ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w18 සැප්තැම්බර් 8-11 පි.
  • මහලු සහෝදරයෙනි, ඔයාලගේ ළැදිකම දෙවිට වටිනවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මහලු සහෝදරයෙනි, ඔයාලගේ ළැදිකම දෙවිට වටිනවා
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • තමන්ගේ සීමාව තේරුම්ගත්ත කෙනෙක්
  • අනාගතය ගැන හිතලා සැලසුම් කරන්න
  • වටිනා සේවයක් ඉටු කරන්න තවමත් පුළුවන්
  • ඔයාගේ ළැදිකම දෙවිට වටිනවා
  • බාසිල්ලයි තම සීමාවන් දැන කටයුතු කළ මිනිසෙක්
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තරුණ සහෝදර සහෝදරියන්ව වටිනා අය විදිහට සලකන්න
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බාසිල්ලයි වගේ අපේ සීමාවන් තේරුම්ගමු
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • මහලු වියේ පවා දිගටම විශ්වාසවන්තව
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w18 සැප්තැම්බර් 8-11 පි.
මහලු සහෝදරයෙක් තරුණ සහෝදරයෙක්ව දිරිගන්වනවා

මහලු සහෝදරයෙනි, ඔයාලගේ ළැදිකම දෙවිට වටිනවා

ලෝකේ පුරාම ඉන්න වැඩිමහල්ලන් එයාලට ලැබෙන පැවරුම් හුඟක් අගය කරනවා. එයාලා අපිට මොන තරම් ආශීර්වාදයක්ද! මෑතකදී සංවිධානයෙන් වැඩිමහල්ලන්ගේ වගකීම් සම්බන්ධයෙන් යම් වෙනස්කමක් කළා. ඒ වෙනස්කමට අනුව මහලු වැඩිමහල්ලන් එයාලගේ බැරෑරුම් වගකීම් සමහරක් තරුණ වැඩිමහල්ලන්ට භාර දෙන්න ඕනේ.

අලුත් සැලැස්මට අනුව චාරිකා සේවකයන් සහ පාසැල් උපදේශකයන් විදිහට සේවය කරන සහෝදරයන් එයාලට වයස 70ක් වුණාම ඒ වගකීමෙන් අයින් වෙන්න ඕනේ. ශාඛා කමිටුවේ සම්බන්ධීකාරක නැත්නම් සභාවක වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක වගේ වගකීම් දරන සහෝදරයන්ට වයස 80 පිරුණාම ඒ වගකීම තරුණ වැඩිමහල්ලෙකුට භාර දෙන්න ඕනේ. ඒ වෙනස්කමට මහලු වැඩිමහල්ලන් කැමැත්තෙන්ම කීකරු වුණා. එයාලා යෙහෝවා දෙවිටත් සංවිධානයටත් ළැදියි කියලා ඒකෙන් පැහැදිලියි.

අවුරුදු 49කට කිට්ටු කාලයක් ශාඛා කමිටුවේ සම්බන්ධීකාරක විදිහට සේවය කරපු කෙන් මෙහෙම කියනවා. “මේ වෙනස්කම මං මුළු හිතින්ම පිළිගන්නවා. ඒක අහපු දවසේ උදේ තමයි මං දෙවිට යාච්ඤා කරලා කිව්වේ මගේ පැවරුම තරුණ සහෝදරයෙකුට භාර දෙන්න පුළුවන් නම් හොඳයි කියලා.” ලෝකේ පුරාම ඉන්න මහලු වැඩිමහල්ලන්ට හැඟෙන්නෙත් කෙන්ට හැඟුණා වගේමයි. ඒත් සහෝදර සහෝදරියන්ට සේවය කරන්න එයාලට තියෙන ආසාව නිසා එයාලගේ හිතට දුකක් දැනෙන්නේ නැතුවමත් නෙමෙයි.

