ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w18 මැයි 9-11 පි.
  • සමාදානය අද්දකින්න පුළුවන් කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සමාදානය අද්දකින්න පුළුවන් කොහොමද?
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඇතුළාන්ත සමාදානය අද්දකින්න නම්
  • දෙවිගේ බලය අපිට උදව් කරනවා
  • සමාදානය ඇති කරගත්තේ කොහොමද?
  • හැමෝම එක්ක සමාදානයෙන් ඉන්න
  • හැමදාටම සමාදානය අද්දකින්න
  • සැබෑ සාමය—මොන උල්පතෙන්ද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ගැටලුවලින් පිරි ලොවක සැනසීම ලැබිය හැකිද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යොහන් 14:27 - “නුඹලා වෙත සමාදානය තබා යමි”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • දේවසමාදානයේ දූතයන් සේ සේවය කිරීම
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w18 මැයි 9-11 පි.
බිල් ගෙවන එක, ආදරේ කරන කෙනෙක්ගේ අසනීපය වගේ දේවල් නිසා කෙනෙක් කනස්සලු වෙනවා

සමාදානය අද්දකින්න පුළුවන් කොහොමද?

  • ප්‍රේමය

  • ප්‍රීතිය

  • සමාදානය

  • බොහෝ ඉවසිලිවන්තකම

  • කරුණාවන්තකම

  • යහපත්කම

  • විශ්වාසය

  • මෘදුකම

  • තමාව පාලනය කරගැනීම

අපි ජීවත් වෙන්නේ අසීරු කාලෙක නිසා හුඟදෙනෙක්ගේ හිත් ප්‍රශ්නවලින් බර වෙලා. හිතේ සමාදානයක් නැති තරම්. තිබුණත් ඒක දිගටම රැකගන්න එක ලේසි නැහැ. ඇතුළාන්තයෙන්ම අද්දකින සමාදානය ගැන බයිබලේ මොනවාද කියන්නේ? ඒක අද්දකින්න අපිට පුළුවන් කොහොමද? අනිත් අයට ඒ සමාදානය අද්දකින්න උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

ඇතුළාන්ත සමාදානය අද්දකින්න නම්

ඇතුළාන්ත සමාදානය අද්දකින්න නම් අපිට සුරක්ෂික හැඟීමක්, සන්සුන් මනසක් තියෙන්නම ඕනේ. අනිත් අය එක්ක හොඳ බැඳීම් ඇති කරගන්නත් ඕනේ. අපි ඇති කරගන්න ඕනෙ වටිනාම බැඳීම යෙහෝවා දෙවි එක්ක ඇති කරගන්න බැඳීමයි. දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්නේ කොහොමද?

බිල් ගෙවන එක, ආදරේ කරන කෙනෙක්ගේ අසනීපය වගේ දේවල් නිසා කෙනෙක් කනස්සලු වෙනවා

ප්‍රශ්න නිසා හුඟදෙනෙක්ගේ හිත්වල සමාදානයක් නැහැ

යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ නීතිවලට, ප්‍රතිපත්තිවලට කීකරු වෙද්දී අපි පෙන්නන්නේ දෙවිව අපිට විශ්වාසයි කියලා. ඔහු එක්ක සමාදානය ඇති කරගන්න අපිට ලොකු ආසාවක් තියෙනවා කියලා. (යෙරෙ. 17:7, 8; යාකො. 2:22, 23) අපි එහෙම කරද්දී යෙහෝවා දෙවි අපිට ළං වෙලා අපේ හිතට සමාදානය ලබා දෙනවා. යෙසායා 32:17 කියන්නේ මෙහෙමයි. “ධර්මිෂ්ඨකම රජයන නිසා සාමය උදා වෙයි. ධර්මිෂ්ඨ සමාජයක් බිහි වන නිසා ජනයා සදහටම කිසි කරදරයක් නොමැතිව සුරක්ෂිතව කල් ගෙවනු ඇත.” අපි මුළු හදවතින්ම දෙවිට කීකරු වෙනවා නම් ඇතුළාන්ත සමාදානය අද්දකින්න අපිට පුළුවන්.—යෙසා. 48:18, 19.

