ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 12/03 3-4 පි.
  • විඳදරාගනිමින් පල දරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විඳදරාගනිමින් පල දරන්න
  • 2003 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • විඳදරාගැනීම සහ දැඩි උත්සාහය අවශ්‍යයි
  • අපට වැඩියෙන් කළ හැකිද?
  • යාච්ඤාව අත්‍යවශ්‍යයි
  • ස්තුතිවන්තබව පෙන්වන්න
  • වෙනත් අවශ්‍යතා
  • යෙහෝවා දෙවියන්ගේ සංවිධානයත් එක්ක ඉන්න
    යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
  • “විඳදරාගනිමින් පල දරන අයට” යෙහෝවා දෙවි ආදරෙයි
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘බොහෝ පල දරමින් සිටින්න’
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විඳදරා ගැනීම—ක්‍රිස්තියානින් හට අත්‍යවශ්‍ය ය
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2003 අපගේ රාජ්‍ය සේවාව
km 12/03 3-4 පි.

විඳදරාගනිමින් පල දරන්න

1 යේසුස් ක්‍රිස්තුස්ගේ මරණයෙන් සහ නැවත නැඟිටීමෙන් වසර 30කට පමණ පසුව, කොලොස්සි සභාවට ලියන විට, මුළු ලෝකය පුරා ශුභාරංචිය පිළිබඳ සත්‍යතාව පල දරමින් හා වර්ධනය වෙමින් තිබුණා යයි පැවසීමට ප්‍රේරිත පාවුල්ට හැකි විය. (කොලො. 1:5, 6) අද දින ඊටත් වඩා මහත් පරිමාණයකින් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ රාජ්‍යයේ ශුභාරංචිය සමඟින් ‘පොළොවෙහි ඈත කෙළවර’ දක්වාම ගොස් සිටිති. (ක්‍රියා 1:8, NW; යොහ. 14:12) ශ්‍රී ලංකාවේ 2003 සේවා වර්ෂය තුළ, රාජ්‍ය ප්‍රචාරකයන්ගේ සාමාන්‍ය සංඛ්‍යාව සියයට 5ක අනුපාතයකින් ඉහළ ගිය අතර, අපි ප්‍රචාරකයන් 3,814ක උපරිමයකට ළඟා වූයෙමු!

2 දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කිරීම තහනම් කර ඇති රටවල මෙන්ම සම්පූර්ණ වාර්තා නොලැබෙන රටවලද මෙම වැඩය දිගටම වර්ධනය වෙමින් තිබේ! එම රටවල බොහෝ ගැටලු තිබුණද, ප්‍රචාරකයෝ ‘විඳදරාගනිමින් පල දරති.’ (ලූක් 8:15, NW) ඇතැම් රටවල පීඩනය අඩු වී තිබේ. නමුත් වෙනත් රටවල තිබෙන දුෂ්කර තත්වයන් දිගටම වෙනස් නොවී පවතී.

3 රාජ්‍ය දේශනා කිරීමේ කටයුතු කරගෙන යෑමට නිදහසක් ඇති රටවල, අප මුහුණ දෙන්නේ වෙනස් ගැටලුවලටය. විශේෂයෙන්ම ද්‍රව්‍යමය වශයෙන් සමෘද්ධියක් ඇති රටවල මිනිසුන්ගේ අගතියට සහ උදාසීනකමට මුහුණ දීමට සිදු වේ. එවන් ආකල්ප තමන්ටම ඇති කර නොගැනීමට යෙහෝවාගේ සේවකයන් වගබලා ගත යුතුය. අපගේ දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම් අපෙන් පැහැරගන්නට ද්‍රව්‍යමය දේවලට, සැප සෙල්ලමට, විනෝදාස්වාදයන්ට සහ වෙනත් බාධාවන්ට අප ඉඩ නොදිය යුතුය. නැත්නම්, උදාසීනභාවයට පත් වී විඳදරාගැනීමෙන් යුතුව පල දැරීමේ අවශ්‍යතාව වටහාගැනීමට අප අසමත් වනු ඇත.—ලූක් 21:34-36.

