ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w17 අගෝස්තු 32 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • මරියාගෙන් අපට ගත හැකි පාඩම්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අවිවාහකව සිටිද්දී ගැබ්ගත් මරියා
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • ඔහු දිව්‍ය මඟ පෙන්වීම පිළිගත්තේය
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘මරියා වැදගත් දේ සිතේ තබාගත්තා’
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w17 අගෝස්තු 32 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

මතෙව් සහ ලූක් යේසුස්ගේ උපත, මුල් කාලේ සිදුවීම් ගැන එකිනෙකට වෙනස් දේවල් සඳහන් කරන්නේ ඇයි?

ඒකට හේතුව ඒ දෙන්නා තොරතුරු වාර්තා කරලා තියෙන්නේ පැති දෙකකින් නිසයි.

මතෙව් වැඩි අවධානයක් දෙන්නේ යෝසෙප් හා සම්බන්ධ සිද්ධීන්වලට. මරියාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තාම යෝසෙප් ගත්ත තීරණය ගැන, දේවදූතයෙක් හීනයකින් යෝසෙප්ට දේවල් පැහැදිලි කරපු විදිහ ගැන, යෝසෙප් ඒකට කීකරු වුණ විදිහ ගැන එයා විස්තර කරනවා. (මතෙ. 1:19-25) පවුලේ අය එක්ක ඊජිප්තුවට පලා යන්න කියලා දේවදූතයෙක් අනතුරු ඇඟෙව්වාම යෝසෙප් ඒකට කීකරු වුණා කියලත් ආපහු ඊශ්‍රායෙල් දේශයට යන්න කියලා හීනයකින් දැන්නුවාම යෝසෙප් ඇවිත් නාසරෙත් නුවරේ පදිංචි වුණා කියලත් මතෙව් වාර්තා කරනවා. (මතෙ. 2:13, 14, 19-23) ඒ වාර්තාවේ මුල් පරිච්ඡේද දෙකේ යෝසෙප්ගේ නම 7 වතාවක් සඳහන් වුණත් මරියාගේ නම සඳහන් වෙන්නේ වතාවන් 5කදී විතරයි.

ලූක් වැඩි අවධානයක් දෙන්නේ මරියා හා සම්බන්ධ සිද්ධීන්වලට. මරියාව හම්බ වෙන්න ගාබ්‍රියෙල් දේවදූතයා ආපු සිද්ධිය, මරියා එලිසබෙත්ව බලන්න ගිය අවස්ථාව, ඒ වෙලාවේ මරියා යෙහෝවා දෙවිට ප්‍රශංසා කරපු විදිහ ලූක් සඳහන් කරනවා. (ලූක් 1:26-56) යේසුස් ගැන සිමියොන් මරියාට කියපු අනාවැකියත් ලූක් වාර්තා කරනවා. ඊළඟට එයා සඳහන් කරන්නේ යේසුස්ට අවුරුදු 12දී දේවමාලිගාවට ගිය සිද්ධිය. ඒ ගැන වාර්තා කරද්දී ලූක් සඳහන් කරන්නේ මරියා කියපු දේවල් මිසක් යෝසෙප් කියපු දේවල් නෙමෙයි. එදා වුණ දේවල් මරියාගේ හිතට තදින්ම වැදුණා කියලත් ලූක් කියනවා. (ලූක් 2:19, 34, 35, 48, 51) ඒ වාර්තාවේ මුල් පරිච්ඡේද දෙකේ මරියාගේ නම 13 වතාවක් සඳහන් වුණත් යෝසෙප්ගේ නම සඳහන් වෙන්නේ 5 වතාවක් විතරයි. මතෙව් වාර්තා කළේ යෝසෙප්ගේ හැඟීම් සහ එයා කරපු දේවල් ගැන වුණත් ලූක් වාර්තා කළේ මරියාගේ හැඟීම් සහ එයා මුහුණ දීපු දේවල් ගැනයි.

ඒ සුවිශේෂ දෙකේ සඳහන් යේසුස්ගේ පෙළපත් වාර්තාවත් එකිනෙකට වෙනස්. මතෙව් විස්තර කරන්නේ යෝසෙප්ගේ පැත්තෙන් එන පෙළපතයි. යෝසෙප් යේසුස්ව හදා වඩා ගත්ත පියා නිසා දාවිත්ගේ රජකමට යේසුස්ට නීත්‍යනුකූල අයිතිය තියෙනවා කියලා ඒකෙන් ඔප්පු වුණා. ඒ කොහොමද? යෝසෙප් පැවතෙන්නේ දාවිත්ගේ පුතෙක් වුණ සලමොන්ගෙන්. (මතෙ. 1:6, 16) අනිත් අතට ලූක් වාර්තා කරන්නේ මරියාගේ පැත්තෙන් එන පෙළපතයි. මරියා දාවිත්ගේ පුතෙක් වුණ නාතන්ගෙන් පැවතෙන්නෙක් නිසා දාවිත්ගේ රජකම යේසුස්ට පරම්පරාවෙන් උරුම වෙනවා කියලා ඒ පෙළපත් වාර්තාවෙන් ඔප්පු වුණා. (ලූක් 3:31; රෝම 1:3) ඒත් ලූක් හේලි ගැන සඳහන් කරලා තියෙන්නේ මරියාගේ පියා හැටියට නෙමෙයියෝසෙප්ගේ පියා හැටියටයි. ඒ ඇයි? සාමාන්‍යයෙන් ඒ කාලේ වාර්තාවලට ඇතුළත් කළේ පවුල්වල පුරුෂයන්ගේ නම් විතරයි. යෝසෙප්ගේ පියා හේලි කියලා ලූක් සඳහන් කළත් හේලි යෝසෙප්ගේ මාමණ්ඩි කියලා එදා හිටපු අය දැනගෙන හිටියා.—ලූක් 3:23.

මතෙව් සහ ලූක් සඳහන් කරලා තියෙන යේසුස්ගේ පෙළපත් වාර්තාවෙන් ඔප්පු වෙනවා පොරොන්දු වුණ ගැලවුම්කරු යේසුස් කියලා. යේසුස් පැවතෙන්නේ දාවිත්ගේ පෙළපතින් කියලා හැමෝම වගේ පිළිගත්තා. පරිසිවරුන්ටවත් සද්දුසිවරුන්ටවත් ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ පෙළපත් වාර්තා අදටත් අපේ විශ්වාසයට පදනමක් සපයනවා. දෙවිගේ අනිත් හැම පොරොන්දුවක්ම ඉටු වෙනවා කියන නිසැකකමත් ඒකෙන් ඇති වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න