ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w18 පෙබරවාරි 28-30 පි.
  • ප්‍රීතිය දෙවිගෙන් අපිට ලැබෙන ගුණාංගයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රීතිය දෙවිගෙන් අපිට ලැබෙන ගුණාංගයක්
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඇත්තටම ප්‍රීතියෙන් ඉන්න කෙනෙක්
  • අපි ආදර්ශයට ගන්න කැමති අය
  • සතුටින් ඉන්න අපිට තියෙන හේතු
  • සතුට තව වැඩි කරගන්නේ කොහොමද?
  • ප්‍රීතියෙන් ඉද්දී ලැබෙන ප්‍රයෝජන
  • හෘදයේ ප්‍රීතියෙන් යුතුව යෙහෝවඃවහන්සේට සේවය කරන්න
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවඃවහන්සේ කෙරෙහි ප්‍රීතිවීම අපේ බලකොටුවය
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘ධර්මිෂ්ඨ තැනැත්තා යෙහෝවා දෙවිගේ ක්‍රියා ගැන ප්‍රීති වෙනවා’
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w18 පෙබරවාරි 28-30 පි.

ප්‍රීතිය දෙවිගෙන් අපිට ලැබෙන ගුණාංගයක්

  • ප්‍රේමය

  • ප්‍රීතිය

  • සමාදානය

  • බොහෝ ඉවසිලිවන්තකම

  • කරුණාවන්තකම

  • යහපත්කම

  • විශ්වාසය

  • මෘදුකම

  • තමාව පාලනය කරගැනීම

හැමෝටම ඕනෙ සතුටින්, ප්‍රීතියෙන් ඉන්න. ඒත් අපි ඉන්නේ අන්තිම දවස්වල නිසා හැමෝම මොනවා හරි ප්‍රශ්නයකින් දුක් විඳිනවා. (2 තිමෝ. 3:1) අසාධාරණකම් නිසා, අසනීප නිසා, රැකියාව අහිමි වුණ නිසා, ආදරේ කරපු කෙනෙක්ගේ මරණය නිසා සමහර අයගේ ප්‍රීතිය අහිමි වෙලා. හිතට බරක්, කනස්සල්ලක් ගේන වෙනත් දේවල් නිසාත් සමහරුන්ගේ ජීවිතවලින් සතුට ඈත් වෙලා. යෙහෝවා දෙවිට සේවය කරන කෙනෙක්ට වුණත් ඒ දේ වෙන්න පුළුවන්. ඔයා ඉන්නෙත් ඒ වගේ තත්වයක නම් නැති වුණ ඒ සතුට ආයෙත් ජීවිතේට ළං කරගන්න පුළුවන් කොහොමද?

ඒකට උත්තරේ දැනගන්න කලින් ඇත්තටම ප්‍රීතියෙන් ඉන්න කෙනෙක් මොන වගේද කියලත් ප්‍රශ්න ගැටලු තිබුණත් සමහරු සතුටින් ඉන්නේ කොහොමද කියලත් අපි බලමු. අපි ළඟ තියෙන සතුට දිගටම තියාගන්නේ කොහොමද සහ ඒ සතුට තව වැඩි කරගන්නේ කොහොමද කියලා ඊටපස්සේ බලමු.

ඇත්තටම ප්‍රීතියෙන් ඉන්න කෙනෙක්

ඇත්තටම ප්‍රීතියෙන් ඉන්න කෙනෙක් කියන්නේ හැම තිස්සෙම හිනා වෙලා ඉන්න කෙනෙක්ට නෙමෙයි. මෙහෙම හිතන්න. කෙනෙක් වෙරි වෙලා ඉද්දී හුඟක් හිනා වුණත් වෙරි ගතිය නැති වුණාම හිනා වෙන එකත් නවතිනවා. එයාගේ ප්‍රශ්නත් තාම එහෙම්මමයි. එයා අද්දැක්ක සතුට තිබුණේ පොඩි වෙලාවකට විතරයි. ඒක සැබෑ සතුට නෙමෙයි.—හිතෝ. 14:13.