විඳදරාගැනීම සහ දැඩි උත්සාහය අවශ්‍යයි

4 අප ශුභාරංචිය දේශනා කරන විට විරුද්ධවාදිකම්වලට මුහුණ දුන්නත්, අපගේ ක්‍රිස්තියානි වගකීම් ඉසිලීමේදී යම් සාපේක්ෂ නිදහසක් තිබුණත් විඳදරාගැනීම යන කාරණය වැදගත් අවශ්‍යතාවකි. ශ්‍රී ලංකාවේ අපගේ සහෝදරයෝද යම් තරමක විරුද්ධවාදිකම් අද්දැක ඇත්තාහ. එවන් විරුද්ධවාදිකම් හමුවේ අප විඳදරාගන්නා විට අපට දෙවිගේ අනුමැතිය හෙවත් ඔහුගෙන් සහතිකයක් ලැබෙන අතර, අපගේ සහෝදරයෝ මහඟු ආශීර්වාද නෙළාගනිමින් සිටිති. (රෝම 5:3-5; ගලා. 6:9) අප කුමන දුෂ්කරතාවන්ට මුහුණ දුන්නද, අපට වුවමනා වන්නේ දිගටම විඳදරාගනිමින් සිටීමටය. රාජ්‍යය පිළිබඳ සාක්ෂියක් දිය යුතුය. තවද අප සියලුදෙනාම අපගේ අඛණ්ඩතාවය දිගටම නිරූපණය කළ යුතුය. ස්ථිරව සිටීමෙන් හෙවත් විඳදරාගැනීමෙන්, අපට ජීවනය සහතික වන්නේය.—මාක් 13:10; ලූක් 21:19, නව අනුවාදය.

5 අප ආත්මික දේවල් සැහැල්ලුවට නොගන්නා බව පැහැදිලිව පෙන්වන්නේ, යෙහෝවාගේ සේවය තුළ දැඩි උත්සාහයක් ගෙන ක්‍රියා කිරීමෙන් සහ දේශනා සේවය අත් නොහැරීමෙනි. ප්‍රවාහනය ඉතා දුෂ්කර වූද, ද්‍රව්‍යමය අවශ්‍යතා ඉතා හිඟ වූද, ආර්ථික ගැටලු පවතින්නාවූද ඇතැම් රටවල, ශුභාරංචිය දේශනා කිරීම දිගටම සිදු වෙමින් තිබේ. එවන් රටවල් කිහිපයකම, සෑම මසකම ප්‍රචාරකයන්ගේ ක්ෂේත්‍ර සේවා වාර්තාවේ පැය 14 සිට 17ක සාමාන්‍යයක් ඇත. ඔවුන්ගේ පුරෝගාමීන්ගේ සංඛ්‍යාවද දිගටම වර්ධනය වෙමින් තිබේ. අප මේ ගැන මදක් නැවතී කල්පනා කළ යුතුය. මේ අතිශයින්ම වැදගත් වූ රාජ්‍ය දේශනා කිරීමේ සහ ගෝලයන් සෑදීමේ වැඩය තුළ නිතිපතා හවුල් වීම වැඩි කිරීමට අපට හැකිද?

අපට වැඩියෙන් කළ හැකිද?

6 ක්ෂේත්‍ර සේවයේ වැඩියෙන් කාලය ගත කිරීමට නම්, අපගේ කාලසටහන මදක් සකස් කිරීම අවශ්‍ය වෙයි. අප ඉරිදා දිනවල පැයක් ක්ෂේත්‍ර සේවයේ වැය කරමින් සිටිනවා නම්, තවත් පැයක් නැවත බැලීම් කිරීමට හෝ බයිබල් පාඩමක් පැවැත්වීමට මිඩංගු කිරීමෙන් කාලය දිගු කරගැනීමට සමහරවිට අපට හැකියාවක් තිබේද? නැතහොත් අප බයිබල් පාඩමක් පවත්වනවා නම්, පාඩමට පෙර පැයක පමණ කාලයක් ගෙයින් ගෙට සේවයට හෝ නැවත බැලීම් කිහිපයක් කිරීමට හෝ ගත කළ හැකිද? සෙනසුරාදා දිනවල සඟරා සේවය සඳහා පැය දෙකක කාලයක් ගත කිරීමෙන් පසුව, සමහරවිට අපගෙන් සඟරා ලබාගන්නා අය වෙතට ගොස් සඟරා දීමට හෝ ඔවුන් සමඟ නැවත බැලීමක් කිරීමට හෝ හැකිද? වීදි සේවයේ යම් කාලයක් මිඩංගු කිරීම වඩාත් පහසු බව අපට පෙනෙන්නට පුළුවනි. මේ ක්‍රමවලින් සහ වෙනත් ක්‍රමවලින් ක්ෂේත්‍ර සේවයේ අපගේ සහභාගිත්වය වැඩි කරන්නට අපට හැකි වෙයි. මේ සමඟම හොඳ ප්‍රතිඵලද නෙළාගැනීමට හැකි විය යුතුය.

