‘අවදිව සිටින්න’
1 වර්තමාන ක්‍රමයේ අවසාන දවස් සනිටුහන් කරන සුවිශේෂ සිද්ධීන් විස්තර කිරීමෙන් පසු, ‘අවදිව සිටින්න’ කියා යේසුස් සිය ගෝලයන්ගෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටියා. (මාර්ක් 13:33) ක්‍රිස්තියානීන් අවදිව සිටිය යුත්තේ ඇයි? අපි ජීවත් වෙන්නේ මිනිස් ඉතිහාසයේ දරුණුතම කාලපරිච්ඡේදයේ නිසා අපි අවදිව සිටිය යුතුයි. අපි ආත්මිකව නිදිබර වුණොත්, එයින් ඇති වන හානිකර ප්‍රතිවිපාකවලින් අපිට ගැළවෙන්න බැහැ. යෙහෝවා මේ අන්තිම කාලයේ අපිට බාර දී තිබෙන වැඩය සුළු කොට සැලකීම, ආත්මිකව නිදිබර වීමේ ප්‍රතිඵලයක්. අපිට බාර දී තිබෙන වැඩය මොකක්ද?
2 යෙහෝවා සිය රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ලොව පුරා ප්‍රකාශ කිරීම සඳහා ඔහුගේ සෙනඟව යොදාගනිමින් සිටිනවා. මනුෂ්‍යවර්ගයාට තිබෙන එකම බලාපොරොත්තුව දෙවිගේ රාජ්‍යයයි. දෙවිගේ සංවිධානය සමඟ සමීපව වැඩ කිරීමෙන් අපි සැබෑ ක්‍රිස්තියානීන් බව ඔප්පු වෙනවා. සැබෑ ක්‍රිස්තියානීන් තමන් ජීවත් වෙන කාලය ගැනත්, “සදාකාල ජීවනයේ [වචනවලට]” සවන් දීම සඳහා අනිත් අයට උපකාර කිරීමේ අවශ්‍යතාව ගැනත් සැලකිල්ලෙන් සිටිනවා. (යොහන් 6:68) මෙම අතිවැදගත් වැඩයෙහි ජ්වලිතව හවුල් වීමෙන් අපි ආත්මිකව අවදියෙන් සිටින බව පෙන්වමු.
3 දේශනා කිරීමට පෙලඹීම: යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැටියට දේවසේවය ගැන අප තුළ හොඳ ආකල්පයක් තිබිය යුතුයි. දේශනා සේවයේ හවුල් වීමට අපව පොලඹවන්නේ දෙවි සහ අසල්වැසියා කෙරෙහි තිබෙන අපේ ප්‍රේමයයි. (1 කොරි. 9:16, 17) මෙය අපගේ මෙන්ම අපට සවන් දෙන අයගේ ගැළවීමට හේතු වෙනවා. (1 තිමෝ. 4:16) අපිට පුළුවන් විදිහට නිතිපතා සේවයේ හවුල් වීම, අප සෑම කෙනෙකුගේම අධිෂ්ඨානය වේවා! මනුෂ්‍යවර්ගයාට තිබෙන හොඳම ආණ්ඩුව වන දේවරාජ්‍යය ගැන දේශනා කිරීමේ අවශ්‍යතාව පවතින තාක් කල් එම අධිෂ්ඨානය පවත්වාගැනීමට උත්සුක වෙමු.
4 මහත් පීඩාව හදිසියේ පැමිණෙන්නේ අපි මෙම වැඩයේ හවුල් වෙමින් සිටියදීයි. මෙම වැදගත් කරුණ මගින් අපිට ඒත්තුගන්වන්නේ අපේ දේවසේවයේ තිබෙන හදිසිතාවයි. දවස හා පැය අපි දන්නේ නැහැ. එනිසා යාච්ඤාපූර්වකව යෙහෝවා මත රඳා සිටිමින් සැමවිටම අවදිව හා සූදානම්ව සිටීම අවශ්‍යයි. (එපී. 6:18) දේශනා කිරීමේ ක්ෂේත්‍රය දිගටම ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඒ වුණත්, වැඩි කල් නොගොස් යම් දවසක මිනිස් ඉතිහාසයේ මෙතෙක් සිදු වී තිබෙන විශාලතම සාක්ෂි දැරීමේ වැඩය එහි උච්චාවස්ථාව කරා ළඟා වෙන්න යනවා.
5 ‘අවදිව සිටින්න’ කියා යේසුස් දුන් උපදේශය දිගටම පිළිපදින්න. මෙසේ කිරීම වෙන කවරදාටත් වඩා දැන් තීරණාත්මක දෙයක් වෙනවා. හදිසිතාවේ හැඟීමෙන් යුතුව අපි එම උපදේශය පිළිපදිමු. අපි අදත් හෙටත් හැමදාමත් ආත්මිකව සිහි ඇතුව, අවදිව හා යෙහෝවාගේ සේවයේ ක්‍රියාශීලීව සිටිමු. අපි “අවදිව මත් නොවී” සිටිමු.—1 තෙස. 5:6.