ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp18 අංක 3 8-9 පි.
  • දෙවියන්ට ඔයාගේ දුක දැනෙනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන්ට ඔයාගේ දුක දැනෙනවාද?
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දෙවියන්ගේ නිර්මාණවලින් ඉගෙනගන්න පුළුවන් මොනවාද?
  • බයිබලයෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?
  • දෙවියන් අපි දිහා බලාගෙන ඉන්නවා. හැම දෙයක්ම ඔහු දන්නවා. අපේ දුක ඔහුට දැනෙනවා
  • සංවේදනය කරුණාවේ සහ දයානුකම්පාවේ මූලික රහසයි
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අවංක සැලකිල්ලක් පෙන්වන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දයානුකම්පාව පෙන්වන්න
    2020 පිබිදෙව්!
  • අපේ දුක දැනෙන කෙනෙක්
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp18 අංක 3 8-9 පි.
දණහිස තුවාල වුණු යාළුවෙක්ව සනසවමින්; අඬමින් ඉන්න කෙනෙක්ව සනසවමින්

දෙවියන්ට ඔයාගේ දුක දැනෙනවාද?

දෙවියන්ගේ නිර්මාණවලින් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

අනිත් අයගේ දුක දැනෙන කෙනෙක් අනිත් අය මුහුණ දෙන දේට තමන්ට මුහුණ දෙන්න වුණා නම් කොහොම දැනෙයිද කියලා හිතනවා. මානසික සෞඛ්‍යය පිළිබඳ විශේෂඥවරයෙක් වන රික් හැන්සන් කියනවා “අනිත් අයගේ දුක තේරුම්ගැනීමේ හැකියාව අපි හැමෝටම තියෙනවා” කියලා.

මේ ගැන හිතන්න. මිනිසුන්ට අනිත් අයගේ දුක දැනෙන්නේ ඇයි? දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ ඔහුගේ ගතිලක්ෂණ ඇතුව. (උත්පත්ති 1:26) දෙවියන් එහෙම කරලා තියෙන්නේ අපි ඔහුව අනුකරණය කරනවාට ඔහු කැමති නිසයි. මිනිසුන් අනිත් අයගේ දුක තේරුම් අරන් උදව් කරද්දී එයාලා අනුකරණය කරන්නේ එයාලගේ නිර්මාතෘ වන දයානුකම්පිත යෙහෝවා දෙවියන්ව.—හිතෝපදේශ 14:31.

බයිබලයෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

දෙවියන්ට අපේ දුක දැනෙනවා. අපි දුක් විඳිනවා දකින්න ඔහු පොඩ්ඩක්වත් කැමති නැහැ. ඊජිප්තුවේ වහලුන් විදිහටත් පාළුකරයේ අවුරුදු 40ක් පුරාත් ඊශ්‍රායෙල්වරුන් හුඟක් දුක් වින්දා. එයාලා ‘වින්ද හැම දුකක්ම දෙවියන්ට දැනුණා.’ (යෙසායා 63:9) ඒ කියන්නේ දෙවියන් එයාලා විඳපු දුක දැක්කා විතරක් නෙවෙයි ‘ඔවුන් විඳින වේදනාව තේරුම්ගත්තා.’ (නික්මයාම 3:7) දෙවියන් කියනවා “යමෙක් ඔබට හිරිහැර කළොත් මා එය සලකන්නේ මාගේ ඇසේ කලු ඉංගිරියාවට අත ගසන්නාක් මෙනි” කියලා. (සෙකරියා 2:8) අනිත් අය අපිව වේදනාවට පත් කරද්දී දෙවියන්ටත් ඒක දැනෙනවා.

දෙවියන්ගේ දයාව ලබන්න අපි වටින්නේ නැහැ කියලා අපිට හිතෙන්න පුළුවන්. ඒත් බයිබලයේ කියන්නේ ‘අපට වඩා හොඳින් දෙවි අපේ සිත් ගැනත් සියලු දේ ගැනත් දන්නවා’ කියලයි. (1 යොහන් 3:19, 20) අපි මුහුණ දෙන දේවල්, අපේ සිතුවිලි, හැඟීම් ගැන අපිටත් වඩා හොඳින් ඔහු දන්නවා.