7 නැවත බැලීම් වැඩියෙන් කරමින් කාලය ගත කරන විට, පවත්වන බයිබල් පාඩම් ගණන වැඩි වෙන බවට කිසිදු සැකයක් නැත. මින් අදහස් කරන්නේ කල් යත්ම වැඩිදෙනෙක් සත්‍යයට පැමිණීමත් අපගේ රාජ්‍ය දේශනා වැඩය ඉටු කිරීමට ඔවුන්ගේ උපකාරය ලැබීමත්ය.—මතෙ. 28:19, 20.

යාච්ඤාව අත්‍යවශ්‍යයි

8 විඳදරාගනිමින් පල දැරීමට නම්, අප යෙහෝවාගේ ආශීර්වාද පැතිය යුතු අතර ඔහුගේ ආත්මයේ මඟ පෙන්වීමට අවනත විය යුතුය. අප අපගේ දේවසේවය ගැන යෙහෝවාට යාච්ඤා කළ යුතුය. අපගේ ක්ෂේත්‍ර සේවා ක්‍රියාකාරකම් ගැන යෙහෝවාට යාච්ඤා කරන විට, අප ඔහුගේ හවුල් සේවකයන් බව අපට මතක් වේ. (1 කොරි. 3:9) අපට ක්ෂණික ප්‍රතිඵල දැකගත නොහැකි වුවත්, යෙහෝවාගේ උපකාරය ඇතිව අපට විඳදරාගත හැකිය. අප අනාගතය දෙස බලත්ම, අත් නෑර අපගේ දේවසේවය සම්පූර්ණයෙන්ම ඉෂ්ට කිරීම පිණිස දිව්‍ය මඟ පෙන්වීම හා පිහිට පැතීම අනිවාර්යය. (2 තිමෝ. 4:5) දේශනා කිරීම සහ ගෝලයන් සෑදීමේ වැඩය තුළ තවත් බොහෝ පල නිපදවීමට තිබේ.

9 සෑමවිටම යාච්ඤා කිරීමේ අවශ්‍යතාව යේසුස් කාවැද්දීය. (ලූක් 18:1) පාවුල් අවවාද කළේ මෙසේයි. “නොකඩවා යාච්ඤා කරන්න.” (1 තෙස. 5:17, NW) දැන් යාච්ඤාවේ නොකඩවා පැවතීමට හදිසි හේතු ඇත. වසරින් වසර වැඩි වෙන රැළ රැකබලා ගැනීමේදී බොහෝ වගකීම් දැරීමට තිබේ. විඳදරාගැනීමෙන් යුතුව පල දැරීමට අන්‍යයන්ට උපකාර කිරීමට අපට වුවමනාය. තනි ප්‍රචාරකයන්ගේද සමස්තයක් වශයෙන් සංවිධානයේද විවිධ අවශ්‍යතාවලට අවධානය දිය යුතුයි. වගකීම් දැරීම සඳහා බොහෝදෙනෙකුට සභා සේවකයන් සහ වැඩිමහල්ලන් ලෙස සුදුසුකම් ලැබීමේ අවශ්‍යතාවක් තිබේ. දේශනා වැඩයට අනුබලයක් ලෙසට පරිත්‍යාගවල අවශ්‍යතාව සහ දිගින් දිගටම බයිබලය මත පදනම් පොත් පත් ලබා දීමේ අවශ්‍යතාව දකින අපි මේ සම්බන්ධයෙන් දේවභයැති ජනයාගේ හදවත් පොලඹවන ලෙසට යෙහෝවාට යාච්ඤා කරමු.—2 කොරි. 9:8-11.

