ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp19 අංක 1 13-14 පි.
  • දෙවියන් අනාගතයේදී කරන්නේ මොනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන් අනාගතයේදී කරන්නේ මොනවාද?
  • 2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දුෂ්ටකම නැති කරනවා
  • මුළු පොළොවම පාරාදීසයක් කරනවා
  • අසනීප සහ මරණය නැති කරනවා
  • දේවරාජ්‍යයෙන් මුළු පොළොවම පාලනය කරනවා
  • දේවරාජ්‍යයෙන් ඉටු කරන්නේ මොනවාද?
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • මිනිස් වර්ගයා සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • දේවරාජ්‍යය ගැන කියන්න යේසුස් උනන්දු වුණේ ඇයි?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවරාජ්‍යය යනු කුමක්ද?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
තව තොරතුරු
2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp19 අංක 1 13-14 පි.
දෙවියන්ගේ සෙනඟ පොළොව ලස්සන කරනවා

දෙවියන් අනාගතයේදී කරන්නේ මොනවාද?

හොඳ යාළුවෙක් ඔයා කරදරේකට මුහුණ දෙන වෙලාවට ඔයාට උදව් කරන්න දෙසැරයක් හිතන්නේ නැහැ. දෙවියන් ඒ වගේ හොඳ යාළුවෙක් කියලා ඔයා පිළිගන්නවාද? ගොඩක් අය හිතන්නේ දෙවියන් මිනිසුන් වෙනුවෙන් මුකුත් කරන්නේ නැහැ කියලා. ඒත් දැනටමත් ඔහු අපි වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා කියලා අපි දැනගත්තා. අනාගතයේදීත් ඔහු ඔයා වෙනුවෙන් පුදුමාකාර දේවල් කරන්න යනවා.

දුෂ්ටකම නැති කරනවා

බයිබලයේ කියනවා “මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්” කියලා. (1 යොහන් 5:19) අද පොළොවේ තියෙන හැම නපුරු දෙයක්ම පිටිපස්සේ අපිට නොපෙනෙන දුෂ්ට කෙනෙක් ඉන්නවා. යේසුස් එයාව “මේ ලෝකයේ පාලකයා” කියලා හැඳින්වුවා. (යොහන් 12:31) ඒ වෙන කවුරුත් නෙමෙයි සාතන් කියන යක්ෂයා. දෙවියන් සාතන්ව විනාශ කරලා දුෂ්ටකම සදහටම මේ පොළොවෙන් අතුගාලා දානවා කියලා පොරොන්දු වෙනවා.

යෙහෝවා දෙවියන් තම පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ‘මරණය ගෙන ඒමට බලය ඇති යක්ෂයාව නැති කරන්නේය.’ (හෙබ්‍රෙව් 2:14; 1 යොහන් 3:8) සාතනුත් දන්නවා එයාට තියෙන්නේ තව “කෙටි කාල පරිච්ඡේදයක්” කියලා. (එළිදරව් 12:12) සාතන් ඇතුළුව දුෂ්ට දේවල් කරන හැම කෙනෙක්වම සම්පූර්ණයෙන්ම විනාශ කරනවා කියලා දෙවියන් කියනවා.—ගීතාවලිය 37:9; හිතෝපදේශ 2:22.

මුළු පොළොවම පාරාදීසයක් කරනවා

හැම දුෂ්ට දෙයක්ම අයින් කළාට පස්සේ පොළොව සහ මිනිසුන් සඳහා දෙවියන්ට තිබුණ මුල් අරමුණ ඔහු ඉටු කරන්න යනවා. ඊටපස්සේ . . .

සුරක්ෂිත, සාමකාමී ජීවිතයක් ලැබෙනවා. “නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.”—ගීතාවලිය 37:11.

ඇති තරම් පෝෂ්‍යදායී ආහාර තියෙනවා. “පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි. කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි.”—ගීතාවලිය 72:16.

හැමෝටම හොඳ නිවහනක් ලැබෙනවා. හිතේ සතුටින් කරන්න පුළුවන් වැඩ ලැබෙනවා. ‘ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය. මාගේ තෝරාගත් අය තමන් කරන වැඩවලින් නියම සතුටක් ලබන්නෝය.’—යෙසායා 65:21, 22.

ඒ වගේ ජීවිතයක් අද නම් සිහිනයක් විතරයි. ඒත් ඒ සිහිනය සැබෑ වෙන දවස වැඩි ඈතක නැහැ.

අසනීප සහ මරණය නැති කරනවා

අසනීප සහ මරණය නිසා අද මිනිසුන් කොච්චර නම් දුක් විඳිනවාද! හැබැයි ළඟදීම ඒ හැම දේම වෙනස් වෙනවා. යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් දෙවියන් අපිට ගොඩක් ආශීර්වාද ලබා දෙන්න යනවා. බයිබලයේ කියන්නේ ‘යේසුස් කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ටම සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව’ ලැබෙනවා කියලයි. (යොහන් 3:16) එදාට . . .