“මුලින් මගේ හිතට දුකක් දැනුණා.” එහෙම කිව්වේ සභාවක වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක හැටියට සේවය කරපු එස්පරාන්ඩියූ. ඒත් එයා මෙහෙම කියනවා. “මගේ සෞඛ්‍ය තත්වය එන්න එන්න නරක අතට හැරෙනවා. ඉතිං බෙහෙත් හේත් කරන්න මට කාලේ ඕනෙ වෙලයි තිබුණේ.” එයා තවමත් දෙවිට විශ්වාසවන්තව කරන සේවයෙන් සභාවේ අය ගොඩක් ප්‍රයෝජන ලබනවා.

අවුරුදු 38ක් චාරිකා සේවය කරපු ඇලන් මෙහෙම කියනවා. “අලුත් වෙනස්කම ගැන දැනගත්තාම මට දැනුණේ මාව කරකවලා අතහැරියා වගේ.” ඒත් එයා දැනන් හිටියා තරුණ සහෝදරයන්ව පුහුණු කරන එක කොච්චර වටිනවාද කියලා. චාරිකා සේවකයෙක් නොවුණත් එයා තවමත් දෙවිට විශ්වාසවන්තව සේවය කරමින් ඉන්නවා.

අවුරුදු 40ක් පුරා චාරිකා සේවකයෙක් වගේම පාසැල් උපදේශකයෙක් විදිහට සේවය කරපු රසල් කියනවා මුලින් එයාටයි, බිරිඳටයි ඒ වෙනස ගැන දුකක් දැනුණා කියලා. “අපේ පැවරුම අපි හුඟක් අගය කළා. අපේ සෞඛ්‍ය තත්වයත් හොඳින් තිබුණ නිසා ඒක දිගටම කරගෙන යන්න පුළුවන් කියලයි අපිට හිතුණේ.” ඒත් එයාලා ඒ වෙනස්කම පිළිගත්තා. කලින් ලබපු අද්දැකීම්, පුහුණුව නිසා එයාලට පුළුවන් වෙලා තියෙනවා දැන් ඉන්න සභාවේ අයට හුඟක් විදිවලින් උදව් කරන්න.

ඒ අයට හැඟුණ විදිහ සමහරවිට තේරුම්ගන්න ඔයාට බැරුව ඇති. එයාලව තේරුම්ගන්න 2වෙනි සාමුවෙල් පොතේ සඳහන් සිද්ධියක් ඔයාට උදව් වෙයි.

තමන්ගේ සීමාව තේරුම්ගත්ත කෙනෙක්

දාවිත් රජුගේ පුතා අබ්සලොම් කැරලිගහපු වෙලාවේ දාවිත් යෙරුසලමෙන් පිට වෙලා යොර්දාන් ගඟට නැඟෙනහිර පැත්තේ තිබුණ මහනායිම් කියන ප්‍රදේශයට පලා ගියා. දාවිත්ටයි, එයා එක්ක හිටපු අයටයි එදිනෙදා අවශ්‍ය කරන දේවල්වත් තිබුණේ නැහැ. ඒ වෙලාවේ එයාලගේ උදව්වට ආවේ කවුද?

ඒ ප්‍රදේශයේ හිටපු පුරුෂයන් 3දෙනෙක් එයාලට ඕනෙ කරන දේවල් ගෙනත් දුන්නා. බාසිල්ලයි ඒ තුන්දෙනාගෙන් එක් කෙනෙක්. (2 සාමු. 17:27-29) අබ්සලොම්ගේ කැරැල්ල අසාර්ථක වුණාට පස්සේ දාවිත් ආපහු යෙරුසලමට යන්න පිටත් වුණා. දාවිත්ව ඇරලවන්න බාසිල්ලයි යොර්දාන් ගඟ ළඟටම ආවා. ඒ වෙලාවේ දාවිත් බාසිල්ලයිට කිව්වා එයාත් එක්ක යෙරුසලමට යන්න එන්න කියලා. එයාට ඕනෙ කරන කෑම බීම දීලා එයාව බලාගන්නම් කියලත් දාවිත් කිව්වා. බාසිල්ලයි “ඉතා ධනවත් පුද්ගලයෙක්” නිසා එයාට කෑම බීමවලින් නම් අඩුවක් තිබුණේ නැහැ. (2 සාමු. 19:31-33) පේන විදිහට දාවිත්ට බාසිල්ලයිව යෙරුසලමට එක්කගෙන යන්න ඕනෙ වුණේ එයාගෙන් හොඳ උපදෙස් ලබාගන්න පුළුවන් කියලා දාවිත් දැනන් හිටපු නිසයි. මොකද බාසිල්ලයිට අවුරුදු ගාණක අද්දැකීම් තිබුණා. ඇත්තටම රජමාලිගාවේ සේවය කරන්න ලැබුණ ආරාධනය බාසිල්ලයිට ලැබුණ වටිනා වරප්‍රසාදයක්ද!