10 කොලොස්සි 4:2හි [NW]සඳහන් මෙම ශුද්ධ ලියවිලිමය අවවාදය වඩාත් අරුත් ගැන්වෙයි. “අන් නෑර නොකඩවා යාච්ඤා කරන්න. ස්තුති දීමෙන් යුක්තව යාච්ඤාවේ යෙදෙමින් අවදිව සිටින්න.” සෑම තැන්හිම සිටින අපේ සහෝදරයන් දිගටම විඳදරාගෙන පල දරන පිණිසද, සාක්ෂි දැරීමට අපහසු ප්‍රදේශවලදී ඔවුන්ට හමු වන බැටළු ගුණැති අයට උපකාර කිරීමට පිහිට ඉල්ලාද අප යාච්ඤා කළ යුතුය.

ස්තුතිවන්තබව පෙන්වන්න

11 මෙතරම් මහත් සේ භුක්ති විඳින බහුල වූ ආත්මික සැපයුම්වලට අප කොතරම් ස්තුතිවන්ත වෙනවාද! මේවා සඳහා යෙහෝවාට ස්තුතිවන්ත වීමට අපට වුවමනාය. තවද විශ්වාසවන්ත දාසයාගේ සහ එහි පාලක මණ්ඩලයේ වැඩකටයුතුවලට නොකඩවා ආශීර්වාද ඉල්ලාද අප යාච්ඤා කළ යුතුය. ඔවුන් අප වෙනුවෙන්ද, ලොව වටා සිටින බැටළු ගුණැති අය වෙනුවෙන්ද වෙහෙස මහන්සි නොබලා යටහත් පහත් ලෙස ගන්නා උත්සාහයන් බොහෝ සෙයින් අගය කෙරේ.

12 රාජ්‍ය බීජ වැපිරීමේදී, පොත් පත් මහත් සම්භාරයක් බෙදාහැර තිබේ. (මතෙ. 13:3-8, 18-23) එහෙත්, ක්ෂේත්‍රයේ බෙදා දීම පිණිස බයිබල් සහ බයිබල් පොත් පත්වල ඉල්ලුම දිගටම වැඩි වෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ වාර්ෂික වාර්තාව දෙස බලන විට පෙනී යන්නේ, නැවත බැලීම් සහ නිවාස බයිබල් පාඩම් ආකාරයෙන් වගා කිරීම සහ වතුර දැමීම බොහෝ සෙයින් සිදු කර ඇති බවය. අපගේ දේවසේවයේ මෙම වැදගත් අංගයන්හි අප අපේ කොටස දිගටම කරත්ම, වර්ධනය උදෙසා යෙහෝවා දිගින් දිගටම දෙන ආශීර්වාද ගැන අපි ස්තුතිවන්ත වෙමු. ඇත්තවශයෙන්ම, අපි එම ආශීර්වාද පතා යාච්ඤා කරන්නෙමු.—1 කොරි. 3:6, 7.

වෙනත් අවශ්‍යතා

13 ක්‍රිස්තියානීන් ලෝකයේ කොටසක් නොවුණත් එතුළ ජීවත් වීමට සිදු වන නිසා, දිගටම පරීක්ෂා සහ පරීක්ෂණවලට මුහුණ දෙන අතර, මෙම අන්තිම දවස්වලදී ඒවා තවත් තීව්‍ර වෙනවා ඇත. දැන් ඇතැම් අය පීඩා හෝ වෙනත් දුෂ්කරතා විඳදරාගනිමින් සිටිති. ඇතැම් අයට තම ක්‍රිස්තියානි වැඩකටයුතු කරගෙන යෑමට සිදු වී තිබෙන්නේ යුද්ධයෙන් විනාශ වී ගිය රටවලය. අපගේ සහෝදරයෝ භූමිකම්පා, සුළි සුළං සහ සැඩ කුණාටුවලට මුහුණ දී ඇත්තාහ. මේ දේවල් සිදු වන විට, අප එවන් රටවල සිටින අපගේ සහෝදරයන් ගැන යාච්ඤා කළ යුතුය. (ක්‍රියා 12:5; 2 කොරින්ති 1:11, සසඳන්න.) ඇතැම් අවස්ථාවලදී, අපගේ වැඩකටයුතු ගැන, අපගේ සහෝදරයන්ට මුහුණ දීමට සිදු වී ඇති පීඩා ගැන හෝ රාජ්‍යයට සම්බන්ධ කාරණාවලට බලපාන වෙනත් කාරණා ගැන සාකච්ඡා කිරීමට ඉහළ බලධාරීන්ව හමුවීමට අවශ්‍ය වේ. එවන් තත්වයන් යටතේදී, අපට පෞද්ගලිකව කළ හැකි දේ අප කරන අතර, අපගේ සෙසු සේවකයන් කෙරෙහි හිතකර ආකල්පයක් දක්වාවි කියා අපි මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් යාච්ඤා කරමු.—1 තිමෝ. 2:1, 2.