අපේ දුක දෙවියන්ට දැනෙනවා කියලා අපි දන්න නිසා සහනය, ප්‍රඥාව, උපකාරය ඕන වෙද්දී ඔහුගෙන් ඒ දේවල් ඉල්ලන්න පුළුවන්

බයිබලයේ මෙහෙම කියනවා

  • “ඔබ අයැදින විට යෙහෝවා දෙවි වන මම පිළිතුරු දෙන්නෙමි. ඔබ පිහිට පතන විට මම ඔබ ළඟ සිටින්නෙමි.”—යෙසායා 58:9.

  • “යෙහෝවා දෙවි මෙසේද පැවසුවේය. ‘මාගේ අරමුණ වන්නේ ඔබ පිටට විපත්ති ගෙන ඒම නොවේ. නමුත් සාමයෙන් පිරුණු ප්‍රීතිමත් ජීවිතයක් ගැන බලාපොරොත්තුවක් ඔබට ලබා දීමය. ඒ කාලයේදී ඔබ මා වෙතට හැරී මට හඬගසනු ඇත. මට කන්නලව් කරනු ඇත. එවිට මම ඔබට සවන් දෙන්නෙමි.’”—යෙරෙමියා 29:11, 12.

  • “දෙවියනි, මාගේ කඳුළු ඔබේ සම් භාජනයේ තබාගන්න. ඒවා ගැන ඔබේ ලියවිල්ලෙහි සටහන් කරගන්න.”—ගීතාවලිය 56:8.

දෙවියන් අපි දිහා බලාගෙන ඉන්නවා. හැම දෙයක්ම ඔහු දන්නවා. අපේ දුක ඔහුට දැනෙනවා

දෙවියන්ට අපේ දුක දැනෙනවා කියලා දැනන් ඉන්න එක ඕනම දුකක් දරාගන්න අපිට උදව් වෙනවාද? මාරියාගේ අද්දැකීම බලන්න.

“අවුරුදු දෙකක් තිස්සේ දරුණු පිළිකාවකින් දුක් විඳපු මගේ පුතා අවුරුදු 18දී මැරුණා. යෙහෝවා දෙවියන් එයාව බේරාගත්තේ නැති නිසා මං දෙවියන් එක්ක හිටියේ ලොකු කේන්තියකින්.

“අවුරුදු 6කට පස්සේ මං මගේ හිතේ තිබුණු දේවල් ගැන යාළුවෙක් එක්ක කතා කළා. දෙවියන් මට ආදරේ නැහැ කියලා මට හැඟෙන්න හේතුව මං එයාට කිව්වා. පැය ගාණක් තිස්සේ එයා මං කියන දේවල් අහගෙන හිටියා. ඊටපස්සේ එයා 1 යොහන් 3:19, 20 පෙන්නුවා. ඒකේ කියන්නේ ‘අපට වඩා හොඳින් දෙවි අපගේ සිත් ගැනත් සියලු දේ ගැනත් දන්නවා’ කියලයි. එයා මට පැහැදිලි කරලා දුන්නා අපේ දුක දෙවියන් තේරුම්ගන්නවා කියලා.

“හිතේ තිබුණු කේන්තිය නැති කරගන්න මට ලේසි වුණේ නැහැ. ගීතාවලිය 94:19 කියන්නේ ‘මාගේ සිත නොසන්සුන් වූ විට ඔබේ ඉමහත් ප්‍රේමය මට සැනසීමක් විය’ කියලයි. ඒ පදය ලියලා තියෙන්නේ මං වෙනුවෙන්මයි කියලා මට හිතුණා. අන්තිමට මටම තේරුණා යෙහෝවා දෙවියන් මාව තේරුම්ගන්නවා, මට ඇහුම්කන් දෙනවා කියලා. ඒ නිසා හිතේ තියෙන හැම දේම මං ඔහුට කිව්වා.”

දෙවියන්ට අපේ දුක දැනෙනවා කියලා තේරුම් අරන් ඉන්න එක මොන තරම් සහනයක්ද! ඒත් අද මේ තරම් දුක් වේදනාවන් තියෙන්නේ ඇයි? එහෙම වෙන්නේ අපි කරපු වැරදිවලට දෙවියන් දඬුවම් කරන නිසාද? දෙවියන් දුක් වේදනාවලට නිමාවක් ගෙනෙයිද? ඊළඟ ලිපිවලින් ඒ ගැන බලමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න