ප්‍රීතිය කියන්නේ හොඳ දෙයක් ලැබෙද්දී, හොඳ දෙයක් ගැන බලාපොරොත්තුවෙන් ඉද්දී අපේ හිතේ ඇති වෙන හැඟීමයි. සැබෑ ප්‍රීතිය තියෙන කෙනෙක් එයා මුහුණ දෙන තත්වය මොකක් වුණත් සතුටින් ඉන්නවා. (1 තෙස. 1:6) සමහරවිට එයා ඉන්නේ ප්‍රශ්නෙකට මුහුණ දීලා වෙන්න පුළුවන්. ඒත් එයාගේ සතුට නැති වෙන්නේ නැහැ. උදාහරණෙකට යේසුස් ගැන දේශනා කරපු නිසා ඔහුගේ නියෝජිතයන්ට හොඳටම ගුටි කන්න වුණා. ඒත් ‘යුදෙව් මන්ත්‍රණ සභාවෙන් පිටතට ආපු එයාලා, යේසුස්ගේ නාමය නිසා නින්දා විඳින්න ලැබීම කොතරම් උතුම් වරප්‍රසාදයක්ද කියා සිතමින් ප්‍රීතියෙන් පිටත්ව ගියා.’ (ක්‍රියා 5:41) එයාලා සතුටින් හිටියේ ගුටි කාපු නිසා නෙමෙයි දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න පුළුවන් වුණ නිසයි.

ප්‍රීතිය කියන්නේ අපිට උපතින්ම පිහිටන දෙයක්වත් ඉබේ ඇති වෙන දෙයක්වත් නෙමෙයි. ඒක දෙවිගේ බලය අපි තුළ ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංගයක්. දෙවිගේ බලයට පුළුවන් “අලුත් පෞද්ගලිකත්වය” පැළඳගන්න අපිට උදව් කරන්න. ඒ පෞද්ගලිකත්වයට ප්‍රීතියත් ඇතුළත්. (එෆී. 4:24; ගලා. 5:22) ප්‍රීතිය අපි තුළ තියෙනවා නම් අභියෝගවලට මුහුණ දෙන්න ලේසියි.

අපි ආදර්ශයට ගන්න කැමති අය

යෙහෝවා දෙවි පොළොව නිර්මාණය කළේ අද තියෙනවා වගේ නරක දේවල්වලින් පොළොව පිරිලා යනවා දකින්න නෙමෙයි. යහපත් දේවල් වෙනවා දකින්නයි. ඒත් එහෙමයි කියලා මිනිස්සු කරන දුෂ්ටකම් නිසා දෙවි ඔහු තුළ තියෙන ප්‍රීතිය නැති කරගන්නේ නැහැ. බයිබලේ කියන්නේ “බලයත් ප්‍රීතියත් ඔහුගේ වාසස්ථානයෙහි ඇත” කියලයි. (1 ලේක. 16:27) ඒ විතරක් නෙමෙයි දෙවි ඔහුගේ සේවකයන් කරන හොඳ දේවල් දකිද්දීත් සතුටක් අද්දකිනවා.—හිතෝ. 27:11.

අපිත් දෙවිව ආදර්ශයට ගන්නවා නම් බලාපොරොත්තු වුණ විදිහට දේවල් වෙන්නේ නැති වෙලාවලදී අපේ සතුට නැති කරගන්නේ නැහැ. දුක් වෙවී ඉන්නවා වෙනුවට දැනටමත් අපිට තියෙන හොඳ දේවල් ගැන හිතනවා. අනාගත ආශීර්වාද ලැබෙන කල් ඉවසීමෙන් බලාගෙන ඉන්නවා.a

