ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w19 ජූනි 31 පි.
  • පැරණි ලියවිල්ලක් දිගහරියි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැරණි ලියවිල්ලක් දිගහරියි
  • 2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • බයිබලය අකුළන ලියවිල්ලේ සිට පොත දක්වා ආ ගමන
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “මෝසෙස්ගේ ගීතය” හිස්තැනක් පුරවයි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ දැන සිටියාද?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දෙවිගේ විනිශ්චය දවස සහ ඉන් ලැබෙන ආශීර්වාද!
    එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
තව තොරතුරු
2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w19 ජූනි 31 පි.
එයින්ගෙඩිවලින් හොයාගත්ත පිලිස්සුණු ලියවිල්ලේ කොටසක්; තාක්ෂණය මාර්ගයෙන් දිගහැරපු ලියවිල්ලේ කොටස

පැරණි ලියවිල්ලක් දිගහරියි

1970දී එයින්ගෙඩිවලින් හොයාගත්ත පිලිස්සුණු ලියවිල්ලේ කොටසක්. ඒ ලියවිල්ලේ තියෙන්නේ ලෙවී කතාව පොතේ කොටසක් කියලා අලුත්ම ත්‍රිමාන රූප තාක්ෂණයෙන් හොයාගත්තා. ඒ කොටසේ දෙවියන්ගේ නමත් සඳහන් වෙනවා

1970දී පුරාවිද්‍යාඥයන් පිරිසක් ඊශ්‍රායෙලයේ එයින්ගෙඩි කියන ප්‍රදේශයේ තිබිලා හොඳටම පිච්චුණු අකුළන ලියවිල්ලක් හොයාගත්තා. එයින්ගෙඩි පිහිටලා තියෙන්නේ මළ මුහුදේ බස්නාහිර වෙරළබඩ තීරයට කිට්ටුවෙන්. ඒ ලියවිල්ල හොයාගත්තේ ක්‍රි.ව. 500ත් 550ත් අතර කාලේදී ගිනිබත් වුණ සිනගෝගයක කැණීම් කරද්දියි. ඒ අකුළන ලියවිල්ල හොඳටම පිච්චිලා තිබුණ නිසා ඒකේ තිබුණ කිසිම දෙයක් කියවගන්න බැරි වුණා. ඒකට හානියක් නොකර ලියවිල්ල දිගහරින්නත් බැහැ. ඒත් අලුත්ම ත්‍රිමාන රූප තාක්ෂණය නිසා ඒ ලියවිල්ල දිගහරින්නේ නැතුව ඒකේ තියෙන අකුරු කියවන්න විශේෂඥයන් පිරිසකට පුළුවන් වුණා.

ඒ ලියවිල්ලේ තිබුණේ බයිබලේ කොටසක්. පිච්චිලා ගිහින් තිබුණේ නැති කොටසේ තිබුණේ ලෙවී කතාව පොතේ මුල් පද කීපයක්. ඒ පදවල දෙවියන්ගේ නාමය ලියන්න යොදාගත්ත හෙබ්‍රෙව් අක්ෂර 4ත් තිබුණා. ඒ ලියවිල්ල ක්‍රි.ව. 50ත් 400ත් අතර කාලේදී සකස් කරපු එකක් කියලා හිතන්න පුළුවන්. මළ මුහුද අසල කුම්රාන් කියන ප්‍රදේශයේ තිබිලා හොයාගත්ත පැරණිම හෙබ්‍රෙව් පිටපත්වලට පස්සේ හොයාගත්ත පැරණිම ලියවිල්ල මේකයි. එක පුවත්පතක (The Jerusalem Post) කතුවරයෙක් වන ගිල් සෝහාර් මෙහෙම කියනවා. “දැනට හොයාගෙන තියෙන පැරණිම ලියවිලි වන මළ මුහුදේ ලියවිලි අවුරුදු 2,000ක් විතර පැරණියි. ඊටපස්සේ හොයාගෙන තියෙන පැරණිම ලියවිල්ල ඇලෙප්පෝ කෝඩෙක්ස් කියන ලියවිල්ල. ඒක ක්‍රි.ව. 901ත් 1,000ත් අතර කාලේදී සකස් කරපු එකක්. ඒ කියන්නේ ඒ ලියවිලි දෙක අතර අවුරුදු 1,000ක විතර කාල පරාසයක් තියෙනවා. එයින්ගෙඩිවලින් හොයාගත්ත ලියවිල්ල ඒ කාල පරාසය ඇතුළත සකස් කරපු එකක්. ඒ නිසා මළ මුහුදේ ලියවිල්ලට පස්සේ දැන් තියෙන පැරණිම ලියවිල්ල බවට ඒ ලියවිල්ල පත් වෙනවා.” විශේෂඥයන් කියන විදිහට මේ ලියවිල්ලේ සඳහන් දෙයින් පැහැදිලි වෙනවා මැසරෙටික් ලියවිල්ලේ මුල් පොත් 5 තියෙන තොරතුරු නිවැරදියි කියලා. අවුරුදු දහස් ගාණක් පුරා පිටපත්කරුවන් ඒ තොරතුරු විශ්වාසවන්තව පිටපත් කරලා තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න