බාසිල්ලයි එයාගේ සීමාවන් තේරුම් අරන් හිටපු කෙනෙක්. එයාට වයස 80ක් වෙනවා කියලත් “මට දැන් හොඳ නරක තෝරන්න බැහැ” කියලත් එයා කිව්වා. (2 සාමු. 19:35) එහෙම කිව්වේ ඇයි? වයසින් වැඩි කෙනෙක් විදිහට එයාට ජීවිතේ හුඟක් අද්දැකීම් තිබුණ නිසා හොඳ උපදෙස් දෙන්න එයාට පුළුවන්කම තිබුණා. (1 රාජා. 12:6, 7; ගීතා. 92:12-14; හිතෝ. 16:31) එහෙමනම් හොඳ නරක තෝරන්න බැහැ කියද්දී එයා අදහස් කළේ මහලු වයසේ හිටපු එයාට කලින් වගේ දුවලා පැනලා දේවල් කරන්න දැන් හැකියාවක් නැහැ කියලයි. කන බොන දේවල රස දැනෙන්නේවත් හරියට ඇහෙන්නේවත් නැහැ කියලා එයා කිව්වා. (දේශ. 12:4, 5) එයා දාවිත්ට කිව්වා එයා වෙනුවට තරුණ වයසේ හිටපු කිම්හාම්ව එක්කගෙන යන්න කියලා. කිම්හාම් බාසිල්ලයිගේ පුතෙක් වෙන්න ඇති.—2 සාමු. 19:36-40.

අනාගතය ගැන හිතලා සැලසුම් කරන්න

බාසිල්ලයි තමන්ට ලැබුණ වරප්‍රසාදය තරුණ කෙනෙකුට දෙන්න තීරණය කළේ එයාගේ සීමාවන් ගැන හිතලයි. ඒත් මෑත කාලේදී කරපු මේ වෙනස්කම කළේ එක පුද්ගලයෙකුගේ සීමාවන්, හැකියාවන් ගැන විතරක් හිතලා නෙමෙයි. ඒක ලෝකේ පුරාම ඉන්න මහලු වැඩිමහල්ලන්ගේ තත්වයන් සැලකිල්ලට අරන් කරපු වෙනස්කමක්.

තමන් කාලයක් තිස්සේ කරපු වගකීම් තරුණ වැඩිමහල්ලන්ට භාර දෙන එකෙන් දෙවිගේ සංවිධානයේ වැඩකටයුතු දිගටම හොඳින් කරගෙන යන්න පුළුවන් වෙනවා කියලා මහලු වැඩිමහල්ලන් තේරුම් අරන් ඉන්නවා. හරියට බාසිල්ලයි එයාගේ පුතාව පුහුණු කළා වගේ, පාවුල් තිමෝතිව පුහුණු කළා වගේ අද ඉන්න මහලු වැඩිමහල්ලන් තරුණ වැඩිමහල්ලන්ව බැරෑරුම් වගකීම් දරන්න පුහුණු කරනවා. (1 කොරි. 4:17; ෆිලි. 2:20-22) ඒ පුහුණුව නිසා “ක්‍රිස්තුස්ගේ ශරීරය ගොඩනැඟීමේ” කාර්යයට දායක වෙන්න පුරුෂයන් හුඟදෙනෙක්ට පුළුවන් වෙලා තියෙනවා.—එෆී. 4:8-12; ගණන් කතාව 11:16, 17, 29 බලන්න.