මොන ප්‍රශ්න ආවත් ප්‍රීතිය නැති කරගත්තේ නැති හුඟක් අය ගැන බයිබලේ තියෙනවා. ආබ්‍රහම් ඒ අයගෙන් කෙනෙක්. ජීවිතේ අනතුරේ වැටිලා තියෙද්දීත් අනිත් අයගෙන් ප්‍රශ්න ඇති වුණ වෙලාවලදීත් එයා සතුට නැති කරගත්තේ නැහැ. (උත්. 12:10-20; 14:8-16; 16:4, 5; 20:1-18; 21:8, 9) එයාට ඒක කරන්න පුළුවන් වුණේ ගැලවුම්කරුගේ පාලනය යටතේ ගත කරන ජීවිතය ගැන එයා නිතරම හිතපු නිසයි. (උත්. 22:15-18; හෙබ්‍රෙ. 11:10) යේසුස් ඒ ගැන මෙහෙම කිව්වා. ‘ඔබේ පියා වූ ආබ්‍රහම්, මා කරන දේවල් දැක බලා ගැනීමට මහත් ආශාවකින් බලා සිටි කෙනෙක්. එයින් ඔහු මොන තරම් ප්‍රීතියක් ලැබුවාද!’ (යොහ. 8:56) අපිටත් පුළුවන් ආබ්‍රහම්ව ආදර්ශයට අරන් අනාගතේ ලැබෙන්න යන ආශීර්වාද ගැන නිතරම හිතන්න.—රෝම 8:21.

පාවුල්ටත් සීලස්ටත් හුඟක් පීඩාවලට මුහුණ දෙන්න වුණා. ඒත් එයාලා දෙවි ගැන තිබුණ විශ්වාසය අඩු කරගත්තේවත් සතුට නැති කරගත්තේවත් නැහැ. එයාලට හොඳටම ගහලා හිරේට දැම්මත් එයාලා “යාච්ඤා කරමින්ද දෙවිට ප්‍රශංසා ගී ගයමින්ද හිටියා” කියලා බයිබලේ කියනවා. (ක්‍රියා 16:23-25) දෙවිගේ පොරොන්දු ගැන දිගටම හිතපු නිසයි ආපු පීඩා විඳදරාගන්න එයාලට පුළුවන් වුණේ. ඒ වගේම එයාලා දැනගෙන හිටියා පීඩා අද්දැක්කේ එයාලා යේසුස්ගේ අනුගාමිකයන් නිසයි කියලා. සතුට දිගටම තියාගන්න ඒකත් උදව් වුණා. අපිටත් පුළුවන් පාවුල්ව සහ සීලස්ව ආදර්ශයට අරන් දිගටම දෙවිට විශ්වාසවන්තව සේවය කරන එකෙන් ලැබෙන හොඳ ප්‍රතිඵල ගැන හිතන්න.—ෆිලි. 1:12-14.

මොන අමාරුකම් ආවත් සතුට නැති කරගත්තේ නැති සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් අදත් ඉන්නවා. උදාහරණෙකට 2013 නොවැම්බර් මාසේ පිලිපීනයට කඩා වැදුණු හයියාන් සුළිකුණාටුව නිසා එහේ හිටපු සාක්ෂිකරුවන් 1,000කට වඩා වැඩිදෙනෙක්ට ගෙවල් අහිමි වුණා. එයාලගෙන් කෙනෙක් වුණ ජෝර්ජ් මෙහෙම කියනවා. “අපිට හැම දේම නැති වුණා තමයි. ඒත් අපේ සතුට නැති වුණේ නැහැ.” දෙවි අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන හිතනවා නම්, ඒ ගැන දිගටම ලොකු අගයක් තියෙනවා නම් මොන අමාරුකම්වලට මුහුණ දෙන්න වුණත් අපේ සතුට දිගටම තියාගන්න පුළුවන්. දිගටම සතුට තියාගන්න අපිට උදව් වෙන තවත් දේවල් මොනවාද?

සතුටින් ඉන්න අපිට තියෙන හේතු

සතුටින් ඉන්න අපිට තියෙන ලොකුම හේතුව යෙහෝවා දෙවි එක්ක අපිට තියෙන බැඳීමයි. අපි දැන හඳුනා ගෙන ඉන්නේ මුළු විශ්වයෙම පාලකයාව. ඔහු අපේ තාත්තා, අපේ දෙවි, අපේ හොඳම යාළුවා.—ගීතා. 71:17, 18.

