ඔබට ආත්ම පරිත්‍යාගශීලී ස්ප්‍රීතුවක් තිබෙනවාද?
1 යේසුස් ක්‍රිස්තුස් මිනිසුන් වෙනුවෙන් කළ දේවල් සඳහා ඇති වන අගය, ආත්ම පරිත්‍යාගශීලී ස්ප්‍රීතුවක් විදහාපෙන්වමින් අපේ හැකියාවන්, කුසලතා හා ශක්තීන් යෙදවීමට අප සැමට පෙලඹීමක් විය යුතුයි. ශුද්ධ ලියවිල්ල අපෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටිනවා: ‘නුඹලාගේ ශරීරයන් ජීවමාන වූ, ශුද්ධ වූ, දෙවි විසින් පිළිගත හැකි වූ යාගයක් ලෙස ඔප්පු කරන්න.’ (රෝම 12:1) කලින් කලට ආත්ම සෝදිසියක් කිරීමෙන්, ඔබේ තත්වයන්ට අනුව ඔබ එවන් ස්ප්‍රීතුවක් උපරිම මට්ටමකින් විදහාපෙන්වමින් සිටිනවාද නැද්ද කියා ඔබට දැනගත හැකියි.
2 බයිබල් දැනුම ලබාගැනීමේදී: ඔබ නිතිපතා පෞද්ගලිකව බයිබලය කියවීමට හා අධ්‍යයනය කිරීමට කාලය වෙන් කර තිබෙනවාද? ඔබ එම කාලසටහනට විශ්වාසවන්තව ඇලී සිටිනවාද? සභා රැස්වීම්වලට හොඳින් සූදානම් වීම ඔබ පුරුද්දක් කරගෙන තිබෙනවාද? ඔබ ගෘහ මූලිකයෙක් නම්, ඔබේ පවුලේ අය සමඟ ඔබ නිතිපතා බයිබල් පාඩමක් කරනවාද? මේ දේවල් කිරීම සඳහා රූපවාහිනිය නැරඹීමට හෝ පරිගණකය භාවිත කිරීමට හෝ වෙනත් දේවල් කිරීමට යොදවන කාලය පරිත්‍යාග කරන්න අවශ්‍ය විය හැකියි. ඒ වුණත්, දෙවිගේ වචනය අධ්‍යයනය කරන්න යොදවන කාලය සදාකාල ජීවනයට මඟ පාදන නිසා, එවන් පරිත්‍යාග මොනතරම් සුළු ඒවාද!—යොහන් 17:3.
3 ඔබේ දරුවන්ව පුහුණු කිරීමේදී: ආත්ම පරිත්‍යාගශීලී පුද්ගලයෙකු විය හැකි ආකාරය ඉගෙනගත යුතු හොඳම කාලය ළමා කාලයයි. සෙල්ලම් කරන්න කාලය යොදවනවා වගේම වැඩ කරන්නත් දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම්වල නිරත වෙන්නත් කාලය වෙන් කළ යුතු බව ඔබේ දරුවන්ට උගන්වන්න. (එපී. 6:4) ගෙදර දොරේ වැඩකටයුතු ඔවුන්ට පවරන්න. ඔවුන් සමඟ දේවසේවයේ හවුල් වීම සඳහා නිශ්චිත දවසක් වෙන් කරගන්න. ඔබ දේවල් කියනවා පමණක් නොව, කරන බවත් පෙන්වන්න. මෙසේ කිරීමෙන් ඔබ දරුවන්ට උගන්වන දේවල බලපෑම වැඩි වෙන්න යනවා.
4 සභා ක්‍රියාකාරකම්වලදී: සභාවේ සිටින සෑම කෙනෙක්ම අනිත් අයගේ යහපත උදෙසා පරිත්‍යාගශීලී ලෙස කටයුතු කරන්න සූදානම්ව සිටින විට, එවන් සභාවක් තුළ යහපත් ස්ප්‍රීතුවක් තිබෙන්න යනවා. (හෙබ්‍රෙ. 13:16) රාජ්‍ය දේශනා කිරීමෙහි හා ගෝලයන් සෑදීමේ වැඩයෙහි වැඩි කාලයක් යොදවන්න ඔබට හැකිද? කැමැත්තෙන්ම ඉදිරිපත් වී, අසනීපවලින් පෙළෙන අයට හෝ වයසක අයට උපකාර කරන්න ඔබට හැකිද? සමහරවිට මේ වගේ අයට රැස්වීම්වලට පැමිණීමට ප්‍රවාහණ පහසුකම් අවශ්‍ය විය හැකියි.
5 යේසුස් ක්‍රිස්තුස් මිනිසෙකු හැටියට ආත්ම පරිත්‍යාගශීලී ස්ප්‍රීතුව සුවිශේෂ ආකාරයකින් පෙන්වූයේ සිය මිනිස් ජීවිතය පූජා කිරීමෙනුයි. ඔහු එම පරිත්‍යාගය කිරීමට කලින්, තමන්ගේ ජීවිතයේ අනෙකුත් හැම දෙයක්ම දෙවන තැනට දමමින් රාජ්‍ය කාරණාවලට පළමු තැන දෙන්න කියා සිය ගෝලයන්ට උපදෙස් දුන්නා. (මතෙ. 6:33) ආත්ම පරිත්‍යාගශීලී ස්ප්‍රීතුවක් විදහාපෙන්වමින් දිගටම යෙහෝවාට ප්‍රීතියෙන් සේවය කිරීමෙන්, වෙන කිසිම දෙයකින් ලැබිය නොහැකි සතුටක් අපිට භුක්ති විඳිය හැකියි.