දුන්නේ ඒ හේතුව නිසා නම් ඒ වගේම ඒ දෙන්නාම ඒකට සුදුසු තත්වයේ ඉන්නවා නම් ඒකේ වරදක් නැහැ. ඒත් එහෙම නෙමෙයි නම් ඒ ගෑනු කෙනා වැරදි වටහාගැනීමක් ඇති කරගන්න ඉඩ තියෙනවා.

තෑග්ග දෙන කෙනාගේ චේතනාව. කලින් උදාහරණෙදී බැලුවා වගේ කෙනෙක්ට තෑග්ගක් දෙන්න කලින් ‘ඒ තෑග්ග නිසා එයා මං ගැන වැරදි වටහාගැනීමක් ඇති කරගනියිද’ කියලා හිතලා බලන එක වැදගත්. අනිත් අතට ‘ඇත්තටම මං එයාට තෑග්ග දෙන්නේ මොන චේතනාවෙන්ද’ කියලා හිතලා බලන්නත් ඕනේ. හුඟක් අය තෑගි දෙන්නේ අවුරුද්දේ යම් විශේෂ දවස්වලදී තෑග්ගක් දෙන එක අනිත් අය බලාපොරොත්තු වෙන නිසයි. තෑග්ග ලබන කෙනාගෙන් විශේෂ සැලකිල්ලක් හරි වෙන දෙයක් හරි බලාපොරොත්තුවෙන් හරි තෑගි දෙන අයත් ඉන්නවා.

ඔයා දෙන තෑග්ගක් හොඳ චේතනාවෙන් දෙන්න නම් ඔයා මොනවාද කරන්න ඕනේ? ‘ඔබ කරන සෑම දෙයක්ම ප්‍රේමයෙන් කිරීමට වගබලා ගන්න’ කියලා බයිබලයේ කියනවා. (1 කොරින්ති 16:14) ඔයා තෑග්ග දෙන්නේ ඇත්තටම එයාට තියෙන ආදරේ සැලකිල්ල නිසා නම්, එයා ඒක ආසාවෙන් භාරගනියි. ඔයාටත් ලොකු සතුටක් දැනෙයි. ඒ විතරක් නෙමෙයි ඔයා ඒක මුළු හිතින්ම දෙද්දී දෙවියනුත් ඒ ගැන සතුටු වෙනවා. අතීතයේදී යුදයේ හිටපු ක්‍රිස්තියානීන් යම් අගහිඟකම්වලින් පෙළෙනවා කියලා දැනගත්තාම කොරින්තියේ හිටපු ක්‍රිස්තියානීන් එයාලට ඕනෙ කරන සහනාධාර යැව්වා. එයාලගේ ත්‍යාගශීලීකම අගය කරපු පාවුල් එයාලට මෙහෙම කිව්වා. ‘දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටය.’—2 කොරින්ති 9:7.

තෑග්ගක් දෙන්න කලින් අපි සාකච්ඡා කරපු කාරණා හතර ගැන සැලකිලිමත් වුණොත් ඔයාටත් පුළුවන් ඒක ලබන කෙනාට ඇත්තටම වටින තෑග්ගක් දෙන්න. ඒත් ඔයා දන්නවාද මිනිසුන් විදිහට අපිට ලබන්න පුළුවන් හොඳම තෑග්ග අපිට දුන්නේ දෙවියන් කියලා? ඔහු ඒ තෑග්ග අපිට දෙද්දී අපි කලින් කතා කරපු කාරණා හතර විතරක් නෙවෙයි ඊටත් වඩා කාරණා ගැන සැලකිලිමත් වුණා. අපිට ලැබුණු ඒ හොඳම තෑග්ග මොකක්ද කියලා අපි ඊළඟ ලිපියෙන් බලමු.

a හුඟක් අය උපන් දින උත්සවවලදී, ආගමික උත්සවවලදී තෑගි දෙනවා. ඒත් හුඟක් අවස්ථාවලදී ඒ වගේ උත්සවවල බයිබලයට පටහැනි චාරිත්‍ර ඇතුළත් වෙනවා. මේ සඟරාවෙම තියෙන “පාඨකයන් අසයි - ක්‍රිස්තියානීන් නත්තල සමරන එක වැරදිද?” කියන ලිපිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න