කිසිම කෙනෙක් අසනීප වෙන්නේ නැහැ. “දේශයේ වාසය කරන සියල්ලන්ගේ වරදට සමාව දෙනු ලබයි. කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත.”—යෙසායා 33:24.

කිසිම කෙනෙක් මැරෙන්නේ නැහැ. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මරණය සදහටම ගිල දමා සියලුදෙනාගේ ඇස්වලින් කඳුළු පිස දමන්නේය.”—යෙසායා 25:8.

හැමදාටම ජීවත් වෙන්න ලැබෙනවා. “අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවි අපට ලබා දෙන තෑග්ග නම් සදාකාල ජීවනයයි.”—රෝම 6:23.

මැරුණ අයට ආයෙත් ජීවිතය ලැබෙනවා. “ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටිනවා.”—ක්‍රියා 24:15.

දෙවියන් ඒ දේවල් ඉටු කරන්නේ කොහොමද?

දේවරාජ්‍යයෙන් මුළු පොළොවම පාලනය කරනවා

දෙවියන් ස්වර්ගයේ ආණ්ඩුවක් පිහිටුවලා ඒකේ රජ විදිහට යේසුස් ක්‍රිස්තුස්ව පත් කළා. (ගීතාවලිය 110:1, 2) ඒ ආණ්ඩුව මාර්ගයෙන් දෙවියන් පොළොව සහ මිනිසුන් සඳහා ඔහුට තිබුණු මුල් අරමුණ ඉටු කරනවා. ‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ රාජ්‍යය පැමිණේවා’ කියලා යේසුස් තම අනුගාමිකයන්ට යාච්ඤා කරන්න කිව්වේ මේ ආණ්ඩුව ගැනයි.—මතෙව් 6:9, 10.

ළඟදීම දෙවියන්ගේ රාජ්‍යයෙන් මුළු පොළොවම පාලනය කරනවා. ඒ කාලයේදී දෙවියන් අපේ හැම ප්‍රශ්නයක්ම විසඳනවා. යේසුස් මේ පොළොවේ ඉද්දී වෙහෙස මහන්සි නොබලා ඒ ‘රාජ්‍යය ගැන ශුභාරංචිය’ දේශනා කළෙත් තමන්ගේ අනුගාමිකයන්ට ඒ දේම කරන්න කිව්වෙත් ඒ නිසයි.—මතෙව් 4:23; 24:14.

යෙහෝවා දෙවියන් අපිට දෙන්න යන්නේ මොන තරම් ලස්සන අනාගතයක්ද! ඒ ගැන කල්පනා කරද්දී දෙවියන්ට තව ළං වෙන්න ඔයා තුළ පෙලඹීමක් ඇති වෙන්නේ නැද්ද? දෙවියන්ට ළං වෙද්දී ඔයාට ලැබෙන ප්‍රයෝජන ගැන ඊළඟ ලිපියෙන් දැනගන්න.

දෙවියන් අනාගතයේදී කරන්නේ මොනවාද? දෙවියන් ළඟදීම දේවරාජ්‍යය මාර්ගයෙන් අසනීප සහ මරණය නැති කරලා මේ පොළොව පාරාදීසයක් කරනවා

දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?

  • ඒක ස්වර්ගයේ පිහිටුවලා තියෙන ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව මාර්ගයෙන් දෙවියන් ඔහුගේ කැමැත්ත මේ පොළොවේ ඉටු කරනවා.—උත්පත්ති 1:28; මතෙව් 6:9, 10.

  • දේවරාජ්‍යයේ රජුට දෙවියන් ස්වර්ගය සහ පොළොව පාලනය කරන්න සියලු බලය ලබා දීලා තියෙනවා.—යෙසායා 9:6, 7; 11:2-4; මතෙව් 28:18.

  • ඒ ආණ්ඩුව පාලනය කරන්නේ දෙවියන්ගේ ප්‍රේමණීය නීතිවලට අනුවයි.—මතෙව් 22:37-39; යාකොබ් 2:8.

  • ඒ ආණ්ඩුවේ පාලනය දැනටමත් ස්වර්ගයේ ආරම්භ කරලයි තියෙන්නේ. මිලියන ගාණක් සෙනඟ ඒ ‘රාජ්‍යය ගැන ශුභාරංචිය’ ලෝකේ පුරාම ඉන්න අයට කියනවා.—මතෙව් 24:14; 28:19, 20.a

a දේවරාජ්‍යය සහ එහි පාලනය ගැන තවත් තොරතුරු දැනගන්න ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොතේ 32 සහ 33 පාඩම් බලන්න. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන එය www.pr418.com/si වෙබ් අඩවියෙන් ලබාගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න