දෙවි අපිට ඔහුගේ බලය ලබා දීලත් ඇතුළාන්ත සමාදානය ඇති කරගන්න උදව් කරනවා.—ක්‍රියා 9:31.

දෙවිගේ බලය අපිට උදව් කරනවා

කෙනෙක් තුළ ‘දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී’ ඇති වෙන ගුණාංග සඳහන් ලැයිස්තුවේ 3වෙනියට සඳහන් වෙන්නේ සමාදානය කියන ගුණාංගයයි. (ගලා. 5:22, 23) ඒකෙන් තේරෙනවා ඇතුළාන්ත සමාදානය අද්දකින්න නම් දෙවිගේ බලය අපි තුළ ක්‍රියාත්මක වෙන්න අපි ඉඩ දෙන්න ඕනෙ කියලා. දෙවිගේ බලය අපිට උදව් කරන විදි 2ක් දැන් බලමු.

(1) බයිබලේ නිතිපතා කියවන එක ඇතුළාන්ත සමාදානය ඇති කරගන්න උදව් වෙනවා. (ගීතා. 1:2, 3) බයිබලෙන් කියවන දේවල් ගැන අපි හොඳට හිතද්දී දෙවිගේ බලයට පුළුවන් දෙවි හිතන විදිහ තේරුම්ගන්න අපිට උදව් කරන්න. උදාහරණෙකට යෙහෝවා දෙවි දිගටම සමාදානය රැකගන්නේ කොහොමද, සමාදානය ඔහුට එච්චර වැදගත් ඇයි කියලා තේරුම්ගන්න අපිට පුළුවන්. අපි තේරුම්ගන්න ඒ දේවල් අපේ ජීවිතේට අදාළ කරගද්දී තවත් වැඩියෙන් ඇතුළාන්ත සමාදානය අද්දකින්න අපිට පුළුවන්.—හිතෝ. 3:1, 2.

(2) අපි දෙවිගේ බලය ඉල්ලලා යාච්ඤා කරන්න ඕනේ. (ලූක් 11:13) අපි දෙවිගේ උදව් ඉල්ලනවා නම් ‘ක්‍රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය අද්දකින්න අපිට පුළුවන්’ කියලා දෙවි පොරොන්දු වෙනවා. ‘ඒක කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයක්. ඒ සමාදානය අපේ හදවතටත් මනසටත් ආරක්ෂාවක්.’ (ෆිලි. 4:6, 7) අපි නිතිපතා යාච්ඤා කරලා දෙවිගේ බලය ඉල්ලද්දී දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් ඇතුළාන්ත සමාදානය අපිට ලබා දෙනවා. ඒක දෙවිගේ කිට්ටු යාළුවන්ට ලැබෙන තෑග්ගක්.—රෝම 15:13.

බයිබලේ උපදෙස් අදාළ කරගෙන යෙහෝවා දෙවි එක්ක, අනිත් අය එක්ක වගේම තමන් එක්කම සමාදානය ඇති කරගන්න සමහරුන්ට පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද?

සමාදානය ඇති කරගත්තේ කොහොමද?

කලින් අනිත් අය එක්ක වැඩ කරද්දී “කෝපාවිෂ්ට” වෙලා දේවල් කළත් දැන් අනිත් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙලා, කාරුණිකව, ඉවසීමෙන්, සමාදානයෙන් දේවල් කරන්න ඉගෙනගත්ත අය සාක්ෂිකරුවන් අතරේ ඉන්නවා.a (හිතෝ. 29:22) ඒ වගේ දෙන්නෙක් ගැන බලමු.

බයිබල් ප්‍රතිපත්ති ආදළ කරගන්න එකෙන්, යාච්ඤා කරන එකෙන් පවුලේ සාමය ඇති කරගන්න පුළුවන්

බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගද්දී, දෙවිගෙන් බලය ඉල්ලද්දී සමාදානය අද්දකින්න පුළුවන්

ඩේවිඩ් නිතරම අනිත් අයගේ වැරදි දැක්ක කෙනෙක්. එයා පවුලේ අයටත් සැරෙන් බැණවැදුණා. ඒත් යෙහෝවා දෙවිව හඳුනගද්දී එයාට තේරුණා එයා වෙනස් වෙන්න ඕනෙ කියලා. එයාට ඕනෙ වුණා සමාදානය ඇති කරන විදිහට වැඩ කරන්න ඉගෙනගන්න. එයා මෙහෙම කියනවා. “බයිබලේ තියෙන මඟ පෙන්වීම් මං ජීවිතේට අදාළ කරගත්තා. ප්‍රතිඵලයක් විදිහට පවුලේ අයට ගෞරවයෙන් සලකන්නත් එයාලගේ ගෞරවය දිනාගන්නත් මට පුළුවන් වුණා.”

