ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp19 අංක 3 14-15 පි.
  • මේ කාලෙත් සතුටින් ඉන්න පුළුවන් කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මේ කාලෙත් සතුටින් ඉන්න පුළුවන් කොහොමද?
  • 2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සෑහීමට පත් වෙන්න ඉගෙනගන්න
  • අසනීප තත්වයක් දරාගන්න
  • විවාහ බැඳීම ශක්තිමත් කරගන්න
  • කල්පවතින විවාහයකට යතුරු දෙකක්
    පවුලේ සන්තෝෂයට රහස
  • සිතට සුවයක් ගෙන දෙන සිනහව
    2000 පිබිදෙව්!
  • ජීවිතයේ සැඳෑ සමය
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • හැම හානිදායක දෙයකටම මුල මුදල්ද?
    බයිබලයෙන් උත්තර
තව තොරතුරු
2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp19 අංක 3 14-15 පි.
පර්යේෂණ කරමින් හිටිය විද්‍යාඥයා බිරිඳ එක්ක කෑමක් හදමින්

මේ කාලෙත් සතුටින් ඉන්න පුළුවන් කොහොමද?

ඉදිරියේදී අසනීප, මහලු වයස, මරණය නැති ලස්සන කාලයක ජීවත් වෙන්න ඔයාටත් පුළුවන්. ඒත් අද අපේ ජීවිත දුක් වේදනාවලින් පිරිලා. බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්නවා නම් ප්‍රශ්න ගැටලු මැද්දේ වුණත් සතුටින් පිරි අර්ථවත් ජීවිතයක් ගත කරන්න ඔයාට පුළුවන් වෙයි. ඒ වගේ මඟ පෙන්වීම් කීපයක් අපි දැන් බලමු.

සෑහීමට පත් වෙන්න ඉගෙනගන්න

බයිබලයේ කියන දේ: “ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න. ඔබට තිබෙන දේවල් ගැන සෑහීමට පත් වන්න.”—හෙබ්‍රෙව් 13:5.

අද සමාජයේ හුඟක් අය කියන්නේ සතුටින් ජීවත් වෙන්න නම් සමහර දේවල් නැතුවම බැහැ කියලයි. ඒත් බයිබලයේ කියනවා ‘තියෙන දෙයින් සෑහීමට පත් වෙන්න’ අපිට පුළුවන් කියලා. ඒ කොහොමද කියලා අපි බලමු.

“මුදල්වලට තිබෙන දැඩි ආශාව” නැති කරගන්න. හුඟක් අය තමන්ගේ සෞඛ්‍යය, පවුල් බැඳීම්, මිතුදම්, සදාචාරය, ආත්ම ගෞරවය වගේ දේවල් ගැනවත් තැකීමක් කරන්නේ නැතුව මුදල් හම්බ කරන්නේ ‘මුදලට තියෙන දැඩි ආශාව’ නිසයි. (1 තිමෝති 6:10) කොච්චර හම්බ කළත් ඒ අය ‘සෑහීමට පත් වෙන්නේ නැහැ.’—දේශනාකාරයා 5:10.

වැඩියෙන් වටින්නේ මිනිසුන්වයි කියලා තේරුම්ගන්න. සල්ලි, බඩු මුට්ටු වගේ දේවලින් අපිට ප්‍රයෝජන ලැබෙනවා. ඒත් අපිට ආදරේ කරන්නවත් අපිව අගය කරන්නවත් ඒවාට බැහැ. ඒ නිසයි සැබෑ මිතුරන්ව හොයාගන්න එක හුඟක් වටින්නේ. තියෙන දෙයින් සෑහීමට පත් වෙන්න ඒක උදව් වෙයි.—හිතෝපදේශ 17:17.

බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් මේ කාලෙත් සතුටින් ඉන්න අපිට පුළුවන්

අසනීප තත්වයක් දරාගන්න

බයිබලයේ කියන දේ: “ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයකි.”—හිතෝපදේශ 17:22.

අසනීප තත්වයක් දරාගන්න “ප්‍රීතිමත් සිතක්” අපිට උදව් වෙනවා. ඒත් ලෙඩින් ඉද්දී සතුටින් ඉන්නේ කොහොමද?

අගය කරන්න පුරුදු වෙන්න. අපි අපේ ප්‍රශ්න ගැනම හිතහිත හිටියොත් ‘හැම දවසක්ම’ නරකයි කියලා අපිට හිතෙයි. (හිතෝපදේශ 15:15) බයිබලයේ කියන්නේ අපි “ස්තුතිවන්ත” වෙන්න ඕනෙ කියලයි. (කොලොස්සි 3:15) ඉර බැහැගෙන යන දසුනක්, සනීප හුළඟක්, ආදරේ කරන කෙනෙක්ගේ හිනාවක් වගේ ඔයාට සතුටක් ලැබෙන පුංචිම දෙයක් වුණත් අගය කරන්න ඉගෙනගන්න.

අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න. අසනීපයකින් ඉද්දී වුණත් “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක්” අද්දකින්න පුළුවන්. (ක්‍රියා 20:35) අපි කරපු දෙයක් අනිත් අය අගය කරද්දී අපි ගැනම හොඳ හැඟීමක් ඇති වෙනවා. අපේ ප්‍රශ්න ගැන ළත වෙන එකෙන් වළකින්නත් ඒක උදව් වෙනවා. අනිත් අයට උදව් කරද්දී එයාලට විතරක් නෙවෙයි අපිටත් ලොකු සතුටක් දැනෙනවා.

විවාහ බැඳීම ශක්තිමත් කරගන්න

බයිබලයේ කියන දේ: ‘වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න.’—ෆිලිප්පි 1:10.

යුවළක් එකිනෙකා එක්ක කාලය ගත කරන්නේ අඩුවෙන් නම් විවාහ බැඳීම දුර්වල වෙන්න පුළුවන්. ඒ නිසා එයාලගේ ජීවිතේ වැදගත්ම දේවල් අතරින් එකක් වන විවාහ බැඳීම ශක්තිමත් කරගන්න එයාලා වැඩිපුර අවධානයක් දෙන්න ඕනේ.

එකට එකතු වෙලා දේවල් කරන්න. කෑමක් හදන්න, ව්‍යායාම කරන්න, චිත්‍රපටියක් බලන්න නැත්නම් සිංදුවක් අහන්න වගේ දේවල් එකට එකතු වෙලා කරන්න සැලසුම් කරන්න. බයිබලයෙත් කියන්නේ “එක් කෙනෙකුට වඩා දෙදෙනෙකු හොඳය” කියලයි.—දේශනාකාරයා 4:9.

ආදරේ ක්‍රියාවෙන් පෙන්වන්න. බයිබලයේ කියනවා සැමියෙක් සහ බිරිඳක් එකිනෙකාට ආදරයෙන්, ගෞරවයෙන් සලකන්න ඕනෙ කියලා. (එෆීස 5:28, 33) ආදරෙන් හිනා වෙන එක, වැලඳගන්න එක, පුංචි තෑග්ගක් දෙන එක වගේ දේවලින් බැඳීම හුඟක් ශක්තිමත් වෙනවා. ලිංගික සම්බන්ධකම් පවත්වන එක ඒ දෙන්නාට විතරක් සීමා කරගන්නත් වගබලා ගන්න ඕනේ.—හෙබ්‍රෙව් 13:4.

“මගේ ජීවිතේට දැන් අරමුණක් තියෙනවා”

—ජපානයේ රියෝකෝ මියාමොටෝ.

මගේ මහත්තයා මත්පැන්වලට ඇබ්බැහි වෙලයි හිටියේ. කවුරුත් එයාට රස්සාවක් දෙන්න කැමති වුණේ නෑ. දරුවෝ හතරදෙනාව බලාගන්න වුණෙත් මට. කොච්චර මැරීගෙන වැඩ කළත් ප්‍රශ්න විසඳුණෙත් නෑ. ‘මං දුක් විඳින්නේ දෛවය නිසාද නැත්නම් කලින් ආත්මෙක කරපු පව් නිසාද’ කියලා මං කල්පනා කළා.

දවසක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් අපේ ගෙදරට ආවා. එයා හරිම මිත්‍රශීලී කෙනෙක්. දේවරාජ්‍යය ගැනත් සදහටම ජීවත් වෙන්න ලැබෙන අවස්ථාව ගැනත් එයා මට කිව්වා. එයාගෙන් බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගන්න මං කැමති වුණා. මං දැනගත්තා දෙවියන් සැබෑ කෙනෙක් වගේම ප්‍රඥාවන්ත, යුක්තිගරුක, ආදරණීය කෙනෙක් කියලා. මැරුණාට පස්සේ වෙන්නේ මොනවාද කියලත් මං දුක් විඳින්නේ දෛවය නිසා නෙවෙයි කියලත් මං දැනගත්තා.

සතුටින් ජීවත් වෙන්න නම් දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්නම ඕනේ. ඒක තමයි මං ඉගෙනගත්ත වටිනම දේ. බයිබල් සත්‍යයන් දැනගත්ත නිසා මං බොරු අදහස්වලින් නිදහස් වුණා. මට ලොකු සහනයකුත් ලැබුණා. මගේ ජීවිතේට දැන් අරමුණක් තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න