බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදටත් ගැළපෙනවාද?
සමහරු කියන්නේ නැහැ කියලයි. බයිබලයේ තියෙන තොරතුරු හොයලා බලන එක හරියට රසායන විද්‍යාව ඉගෙනගන්න 1920 ගණන්වල පොතක් පාවිච්චි කරනවා වගේ දෙයක් කියලා වෛද්‍යවරයෙක් කියනවා. තවත් අය කියන්නේ ඒක හරියට අලුත්ම කොම්පියුටරයක් ගැන දැනගන්න පරණ කාලේ කොම්පියුටරයක අත්පොතක් බලනවා වගේ දෙයක් කියලයි.
තාක්ෂණය මේ තරම් දියුණු වෙලා තියෙද්දී අතීතයේ ලියැවුණු පොතකින් තොරතුරු හොයන්නේ මොකටද? ජීවිතේ හැම කාරණයක් ගැනම උපදෙස් දෙන පොත් පත්, රූපවාහිනි වැඩසටහන්, වෙබ් අඩවි ඕන තරම් තියෙනවා. මනෝ විද්‍යාඥයන්ගේ සහ වෙනත් දැනඋගත් අයගේ අදහස් තමයි ඒවාවල තියෙන්නේ. උපදෙස් දෙන පොත් පත් මොන තරම් විකිණෙනවාද කිව්වොත් ඒ වෙළෙන්දන් දැන් කෝටිපතියන් වෙලා.
ක්ෂණයකින් තොරතුරු ලබාගන්න පුළුවන්කම තියෙද්දී අවුරුදු 2,000කට විතර කලින් ලියපු පොතකින් උපදෙස් ගන්නේ මොකටද? බයිබලය කිසි ප්‍රයෝජනයක් නැති පරණ අත්පොතකට සමානයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් ඒක වැරදියි. මොකද විද්‍යාවෙන්, තාක්ෂණයෙන් හොයාගන්න තොරතුරු ඉක්මනින් වෙනස් වුණත් සතුටින් ඉන්න ඕන කරන දේවල් වෙනස් වෙලා නැහැ. අර්ථවත් ජීවිතයක් ගත කරන්න, බයක් සැකක් නැතුව කල් ගෙවන්න, හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න සහ හොඳ යාළුවන්ව හොයාගන්න පුළුවන් නම් මිනිසුන්ට ඇත්තටම සතුටක් ලැබෙන්නේ ඒ දේවලින් නෙමෙයිද?
බයිබලය හුඟක් පරණ පොතක් වුණත් ඒ හැම දෙයක් ගැනම ඒකෙන් දැනගන්න පුළුවන්. බයිබලයේම සඳහන් වෙනවා ඒකේ තියෙන තොරතුරු ලියන්න මඟ පෙන්නුවේ මිනිසුන්ව නිර්මාණය කරපු දෙවියන් කියලා. ජීවත් වෙන්න ඕන විදිහ ගැනත් ප්‍රශ්න ගැටලුවලට හොඳින් මුහුණ දෙන්න පුළුවන් විදිහ ගැනත් ඒකේ තියෙනවා. (2 තිමෝති 3:16, 17) කොච්චර කාලයක් ගෙවුණත් බයිබලයේ තියෙන උපදෙස් යල් පනින්නේ නැහැ කියලත් “දෙවිගේ වදන් ජීවමානය” කියලත් බයිබලයේම කියලා තියෙනවා.—හෙබ්‍රෙව් 4:12.
ඇත්තටම බයිබලය ලියලා තියෙන්නේ දෙවියන්ගේ මඟ පෙන්වීමෙන්ද? ඒකේ තියෙන තොරතුරු අදටත් ගැළපෙනවාද නැත්නම් යල් පැනලාද? ඒ ප්‍රශ්නවලට උත්තර මේ සඟරාවෙන් දැනගන්න පුළුවන්. මේ කලාපයේ ඉඳන් නිකුත් වෙන ‘මුරටැඹ’ සඟරා අලුත් මුහුණුවරක් ගන්නවා.