14 සාතන්ගේ දුෂ්ට ලෝකයේ ජීවත් වෙන පවුල්වලට බොහෝ පීඩන එල්ල වේ. (2 කොරි. 4:4) විවාහ වූ යුවළයන් බරපතළ ගැටලුවලට මුහුණ දෙනවා විය හැකියි. දිව්‍ය මඟ පෙන්වීම පතා යාච්ඤා කිරීමට ඔවුන්ව දිරිගැන්විය යුතු අතර, අපටද ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළ හැකිය. (1 කොරි. 7:5; 1 පේතෘ. 3:7) පවුල් මූලිකයන් තමන්ගේ පවුල්වල අයට නිසි මූලිකත්වය දීමෙහිලා මඟ පෙන්වීම පතා තමන් කරන අවංක යාච්ඤාවල් යෙහෝවා අසන බව වටහාගත යුතුය. (විනි. 13:8; පිලි. 4:6, 7) යෞවනයෝ මෙන්ද වැඩිහිටි අයද පරීක්ෂණාත්මක තත්වයන්ට මුහුණ දෙති. පාසැලේදී, රැකියාවේදී, ගමන් කරන විට හෝ වෙනත් අවස්ථාවලදී මෙවන් තත්වයන් උද්ගත වන්නට පුළුවන. දිගටම දෙවිට ප්‍රසන්න දේ කරමින් හා පල දරමින් මේ දුෂ්ට ලෝකයේ ස්වභාවයට එරෙහිව සිටීමට යාච්ඤාව අපට උපකාර කළ යුතුය.—මතෙ. 6:13; එපී. 6:13-18; 1 යොහ. 3:22.

15 යෙහෝවා වනාහි යාච්ඤා අසන තැනැත්තාය. (ගීතා. 65:2) සියලු අවස්ථාවලදී අප අපේ බර ඔහු මතට දැමිය යුතුය. (ගීතා. 55:22) සියලු රාජ්‍ය වැඩකටයුතු සඳහා මෙන්ම සෑම තැනකම සිටින අපගේ සහෝදරයන් උදෙසා යාච්ඤා කිරීමෙන් අපගේ සැලකිල්ල පෙන්වීමට අපට ප්‍රස්තා තිබේ. සභාවේ පෙරමුණ ගන්නා අය ගැනද, ලෝක ව්‍යාප්ත වැඩකටයුතු මෙහෙයවන අය ගැනද, ආත්මිකව අසනීප වී ඇති අයට උපකාර කිරීමට වෙහෙසන අය ගැනද, ලොකු කුඩා වෙනත් ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරන අය ගැනද අප කල්පනා කරන විට, අප සියල්ලන්ම ඒ සියලු කාරණා යාච්ඤාවෙන් යෙහෝවා ඉදිරියේ තැබිය යුතුය. (1 තෙස. 5:25; යාකො. 5:14-16) එසේය, යෙහෝවාගේ කැමැත්තට අනුව අප ඉල්ලන ඕනෑම කාරණයක් සම්පූර්ණ විශ්වාසයකින් යුතුව අපගේ කාන්සාවන් සමඟින් යෙහෝවාට භාර දෙන්නේ නම්, ඔහු අපට සවන් දෙනවා ඇත. (1 පේතෘ. 5:7; 1 යොහ. 5:14) අප රාජ්‍ය සේවයේ ජ්වලිතව සිට, විඳදරාගනිමින් පල දැරීමට නම් යෙහෝවාගේ පිහිට ඉල්ලා දිගටම ඔහු දෙස බලමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න