ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w18 අප්‍රියෙල් 32 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • 2013දී සංශෝධනය කළ ඉංග්‍රීසි ‘නව ලොව පරිවර්තනය’
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තේරුම්ගන්න පහසු බයිබල් පරිවර්තනයක්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • A3 බයිබලය අපේ අතට ආපු විදිහ
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • A1 බයිබල් පරිවර්තනයට උදව් වුණ මඟ පෙන්වීම්
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
තව තොරතුරු
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w18 අප්‍රියෙල් 32 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

2013දී සංශෝධනය කළ ඉංග්‍රීසි ‘නව ලොව පරිවර්තනයට’ අනුව ගීතාවලිය 144:12-15 දක්වා සඳහන් දේවල් අදාළ වෙන්නේ දෙවිගේ සෙනඟටයි. ඒත් කලින් පරිවර්තනයේ ඒ කොටස යොමු දැක්වුවේ 11වෙනි පදයේ සඳහන් වෙන දුෂ්ට විදේශිකයන්ට. සංශෝධනයේදී ඒ වගේ වෙනසක් කළේ ඇයි?

හෙබ්‍රෙව් භාෂාවට අනුව ඒ අදහස් දෙකම ගන්න පුළුවන්. ඒත් ඒ වෙනස කළේ මේ හේතු නිසයි.

  1. සංශෝධනයේදී කරපු වෙනස හෙබ්‍රෙව් භාෂාවේ වචන සහ ව්‍යාකරණ එක්ක එකඟයි. ගීතාවලිය 144:12-15 දක්වා පද සහ ඊට කලින් තියෙන පද අතර සම්බන්ධය තීරණය වෙන්නේ 12වෙනි පදයේ සඳහන් මුල් වචනය මත. එතන සඳහන් වෙන්නේ “අෂර්” කියන හෙබ්‍රෙව් වචනය. ඒ වචනය විදි කීපයකින් පරිවර්තනය කරන්න පුළුවන්. උදාහරණෙකට ඒකෙන් “ඔහු” නැත්නම් “ඔවුහු” කියන සර්ව නාම පදය අදහස් වෙන්න පුළුවන්. ඒ අදහස තමයි කලින් පරිවර්තනයේ සඳහන් වුණේ. ඒ නිසා 12 ඉඳන් 14 දක්වා පදවල සඳහන් වෙන හොඳ දේවල් අද්දැක්කේ ඊට කලින් පදවල කතා කරන දුෂ්ට මිනිසුන් කියන අදහස ඒකෙන් ආවා. “අෂර්” කියන වචනය යම් දේක ප්‍රතිඵලය පෙන්නන්නත් පාවිච්චි කරනවා. ඒක “එතකොට” “ඒ නිසා” හැටියට පරිවර්තනය කරන්න පුළුවන්. 2013දී සංශෝධනය කරපු ඉංග්‍රීසි බයිබලෙත් තවත් බයිබල් පරිවර්තනවලත් පාවිච්චි කරලා තියෙන්නේ ඒ අදහසයි.

  2. සංශෝධනයේදී කරපු වෙනස ඒ ගීතිකාවේ ඉතිරි කොටසට හොඳින් ගැළපෙනවා. 12වෙනි පදය “එතකොට” කියලා පටන්ගන්න එකෙන් පැහැදිලි වෙනවා එතන ඉඳලා 14වෙනි පදය දක්වා කතා කරලා තියෙන ආශීර්වාද අද්දකින්නේ ‘දුෂ්ටයන්ගේ අතින් බේරාගන්න’ (11වෙනි පදයේ) කියලා අයැදින ධර්මිෂ්ඨ අය කියන එක. ඒ වෙනස 15වෙනි පදයටත් බලපානවා. ඒ පදයේ දෙපාරක්ම “සන්තෝෂවත්” අය හැටියට කතා කරලා තියෙන්නේ එකම කට්ටිය ගැනයි කියලා දැන් තේරෙනවා. ඒ අය තමයි “යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි ලෙස පිළිගෙන සිටින සෙනඟ.” මුල් හෙබ්‍රෙව් ලියවිලිවල විරාම ලක්ෂණවත් යුගළ උඩු කොමාවත් තිබුණේ නැහැ කියන දේත් අපි මතක තියාගන්න ඕනේ. ඒ නිසා පරිවර්තකයන් නිවැරදි අදහස තේරුම්ගන්න නම් හෙබ්‍රෙව් භාෂාවේ තිබුණ කාව්‍යමය ශෛලිය, අවට පාඨ සම්බන්ධය සහ බයිබලේ වෙනත් කොටස් සැලකිල්ලට ගන්න ඕනෙ වුණා.

  3. සංශෝධනයේදී කරපු වෙනස දෙවි පොරොන්දු වෙලා තියෙන ආශීර්වාද සඳහන් වෙනත් බයිබල් කොටස්වලට එකඟයි. දෙවි ඊශ්‍රායෙල් සෙනඟව සතුරන්ගේ අතින් බේරගෙන එයාලට සතුට පිරුණු, සමෘද්ධිමත් ජීවිතයක් ලබා දෙනවා කියන බලාපොරොත්තුව දාවිත්ට තිබුණා. “අෂර්” කියන වචනය “එතකොට” හැටියට පරිවර්තනය කරපු නිසා දාවිත්ට තිබුණ ඒ බලාපොරොත්තුව මුළු ගීතිකාවෙන්ම ලස්සනට ඉස්මතු වෙනවා. (ලෙවී. 26:9, 10; ද්වි. 7:13; ගීතා. 128:1-6) ද්විතීය කතාව 28:4 කියන මේ දේත් බලන්න. “ඔබට බොහෝ දරුවන් බිහි කිරීමට ආශීර්වාද ලැබේවා! ඔබ නෙළන අස්වැන්නටත් එළු බැටළුවන් හා ගවයන් ඇතුළු ඔබ ඇති කරන සියලු සතුන්ටත් උන් බිහි කරන පැටවුන්ටත් ආශීර්වාද ලැබේවා!” දාවිත්ගේ පුතා වුණ සලමොන් පාලනය කරපු කාලේදී ඊශ්‍රායෙල් සෙනඟ කලින් කවදාවත් අද්දැකලා තිබුණේ නැති විදිහේ සාමකාමී, සමෘද්ධිමත් කාලයක් අද්දැක්කා. ඒ කාලය ගැලවුම්කරුගේ පාලන කාලෙට යොමු දැක්වුවා.—1 රාජා. 4:20, 21; ගීතා. 72:1-20.

144වෙනි ගීතිකාවේ කරපු වෙනස නිසා බයිබල් ඉගැන්වීම් ගැන අපිට තිබුණ අවබෝධය තව වැඩි වුණේ නැහැ. ඒත් අතීතයේ ඉඳන් දෙවිගේ සේවකයන්ට තිබුණ බලාපොරොත්තුව දැන් ඒ මුළු ගීතිකාවෙන්ම හොඳින් පැහැදිලි වෙනවා. ඒ තමයි දෙවි දුෂ්ටයන්ව විනාශ කරලා ධර්මිෂ්ඨ අයට සදහටම සාමයෙන්, සතුටින් ජීවත් වෙන්න අවස්ථාව දෙනවා කියන බලාපොරොත්තුව.—ගීතා. 37:10, 11.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න