මහලු සහෝදරයෙක් තරුණ සහෝදරයෙක්ව දිරිගන්වනවා

තරුණ සහෝදරයන්ට අත දෙන්න

  • සේවයේ ඉලක්ක තියන්න එයාලව දිරිගන්වන්න. ඊටපස්සේ ඒවා ජය ගන්න උදව් කරන්න.

  • එයාලව අගය කරන්න. විශේෂයෙන්ම වැඩිහිටි කෙනෙක්ගෙන් ප්‍රශංසාව ලැබෙද්දී තරුණ සහෝදරයන්ට ලොකු හයියක් දැනෙනවා.

  • දේවවචනය සහ සංවිධානය දීලා තියෙන මඟ පෙන්වීම් පදනම් කරගෙන තීරණ ගන්න එයාලව පුහුණු කරන්න.

වටිනා සේවයක් ඉටු කරන්න තවමත් පුළුවන්

තමන්ට තිබුණ සමහර වගකීම් තරුණ සහෝදරයන්ට භාර දුන්න නිසා දැන් මහලු වැඩිමහල්ලන්ට වෙනත් පැතිවලින් සේවය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

“අපේ සභාවේ සමහර සහෝදරියන්ගේ පුරුෂයන් සත්‍යයේ නෑ. එයාලව හම්බ වෙලා සත්‍යය ගැන එයාලගේ හිතේ උනන්දුවක් ඇති කරන්න දැන් මට කාලේ තියෙනවා” කියලා අවුරුදු 19ක් චාරිකා සේවය කරපු මාකෝ කියනවා.

“අක්‍රියාශීලී අයට උදව් කරන්න, බයිබල් පාඩම් පටන්ගන්න වගේ දේවල් වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්න දැන් අපිට පුළුවන්.” එහෙම කිව්වේ අවුරුදු 28ක් චාරිකා සේවය කරපු ජෙරල්ඩෝ. දැන් එයාත් එයාගේ බිරිඳත් බයිබල් පාඩම් 15ක් කරනවා. එයාලා උදව් කරපු අක්‍රියාශීලී කීපදෙනෙක්ම රැස්වීම් එන්නත් පටන් අරන්.

කලින් සඳහන් කරපු ඇලන් මෙහෙම කියනවා. “දැන් අපිට පුළුවන් දේශනා සේවේ විවිධ අංගවල හවුල් වෙන්න. පොදු සේවේ හවුල් වෙලා, ව්‍යාපාර ස්ථානවල සේවේ කරලා, අසල්වැසියන්ට දේශනා කරලා අපි ලොකු සතුටක් ලබනවා. අසල්වාසීන්ගෙන් දෙන්නෙක්ම රැස්වීමටත් ආවා.”

අලුත් වෙනස්කම නිසා ඔයාගේ පැවරුමත් වෙනස් වුණාද? එහෙමනම් සභාව ගොඩනඟන කාර්යයට හවුල් වෙන්න ඔයාට පුළුවන් තවත් විදිහක් තියෙනවා. ඒ තමයි ඔයාගේ අද්දැකීම් තරුණ සහෝදරයන් එක්ක බෙදාගන්න එක. “යෙහෝවා දෙවි දක්ෂ, තරුණ සහෝදරයන් හුඟදෙනෙක්ව පුහුණු කරනවා. එයාලා උද්‍යෝගයෙන් උගන්වද්දී, සභාවේ අයව දිරිගන්වද්දී ඒකෙන් මුළු සභාවම ප්‍රයෝජන ලබනවා” කියලා රසල් කියනවා.—“තරුණ සහෝදරයන්ට අත දෙන්න” කියන කොටුව බලන්න.

මහලු වැඩිමහල්ලන්ට සභාවට උදව් කරන්න පුළුවන් කොහොමද?