අපිට ජීවිතේ දීලා සතුටින් ඒක ගත කරන්න හැකියාව දුන්න එක ගැන අපි දෙවිට කොච්චර ස්තුති කරන්න ඕනෙද! (දේශ. 3:12, 13) දෙවි ඔහු ගැන දැනගන්න අපේ හිතේ ආසාවක් ඇති කරපු නිසයි ඔහු අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා අපි දැනගත්තේ. අපේ ජීවිත අර්ථවත්ව ගත කරන්න ඒක අපිට උදව්වක්. (කොලො. 1:9, 10) ඒත් අද ඉන්න හුඟක් අය ඒ ගැන දන්නේ නැහැ. ඒ ගැන පාවුල් මෙහෙම කියනවා. “දෙවි තමන් ප්‍රේම කරන අය වෙනුවෙන් සූදානම් කර ඇති දේවල් ගැන සිතන්නවත් කිසි කෙනෙකුට බැරිය. කිසිම කෙනෙක් එවැනි දෙයක් ඇසුවේවත් දුටුවේවත් නැත. නමුත් දෙවි තම බලය අපට ලබා දීමෙන් ඒ දේවල් අපට හෙළි කර ඇත.” (1 කොරි. 2:9, 10) දෙවි අපෙන් බලාපොරොත්තු වෙන දේ ගැනත් ඔහුගේ අරමුණ ගැනත් දැනගන්න ලැබුණ එක සතුටින් ඉන්න අපිට හේතුවක් නෙමෙයිද?

යෙහෝවා දෙවි තවත් හුඟක් දේවල් අපි වෙනුවෙන් කරලා තියෙනවා. දෙවි ආදරෙන් පෙලඹිලා අපේ පාපවලට සමාව ලබා දෙන්න මාර්ගය විවෘත කළා. (1 යොහ. 2:12) පාරාදීසයේ සතුටින් ජීවත් වෙන බලාපොරොත්තුව දුන්නා. (රෝම 12:12) එකට එකතු වෙලා දෙවිට නමස්කාර කරන්න ආදරණීය සහෝදර කැලක් අපිට දුන්නා. (ගීතා. 133:1) සාතන්ගෙන් සහ භූතයන්ගෙන් ඔහු අපිව ආරක්ෂා කරනවා. (ගීතා. 91:11) දෙවි අපි වෙනුවෙන් කරලා තියෙන ඒ පුදුමාකාර දේවල් ගැන නිතරම හිතනවා නම් ප්‍රීතියෙන් ඉපිල යන්න අපිට පුළුවන්.—ෆිලි. 4:4.

සතුට තව වැඩි කරගන්නේ කොහොමද?

ඔයා දැන් අද්දකින සතුට තවත් වැඩි කරගන්න පුළුවන්ද? යේසුස් මෙහෙම කිව්වා. “මම මේ දේවල් ඔබ සමඟ කතා කළේ මා තුළ ඇති ප්‍රීතිය ඔබත් සම්පූර්ණයෙන්ම අද්දකිනවාට මම කැමති නිසයි.” (යොහ. 15:11) අපි කවුරුත් ප්‍රීතිය සම්පූර්ණයෙන්ම අද්දකිනවා කියන්න බැහැ. ඒ කියන්නේ අපේ ප්‍රීතිය තවත් වැඩි කරගන්න පුළුවන් කියන එකයි. ගිනි ගොඩකින් ලැබෙන උණුසුම වැඩි කරගන්න නම් අපි ඒකට තව දර දාන්න ඕනේ. සතුටත් ඒ වගේ. සතුට කියන්නේ දෙවිගේ බලය අපි තුළ ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංගයක්. එහෙමනම් සතුට තව වැඩි කරගන්න අපි දිගටම දෙවිගේ බලය ඉල්ලලා යාච්ඤා කරන්න ඕනේ. දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් ලියවුණු බයිබලේ කියවලා ඒ ගැන හොඳට හිතන්න ඕනේ.—ගීතා. 1:1, 2; ලූක් 11:13.

දෙවිගේ හිතට සතුටක් ගේන දේවල්වල නිතරම හවුල් වෙන එකෙනුත් අපේ සතුට වැඩි කරගන්න පුළුවන්. (ගීතා. 35:27; 112:1) මොකද අපිව නිර්මාණය කරලා තියෙන්නේ දෙවි බලාපොරොත්තු වෙන දේවල් කරලා සතුටක් ලබන්න පුළුවන් විදිහටයි. “සැබෑ දෙවිට ගරුබිය දක්වමින් ඔහුගේ ආඥා පිළිපදින්න. මිනිසාගේ යුතුකම එයයි” කියලා බයිබලේ කියනවා. (දේශ. 12:13) ජීවිතේ අපිට අද්දකින්න පුළුවන් ලොකුම සතුට ලැබෙන්නේ යෙහෝවා දෙවිට සේවය කරන එකෙන්.b

