ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 2/01 6 පි.
  • යෙහෝවා ශක්තිය සපයයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා ශක්තිය සපයයි
  • 2001 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • යෙහෝවා වෙහෙසවූවන්ව ශක්තිමත් කරයි
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘යෙහෝවා හා ඔහුගේ ශක්තිය සොයව්’
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවියන් ඔයාව සවිමත් කරයි
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවඃවහන්සේ වෙහෙසවූවන්ට බලය දෙනසේක
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2001 අපගේ රාජ්‍ය සේවාව
km 2/01 6 පි.

යෙහෝවා ශක්තිය සපයයි

1 ඔබ ප්‍රේරිත පාවුල්ව සලකන්නේ මොන වගේ පුද්ගලයෙක් හැටියටද? ඔහු මොනතරම් වෙහෙස මහන්සි වී යෙහෝවාට සේවය කළ කෙනෙක්ද කියා ක්‍රියා පොත කියවන විට අපට පැහැදිලි වෙනවා. මේ විදිහට යෙහෝවාගේ සේවයෙහි විශාල වැඩ කොටසක් කරන්න පාවුල්ට හැකි වුණේ කොහොමද? මේ ගැන ඔහුම මෙසේ පැවසුවා. ‘මා බලවත් කරන්නාවූ [ශක්තිමත් කරන්නාවූ] තැනැත්තා තුළ මට සියලු දේ කරන්ට පුළුවන.’ (පිලි. 4:13) අපටත් යෙහෝවා සපයන ශක්තියෙන් ප්‍රයෝජන ලබාගන්න පුළුවන්. මේ සඳහා අපව ආත්මිකව ප්‍රාණවත් කිරීමට ඔහු සපයන මතු දැක්වෙන සැපයුම් හය අපි අගය කළ යුතුයි.

2 දේවවචනය: ශාරීරික ශක්තිය ලබාගැනීමට අපි දෛනිකව ආහාර ගත යුතුමයි. ඒ හා සමානව ආත්මිකව ශක්තිමත්ව සිටීම සඳහා අපි අනිවාර්යයෙන්ම දේවවචනයෙන් පෝෂණය විය යුතුයි. (මතෙ. 4:4) ඕනෑම ගැටලුවකට මුහුණ දීමේ ශක්තිය බයිබලය සපයනවා. සත්‍යය සඳහා අපේ ජ්වලිතය දිගටම පවත්වාගැනීම සඳහා හැකි නම් සෑම දවසකම අර්ථාන්විතව පෞද්ගලික අධ්‍යයනයේ යෙදෙමින් මෙනෙහි කළ යුතුයි.—ගීතා. 1:2, 3.

3 යාච්ඤාව: සැම විටම අප යෙහෝවාට ළංව සිටිය යුතුයි. විශේෂයෙන්ම, ඔහුගේ උපකාරය දැඩි ලෙස අවශ්‍ය වන අවස්ථාවලදී දෙවිට ළංවීම වැදගත්. යාච්ඤාවෙන් තමන්ගේ ශුද්ධාත්මය ඉල්ලන අයට එය දීමෙන් යෙහෝවා ශක්තිය සපයනවා. (ලූක් 11:13; එපී. 3:16) ශුද්ධ ලියවිල්ල අපට උනන්දු කරන්නේ “යාච්ඤාවෙහි නොකඩව පැවතෙන්න” කියායි. (රෝම 12:12) ඔබ එසේ කරනවාද?

4 සභාව: සභා රැස්වීම්වලින් හා අපේ සහෝදර සහෝදරියන් සමඟ ඇසුරු කිරීමෙන් අපි ශක්තිමත් වෙනවා. ඒ වගේම අපි දිරිගැන්වීමක් ලබනවා. (හෙබ්‍රෙ. 10:24, 25) අපි යම් ගැටලුවලට මුහුණ දෙන විට ඔවුන් අපව දිරිමත් කරමින් ප්‍රේමනීය ලෙස උපකාර කරනවා.—හිතෝ. 17:17; දේශ. 4:10.

5 ක්ෂේත්‍ර සේවය: රාජ්‍යය හා එමගින් ගෙනෙන ආශීර්වාද නිතරම මනසේ තබාගැනීමට නිතිපතා දේවසේවයේ හවුල් වීම අපට උපකාරවත් වෙනවා. යෙහෝවා ගැන ඉගෙනගන්න අපි අනිත් අයට උපකාර කරන විට අපේ ආත්මිකත්වය තව තවත් ශක්තිමත් වෙනවා. (ක්‍රියා 20:35) අවශ්‍යතාව වැඩි ප්‍රදේශවල සේවය කරන්න හෝ පූර්ණ කාලීන සේවය කරන්න අපි හැමකෙනාටම නොහැකි වුණත්, වෙනත් ආකාරවලින් අපට දේවසේවයෙහි අර්ථාන්විතව හවුල් වෙන්න පුළුවන්.—හෙබ්‍රෙ. 6:10-12.

6 ක්‍රිස්තියානි අවේක්ෂකයන්: වැඩිමහල්ලන් සපයන දිරිගැන්වීම්වලින් හා උපකාරයෙන්ද අපි ප්‍රයෝජන ලබනවා. යෙහෝවා එඬේරුන් ලෙස ඔවුන්ව පත් කර තිබෙන්නේ ඔහුගේ රැළ රැකබලා ගැනීමටයි. (1 පේතෘ. 5:2) පාවුල් කළාක් මෙන් අදදින සිටින සංචාරක අවේක්ෂකයන්ද සභාවන් දිරිමත් කරනවා.—රෝම 1:11, 12.

