ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp19 අංක 2 10-11 පි.
  • දරුණු අසනීපයකින් පෙළෙද්දී

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දරුණු අසනීපයකින් පෙළෙද්දී
  • 2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දුක දරාගන්න උදව් වෙන යෝජනා
  • මම විතරක් මේ තරං ලෙඩිං ඉන්නේ ඇයි?
    1997 පිබිදෙව්!
  • පවුලේ සාමාජිකයෙකු අසනීපයෙන් සිටින විට
    පවුලේ සන්තෝෂයට රහස
  • ඔයාගේ දෙවි යෙහෝවාට ඔයාව හුඟක් වටිනවා
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මේ ලෙඩෙත් එක්ක ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
තව තොරතුරු
2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp19 අංක 2 10-11 පි.

දරුණු අසනීපයකින් පෙළෙද්දී

“මගේ පෙණහල්ලකයි, බඩවැල්වලයි පිළිකාවක් තියෙනවා කියලා දැනගත්තාම මං හිතුවා මං මැරෙයි කියලා. ඒත් ඉස්පිරිතාලෙන් ගෙදර ආවාට පස්සේ ‘මං දැන් කොහොමහරි ඒකට මූණ දෙන්න ඕනෙ’ කියලා මං හිතුවා.”—අවුරුදු 71ක් වන ලින්ඩා.

“මූණේ වම් පැත්තේ තියෙන ස්නායු දුර්වල කරන ලෙඩක් නිසා මං දුක් විඳිනවා. වෙලාවකට වේදනාව දරාගන්න බැරුව මං මානසිකව වැටෙනවා. හුඟක් වෙලාවට ලොකු තනිකමක් දැනෙනවා. ජීවිතේ නැති කරගන්නත් හිතිලා තියෙනවා.”—අවුරුදු 49ක් වන එලීස්.

රෝද පුටුවක ඉන්න කෙනෙක්ට අනිත් අය ආදරෙන් සලකමින්

ඔයාට හරි පවුලේ කෙනෙක්ට හරි මාරාන්තික ලෙඩක් වැළඳිලා තියෙනවා නම් ඒකෙන් මොන තරම් මානසික පීඩනයක් දැනෙනවාද කියලා ඔයා දන්නවා ඇති. ලෙඩේ එක්ක විතරක් නෙවෙයි කනස්සල්ල, බය වගේ සිතුවිලි එක්කත් පොරබදින්න වෙනවා. සැරින් සැරේට වෛද්‍යවරයාව මුණගැහෙන්න යන්න වෙන එක, නිර්දේශ කරපු වෛද්‍ය ප්‍රතිකාරය ලබාගන්න අමාරු වෙන එක නැත්නම් වියදම දරාගන්න බැරි වෙන එක, බෙහෙත් නිසා අතුරු ආබාධ ඇති වෙන එක වගේ දේවල් නිසා කනස්සල්ල තවත් වැඩි වෙනවා. අසනීපයෙන් ඉන්න කෙනාට වගේම එයාගේ පවුලේ අයට දරාගන්න බැරි තරම් පීඩනයක් දැනෙන්න පුළුවන්.

දිගටම දෙවියන්ගෙන් උදව් ඉල්ලන එකෙන් සහ බයිබලය කියවන එකෙන් ඒ වගේ තත්වයන් අද්දකින හුඟක් අය ලොකු සහනයක් ලබලා තියෙනවා. පවුලේ අයගේ සහ යාළුවන්ගේ ආදරය, සහයෝගය ලැබෙන එකත් ඒ තත්වයට හොඳින් මුහුණ දෙන්න උදව් වෙනවා.

දුක දරාගන්න උදව් වෙන යෝජනා

අවුරුදු 58ක් වන රොබට් කියන දේ බලන්න. “දෙවියන්ව විශ්වාස කරන්න. විඳදරාගන්න ඔහු ඔයාට උදව් කරයි. යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. බලය ඉල්ලන්න. ඔයාට හැඟෙන විදිහ ඔහුට කියන්න. පවුලේ අයව දිරිගැන්වෙන විදිහට වැඩ කරන්නත් සන්සුන්ව දේවල් දරාගන්නත් උදව් කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න.

“පවුලේ අයගෙන් ලැබෙන දිරිගැන්වීම් හුඟක් වටිනවා. මං හොඳින්ද කියලා බලන්න එයාලගෙන් අඩුම තරමින් මට දවසකට කෝල් 2ක්වත් එනවා. මගේ යාළුවොත් මං ගැන හොයලා බලනවා. එයාලගේ ආදරය, සැලකිල්ල මට උදව් වෙලා තියෙනවා මගේ අසනීපය දරාගන්න.”

ලින්ඩා මෙහෙම කියනවා. “අසනීපෙන් ඉන්න කෙනා කොයි වෙලෙත් අසනීපේ ගැනම කතා කරන්න කැමති වෙන එකක් නෑ. සාමාන්‍ය විදිහට දේවල් කරගෙන යන්න එයා වෑයම් කරනවා ඇති. ඒ නිසා එයාව බලන්න ගියාම අනිත් අයත් එක්ක කතා කරනවා වගේ සාමාන්‍ය විදිහට එයා එක්කත් කතා කරන්න.”

ඔයා මාරාන්තික අසනීපයක් එක්ක පොරබදිනවා වෙන්න පුළුවන්. ඒත් දෙවියන්ගෙන් සහ බයිබලයෙන් සැනසීමක් ලැබෙද්දී, පවුලේ අයගෙන් සහ යාළුවන්ගෙන් උදව් ලැබෙද්දී ඔයාගේ ජීවිතේ කොයි තරම් වටිනවාද කියලා ඔයාට පැහැදිලි වෙයි.

උදව් වෙන බයිබල් පද

දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න.

“මම යෙහෝවා දෙවිගෙන් උපකාර ඉල්ලුවෙමි. ඔහු මට සවන් දී මා තුළ තිබූ බිය මාගෙන් ඉවත් කළේය. පීඩිතව සිටින මම දෙවිට හඬගැසුවෙමි. එවිට යෙහෝවා දෙවි මට සවන් දුන්නේය.”—ගීතාවලිය 34:4, 6.

ලින්ඩා මෙහෙම කියනවා. “මං කවදාවත් ‘මාව සනීප කරන්න’ කියලා දෙවියන්ගෙන් ඉල්ලන්නේ නෑ. මං ඉල්ලන්නේ ‘මගේ ලෙඩේ දරාගන්න ශක්තිය දෙන්න’ කියලා විතරයි.”

බයිබලය කියවලා ශක්තිමත් වෙන්න.

“කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත.”—යෙසායා 33:24.

දෙවියන් දීලා තියෙන පොරොන්දු ගැන හිතන්න. ඒක ඔයාට උදව් වෙයි දිගටම දේවල් දරාගෙන ඉන්න.

පවුලේ අයගෙන්, යාළුවන්ගෙන් උදව් ඉල්ලන්න.

“සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.”—හිතෝපදේශ 17:17.

එලීස් කියන මේ දේ බලන්න. “ඔයාට උදව් කරන්න ඔයාගේ යාළුවන්ට ඉඩ දෙන්න. සමහර වෙලාවට ඔයාට දැනෙයි ඔයා තනි වෙලා කියලා. දෙවියන් ඔයාගේ යාච්ඤා අහන්නේ නෑ කියලත් හිතෙයි. ඒත් අනිත් අයගෙන් ඈත් වෙලා තනියම ඉන්න හදන්න එපා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න