ප්‍රීතියෙන් ඉද්දී ලැබෙන ප්‍රයෝජන

අපේ සතුට තව වැඩි කරගද්දී ඒකෙන් අපිට ලැබෙන ප්‍රයෝජනත් තව වැඩි වෙනවා. ප්‍රශ්න මැද දිගටම සතුටින් දෙවිට සේවය කරද්දී දෙවි තව වැඩියෙන් අපි ගැන සතුටු වෙනවා. (ද්වි. 16:15; 1 තෙස. 5:16-18) ඒ වගේම අපි නියම සතුට අද්දකින නිසා ධන සම්පත් රැස් කරගන්න කාලේ දෙනවා වෙනුවට දේවරාජ්‍යයේ වැඩකටයුතු වෙනුවෙන් තවත් කැප කිරීම් කරන්න අපි පෙලඹෙනවා. (මතෙ. 13:44) ඒ කැප කිරීම් නිසා ලැබෙන හොඳ ප්‍රතිඵල දකිද්දී අපේ සතුට තවත් වැඩි වෙනවා වගේම අපිට අපි ගැනම හොඳ හැඟීමක් ඇති වෙනවා. අනිත් අයගේ සතුටට දායක වෙන්නත් අපිට පුළුවන්.—ක්‍රියා 20:35; ෆිලි. 1:3-5.

හොඳ ශරීර සෞඛ්‍යයක් තියාගන්නත් සතුටින් ඉන්න එක බලපානවා. බයිබලේ කියන්නේ “ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයකි” කියලා. (හිතෝ. 17:22) ඒක ඇත්තක් කියලා ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක පර්යේෂකයෙක් කියපු මේ දෙයින් පැහැදිලියි. “ඔයා ඉන්නේ සතුටින් නම් ඔයා අසනීප වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.”

අපි ජීවත් වෙන්නේ ප්‍රශ්න ගැටලු පිරුණු කාලෙක වුණත් දෙවිට යාච්ඤා කරනවා නම්, බයිබලේ අධ්‍යයනය කරලා ඒ ගැන හොඳට හිතනවා නම් දෙවිගේ බලය අපි තුළ ක්‍රියත්මක වෙන නිසා සැබෑ සතුට අද්දකින්න අපිට පුළුවන්. ඒ වගේම දෙවි අපිට දීලා තියෙන දේවල් ගැන හිතද්දී, දෙවිට විශ්වාසවන්තව හිටපු අයව ආදර්ශයට ගද්දී, දෙවි කැමති දේවල් කරන්න වැඩි කාලයක් යොදවද්දී අපේ සතුට තවත් වැඩි වෙනවා. එතකොට ගීතාවලිය 64:10 කියන මේ දේ අපිටත් අදාළ වෙයි. “ධර්මිෂ්ඨ තැනැත්තා යෙහෝවා දෙවිගේ ක්‍රියා ගැන ප්‍රීති වී ඔහුගේ රැකවරණය පතන්නේය.”

a දෙවිගේ බලය කෙනෙක් තුළ ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංග ගැන කතා කරන ලිපි මාලාවේ ඉස්සරහට ඉවසීම ගැනත් කතා කරනවා.

b “සතුට වැඩි කරගන්න පුළුවන් තවත් විදි” කියන කොටුව බලන්න.

සතුට වැඩි කරගන්න පුළුවන් තවත් විදි

  • සරල ජීවිතයක් ගත කරන්න.—ලූක් 12:15.

  • ඔයාගේ සීමාවන් හඳුනගන්න.—මීකා 6:8.

  • යෙහෝවා දෙවිට තවත් හොඳින් සේවය කරන්න පුළුවන් වෙන විදිහට ඔයාගේ එදිනෙදා දේවල් (රැකියාව, පාසැල, විනෝදය) සැලසුම් කරන්න.—එෆී. 5:15, 16.

  • ඔයාගෙන්වත් අනිත් අයගෙන්වත් ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න එපා.—ෆිලි. 4:5.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න