7 ඇදහිලිවන්තයන්ගේ ආදර්ශ: අතීතයේ සිටි මෙන්ම වර්තමානයේ සිටින දෙවිගේ සේවකයන්ගේ යහපත් ආදර්ශ සැලකිල්ලට ගැනීමෙන්ද අපට ශක්තිය ලබාගන්න පුළුවන්. (හෙබ්‍රෙ. 12:1) ඔබේ ආත්මිකත්වය නැවත ප්‍රාණවත් කරගත යුතුයි කියා ඔබට හැඟෙන අවස්ථාවලදී, අපේ සඟරාවල පළ වී ඇති දිරිගන්වනසුලු ජීවිත කතාවක් හෝ වාර්ෂික පොතේ සඳහන් ගොඩනංවනසුලු අද්දැකීමක් හෝ ප්‍රකාශකයෝ (Proclaimers) නමැති පොතේ තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නවීන දින ඉතිහාසය ගැන යම් කොටසක් කියවීම හොඳ අදහසක් නොවේද?

8 දැන් අනූවන වියේ පසු වන සහෝදරයෙක් සත්‍යය පිළිගත්තේ ඔහු නහඹරයෙකුව සිටි කාලයේදීයි. ඒ කාලයේදී සභාව සමඟ ක්‍රියාශීලී ලෙස සේවය කළ සමහර අය යෙහෝවාගේ සංවිධානය හැර ගියා. පසුව සංවිධානය ගෙයින් ගෙට සේවයේ වැදගත්කම ගැන අවධාරණය කළ විට මේ සේවයේ හවුල් වීම අමාරු දෙයක් බව ඔහුට හැඟුණා. මේ ආකාරයෙන් ඔහුගේ ඇදහිල්ල පරීක්ෂණයට ලක් වුණා. කොහොමවුණත් ඔහු නිතරම යෙහෝවා මත රඳා සිටියා. වැඩිකල් නොගොස් ඔහු දේවසේවයේ හවුල් වීමෙන් ප්‍රීතිය අද්දැක්කා. අද ඔහු ගැන කියන්න පුළුවන් මොනවාද? ඔහු දුර්වල සෞඛ්‍ය තත්වයක පසු වුණත්, පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු හැටියට තවමත් සේවය කරනවා. යෙහෝවාගේ සංවිධානයට ඇලී සිටීම ගැන ඔහු කවදාවත් කනගාටු වෙන්නේ නැහැ.

9 බ්‍රිතාන්‍යයේ බෙතෙල් පවුලේ සාමාජිකයෙකු හැටියට සේවය කරන සහෝදරියක් බව්තීස්ම වුණේ වයස අවුරුදු 13දීයි. ඇය වයස අවුරුදු 14දී ඇගේ අයියා සමඟ පුරෝගාමී සේවය කරන්න පටන්ගත්තා. දෙවන ලෝක මහ යුද්ධය පැවති කාලයේදී ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය රැකීම නිසා ඇගේ පියාව සිරගත කළ විට ඇගේ වයස අවුරුදු 15යි. ඇය ශක්තිය ලබාගැනීම සඳහා සැබෑ දෙවි වන යෙහෝවා මත රඳා සිටිමින් දිගටම ඔහුට සේවය කළා. කලකට පසු ඇය ඇදහිලිවන්ත සහෝදරයෙකු සමඟ විවාහ වී, යෙහෝවාගේ කැමැත්ත දිගටම කරගෙන ගියා. විවාහ වී අවුරුදු 35කට පසුව හදිසියේම ඇගේ ස්වාමිපුරුෂයා මිය ගියා. ඇය නැවතත් ශක්තිය ලැබීම සඳහා රඳා සිටියේ යෙහෝවා මතයි. ඇය මේ දක්වා දෙවිට සේවය කරමින් සිටින අතර ඇගේ ආශාව යෙහෝවාගේ භූමික පවුලේ සාමාජිකයෙකු හැටියට සදාකාලයටම ඔහුට සේවය කිරීමයි.

10 යෙහෝවා ඔහුගේ ඇදහිලිවන්ත සේවකයන්ව ශක්තිමත් කරනවා. ඒ ගැන මෙසේ සඳහන් වෙනවා. ‘ඔහු ක්ලාන්ත වූ අයට ශක්තිය දෙයි. බලය නැත්තාගේ සවිය වැඩි කරයි.’ ඉහත සඳහන් කළ සැපයුම් හයෙන්ම ප්‍රයෝජන ගැනීමෙන් අසීමිත බලයක් සතු යෙහෝවාගෙන් අපට ශක්තිය ලබාගන්න පුළුවන්. මේ කාරණයද මතක තබාගන්න. “[යෙහෝවා] ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; . . . ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.” (යෙසා. 40:29-31) ශක්තිය ලබාගැනීම සඳහා පාවුල් මුළුමනින්ම යෙහෝවා මත රඳා සිටියාක් මෙන් අපිත් ඔහු මත රඳා සිටිමු.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න