රේචල් හැදුණේ වැඩුණේ ඉක්මනින්ම කේන්ති ගන්න අය ඉන්න පවුලක. ඒ පවුල් පසුබිම රේචල්ට බලපෑවා. “තාමත් මගේ හිතට කේන්තියක් දැනෙන අවස්ථා තියෙනවා” කියලා එයා පිළිගන්නවා. ඒත් කේන්ති ගන්නේ නැතුව සමාදානයෙන් වැඩ කරන්න එයාට උදව් වුණේ මොකක්ද? එයා මෙහෙම කියනවා. “මං නිතරම දෙවිට යාච්ඤා කරලා ඔහුගේ උදව් ඉල්ලුවා.”

බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගත්ත නිසාත් දෙවිගේ බලය ඉල්ලලා යාච්ඤා කරපු නිසාත් ඇතුළාන්ත සමාදානය අද්දකින්න පුළුවන් වුණ තව හුඟදෙනෙක් ඉන්නවා. අපි ජීවත් වෙන්නේ කේන්තිය පිරුණු, කුරිරු ලෝකෙක වුණත් ඇතුළාන්ත සමාදානය අද්දකින්න අපිට පුළුවන්. පවුලේ අය එක්ක, සභාවේ අය එක්ක එක්සත්ව වැඩ කරන්න ඒක උදව් වෙනවා. ඒත් දෙවි අපිට උනන්දු කරන්නේ හැම කෙනෙක් එක්කම ‘සමාදානයෙන් ඉන්න’ කියලයි. (රෝම 12:18) ඒක කරන්න පුළුවන්ද? ඒකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

හැමෝම එක්ක සමාදානයෙන් ඉන්න

අපි සේවයේ ගිහින් මිනිසුන්ට කියන්නේ සමාදානය ඇති කරන දේවරාජ්‍යය ගැන ශුභාරංචියයි. (යෙසා. 9:6, 7; මතෙ. 24:14) ඒ පණිවිඩය පිළිගන්න අයට බලාපොරොත්තුවක් ලැබෙනවා. ඒ නිසා අවට ලෝකේ වෙන දේවල් ගැන කලකිරෙන්නේවත් හිතේ තරහක් ඇති කරගන්නේවත් නැතුව ඉන්න එයාලට පුළුවන්. ඒ වෙනුවට එයාලා පෙලඹෙන්නේ “සමාදානය සොයා, එය ලුහුබඳින්නයි.”—ගීතා. 34:14.

හැමෝම අපේ පණිවිඩයට හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. (යොහ. 3:19) ඒත් කේන්ති ගන්නේ නැතුව සාමය ඇති වෙන විදිහට ශුභාරංචිය ඒ අයටත් කියන්න දෙවිගේ බලය අපිට උදව් කරනවා. මතෙව් 10:11-13 යේසුස් මේ වගේ උපදෙසක් දුන්නා. “ඔබ නිවසකට ඇතුල් වෙද්දී ගෙයි වැසියන්ට සුබ පතන්න. ගෙයි වැසියන් සුදුස්සන් නම් ඔබ පතන සාමය ඔවුන් පිට පැමිණෙයි. නමුත් ඔවුන් සුදුස්සන් නොවෙයි නම් ඔබ පැතූ සාමය නැවත ඔබ පිට පැමිණෙයි.” ඒ උපදෙස අදාළ කරගන්නවා නම් කෙනෙක් හොඳ ප්‍රතිචාරයක් දැක්වුවේ නැතත් අපේ සමාදානය නැති කරගන්නේ නැතුව එතනින් එන්නත් ඊළඟ සැරේ එයා හොඳ ප්‍රතිචාරයක් දක්වයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නත් අපිට පුළුවන්.

