දිව්‍යාණ්ඩු සේවා පාසැල 2001
1 අපි සියලුදෙනාම දිව්‍යාණ්ඩු සේවා පාසැලට සහභාගි වීම සඳහා හැකි සෑම වෑයමක්ම දැරිය යුතුයි. මේ සඳහා ශුද්ධ ලියවිලිමය හේතු බොහොමයක් තිබෙනවා.—හිතෝ. 15:23; මතෙ. 28:19, 20; ක්‍රියා 15:32; 1 තිමෝ. 4:12, 13; 2 තිමෝ. 2:2; 1 පේතෘ. 3:15.
2 සතිපතා බයිබල් කියවීම දිගු කලක සිට පාසැල් වැඩසටහනේ අංගයක් වී තිබෙනවා. සෑම දවසකම බයිබලයේ එක පිටුවක් කියවීමෙන් අදාළ කොටස් පියවිය හැකියි. මේ අවුරුද්දේ පටන් ලිඛිත පුනරීක්ෂණය පවත්වන සතිවලදීද බයිබලයේ කොටසක් කියවීම ඇතුළත් කර තිබෙනවා. පසුගිය අවුරුදු තුන පුරා ක්‍රියාත්මක වූ අතිරේක බයිබල් කියවීමේ වැඩසටහන මේ වන විට සම්පූර්ණ වී හමාරයි. පාසැල් වැඩසටහනේ සඳහන් බයිබල් කියවීමේ ප්‍රමාණයට වඩා වැඩියෙන් කියවීමට ඔබ කැමති නම්, ඔබට පුළුවන් ඒ සඳහා පෞද්ගලිකව කාලසටහනක් පිළියෙළ කරගන්න.
3 පැවරුම් අංක 2 මගින් දේවවචනය “ප්‍රසිද්ධියේ කියවීම” සඳහා සහෝදරයන්ව පුහුණු කෙරෙනවා. (1 තිමෝ. 4:13, NW) ඔබට බයිබල් කියවීම සඳහා පැවරුමක් ලැබුණු විට කිහිප වතාවක්ම එය හඬනඟා කියවමින් පුහුණු වන්න. හොඳ කියවීමක ලක්ෂණ වන නිවැරදි උච්චාරණය, හඬ උස් පහත් කිරීම හා වෙනත් අංග දියුණු කරගැනීම සඳහා සමිතිය මගින් නිපදවා තිබෙන බයිබල් කියවීමේ කැසට් පට ඔබට යොදාගත හැකියි.
4 පැවරුම් අංක 3 සහ 4 පදනම් වන්නේ සාකච්ඡා කිරීම සඳහා බයිබල් විෂයන් නමැති පොත්පිංචය හා පසුගිය මුරටැඹ සඟරාවල පළ වූ ලිපි මතයි. ඔබේ කතාවේ තොරතුරු පදනම් වන මූලාශ්‍රයේ සඳහන් කරුණු නියමිත කාලය ඉක්මවන තරමටම වැඩි නම්, ප්‍රායෝගිකව අදාළ කළ හැකි තොරතුරු පමණක් සැලකිල්ලට ගන්න. ඔබේ සභා බලප්‍රදේශයට යෝග්‍ය විය හැකි ඕනෑම පසුබිමක් යොදාගෙන මේ කතා ඉදිරිපත් කළ හැකියි.
5 පාසැලේ ඔබට ලැබෙන සෑම පැවරුමක්ම ඉටු කිරීම සඳහා ඔබට හැකි සෑම උත්සාහයක්ම දරන්න. හොඳින් සූදානම් වීම සඳහා කාලය ගන්න. හදවතින්ම කතා කරන්න. මෙසේ කිරීමෙන් සභාවේ සිටින අයව දිරිමත් කරන්න ඔබට හැකියි. ඒ විතරක් නොවෙයි, 2001 වසර පුරා පවත්වන දිව්‍යාණ්ඩු සේවා පාසැලට මුළු හදින්ම සහභාගි වීමෙන් ඔබටත් පෞද්ගලිකව ප්‍රයෝජන රැසක් අත් කරගත හැකියි.