  • සහෝදරියකගේ පුරුෂයාට රැස්වීමකට එන්න කියලා මහලු සහෝදරයෙක් ආරාධනා කරනවා

    සත්‍යයේ නැති පුරුෂයන්ව දිනාගන්න උත්සාහ කරන්න පුළුවන්

  • මහලු සහෝදරයෙක් සහ එයාගේ බිරිඳ බයිබල් පාඩමක් කරමින්

    අක්‍රියාශීලී අයට උදව් කරන්න, බයිබල් පාඩම් පවත්වන්න පුළුවන්

  • මහලු සහෝදරයෙක් පොදු සේවයේ හවුල් වෙමින්

    සේවයේ විවිධ අංගවලට හවුල් වෙන්න පුළුවන්

ඔයාගේ ළැදිකම දෙවිට වටිනවා

කලින් කරපු පැවරුමට වඩා වෙනස් විදිහේ පැවරුමක් දැන් ඔයාට ලැබිලා තියෙනවා නම් ඒක සතුටින් කරන්න. ඔයා වෙහෙස නොබලා කරපු සේවය දැනටමත් ගණන් කරන්න බැරි තරම් දෙනෙක්ට දෙවිට ළං වෙන්න උදව් වෙලා ඇති. ඒ දේ ඔයාට දිගටම කරන්න පුළුවන්. ඔයාට හුඟදෙනෙකුගේ ආදරේ ලැබිලා තියෙනවා. ඉස්සරහාටත් ඒ ආදරේ ලැබෙයි.

ඒත් වැදගත්ම දේ තමයි යෙහෝවා දෙවිගේ මතකයේ රැඳෙන්න ඔයාට පුළුවන් වුණ එක. බයිබලේ කියන්නේ ‘ඔබ කළ සේවය හා දෙවිගේ නාමය කෙරෙහි ඔබ පෙන්වූ ප්‍රේමය දෙවි අමතක කරන්නේ නැහැ’ කියලයි. ඒ වගේම “ඔබ ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් සේවය කර තිබෙනවා පමණක් නොව එසේ දිගටම සේවය කරමින් සිටින ආකාරයද පැහැදිලිව පෙනේ” කියලා. (හෙබ්‍රෙ. 6:10) ඒකෙන් තේරෙන්නේ දෙවිගේ මතකයේ තියෙන්නේ ඔයා කලින් කරපු සේවය විතරක් නෙමෙයි ඔයා කරමින් ඉන්න සේවයත් දෙවි දකිනවා කියලා. දෙවි කවදාවත් ඔයාව අමතක කරන්නේ නැහැ. මොකද දෙවිට ඔයාව ගොඩක් වටිනවා.

සමහරවිට ඔයා මහලු වයසේ ඉන්න වැඩිමහල්ලෙක් නෙමෙයි වෙන්න ඇති. ඒ නිසා මේ ලිපියේ කතා කරපු වෙනස්කමට ඔයා පෞද්ගලිකව මුහුණ දීලා නැතුව ඇති. ඒත් ඔයාගේ පැත්තෙනුත් දෙයක් බලාපොරොත්තු වෙනවා.

පැවරුමේ වෙනසක් අද්දැක්ක මහලු වැඩිමහල්ලෙක් ඔයාගේ සභාවේ ඉන්නවා නම් එයාගේ අද්දැකීම්වලින් ඔයාට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. එයාගේ අදහස් අහන්න. දැන් එයා කරන වගකීම හොඳින් කරන්න එයාගේ අද්දැකීම් ප්‍රයෝජනයට ගන්න විදිහ නිරීක්ෂණය කරන්න.

ඔයා පැවරුමේ වෙනසක් අද්දැක්ක සහෝදරයෙක් වුණත් නැතත් මේ දේ අමතක කරන්න එපා. ඒ තමයි කාලයක් තිස්සේ දෙවිට සේවය කරපු, දිගටම එහෙම කරන අයව යෙහෝවා දෙවිට හුඟක් වටිනවා කියන දේ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න