රජයේ නිලධාරීන් එක්ක කතා කරද්දී, එයාලා අපිට විරුද්ධව වැඩ කරන අය වුණත් එයාලට ගෞරවයෙන් සලකනවා නම් සමාදානය ඇති කරන්න දායක වෙන්න අපිට පුළුවන්. මේ උදාහරණේ බලන්න. අප්‍රිකානු රටක ආණ්ඩුවක් නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්න සාක්ෂිකරුවන්ට අවසර දුන්නේ නැහැ. ඒත් ඒ කාරණය සමාදානයෙන් විසඳගන්න අරමුණින් කලින් ඒ රටේ මිෂනාරි සේවය කරපු සහෝදරයෙක්ව එංගලන්තයේ තිබුණ ඒ අප්‍රිකානු රටේ මහ කොමසාරිස් කාර්යාලයට යැව්වා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අනිත් අයත් එක්ක සමාදානයෙන් වැඩ කරන සෙනඟක් කියලා බලධාරීන්ට පෙන්නලා දෙන්නයි එයාව එහෙට යැව්වේ. එතනදී මොකද වුණේ?

එයා මෙහෙම කියනවා. “එතන හිටපු පිළිගැනීමේ නිලධාරිනිය ඇඳන් හිටපු ඇඳුම දැක්කාම මං දැනගත්තා එයා මොන ගෝත්‍රයට අයිති කෙනෙක්ද කියලා. ඒ ගෝත්‍රයේ අය කතා කරන භාෂාව මං දැනන් හිටියා. ඉතිං මං එයාගේ භාෂාවෙන්ම ‘කොහොමද’ කියලා ඇහුවා. එතකොට එයා පුදුම වෙලා ඇහුවා ‘ඔයා ආවේ මොන වගේ වැඩකටද’ කියලා. මං කාරුණිකව එයාට කිව්වා ‘මං කැමතියි මහ කොමසාරිස්වරයාව හම්බ වෙන්න’ කියලා. එයා කෝල් එකක් අරන් මං ගැන කිව්වාම ඒ නිලධාරියා මං ළඟට ඇවිත් මාත් එක්ක කතා කළා. මං ආපු කාරණය ගැන සන්සුන්ව එයාට පැහැදිලි කරද්දී එයා හොඳට ඇහුම්කන් දුන්නා.”

සාක්ෂිකරුවන් ගැන මහ කොමසාරිස්වරයාට තිබුණ වැරදි මත නැති කරන්න ඒ සාකච්ඡාව උදව් වුණා. ටික කාලෙකට පස්සේ ඒ අප්‍රිකානු රටේ සාක්ෂිකරුවන්ගේ ඉදි කිරීම් වැඩවලට දාලා තිබුණ තහංචි ඉවත් කළා. සහෝදරයන් ඒ ගැන කොයි තරම් සතුටු වෙන්න ඇද්ද! අනිත් අයට ගෞරවයෙන් සලකද්දී හොඳ ප්‍රතිඵල ලැබෙනවා. සමාදානය ඇති කරගන්න පුළුවන් වෙන එක ඒවායින් එකක්.

හැමදාටම සමාදානය අද්දකින්න

යෙහෝවා දෙවිගේ සෙනඟ අතරේ සමාදානය තියෙනවා. ඒ නිසා එයාලට දැනෙන්නේ දැනටමත් පාරාදීසයේ ඉන්නවා වගේ. දෙවිගේ බලය කෙනෙක් තුළ ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ඒ ගුණාංගය වර්ධනය කරගන්න ඔයාත් උත්සාහ කරනවා නම් ඒ එක්සත්කමට දායක වෙන්න ඔයාටත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි යෙහෝවා දෙවිගේ අනුමැතිය දිනාගන්නත් පාරාදීසයේදී සදහටම සමාදානය අද්දකින්නත් ඔයාට පුළුවන් වෙනවා.—2 පේතෘ. 3:13, 14.

a දෙවිගේ බලය කෙනෙක් තුළ ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංග ගැන කතා කරන ලිපි මාලාවේ ඉස්සරහට කරුණාව ගැන කතා කරනවා.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න