ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 6/01 1 පි.
  • දිගටම ‘යහපත කරන්න’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දිගටම ‘යහපත කරන්න’
  • 2001 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • යහපත කිරීම අත් නොහරින්න
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවියන්ගේ සංවිධානයත් එක්ක ඉන්න
    යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
  • දෙවි මෙන් ඔබටත් ප්‍රීතිය භුක්ති විඳිය හැකියි
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පීඩා සතුටින් විඳදරාගන්න
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2001 අපගේ රාජ්‍ය සේවාව
km 6/01 1 පි.

දිගටම ‘යහපත කරන්න’

1 යෙහෝවා දෙවිට සේවය කිරීමට ඔබ ගත් තීරණය යහපත් තීරණයකි. එහෙත් දැන් ඔබ ඉදිරියෙහි තිබෙන අභියෝගය වන්නේ මේ අන්තරාසහිත කාලයේදී දිගටම ‘යහපත කිරීමයි.’ (ගලා. 6:9) මේ සඳහා අවංක වෑයමක් දැරිය යුතුයි. එහෙත් ඔබට මෙය කළ හැකියි. කෙසේද?

2 යේසුස්ගේ මානසික ආකල්පය විදහාපෙන්වන්න: රාජ්‍ය බලාපොරොත්තුව නිතරම ඔබේ මනසේ ප්‍රමුඛව තබාගන්නවා නම්, යේසුස් වගේ ඔබටත් පුළුවන් පීඩා විඳදරාගන්න. (හෙබ්‍රෙ. 12:2, 3) යෙහෝවා ඔබට ප්‍රේම කරන බවටත් ඔබ සාර්ථක වෙනවා දකින්න ඔහු කැමති බවටත් නිසැක වන්න. (2 පේතෘ. 3:9) ඔහු ඔබට උපකාර කරන බව විශ්වාස කරමින් ඔහු මත රඳා සිටින්න. (1 කොරි. 10:13) විඳදරාගැනීම සඳහා යෙහෝවාගෙන් උපකාර ඉල්ලමින් අත්නෑර යාච්ඤා කරන්න. (රෝම 12:12) දිගටම විඳදරාගෙන සිටීමෙන් ඔබට යෙහෝවාගේ අනුමැතිය ලබාගත හැකියි. එම නිසැකකම ගැන ප්‍රීති වන්න. (රෝම 5:3-5, NW) ඔබ විශ්වාසවන්තව “ක්‍රිස්තුස් තුළ තිබූ මානසික ආකල්පය” විදහාපෙන්වීමෙන් ඔබට ප්‍රීතිය භුක්ති විඳිය හැකි අතර, එයින් යෙහෝවාව සතුටු කරන්නද ඔබට හැකියි.—රෝම 15:5, NW; හිතෝ. 27:11.

3 දිගටම යහපත කරන්න: යෙහෝවා සිය සෙනඟට දිගටම යහපත කිරීමට උපකාර කිරීම සඳහා සපයා තිබෙන සැපයුම්වලින් උපරිම ප්‍රයෝජන ගන්න. දේවවචනය කියවීම හා විශ්වාසවූ නුවණැති දාස පන්තිය සපයන බයිබලය මත පදනම් ප්‍රකාශන අධ්‍යයනය කිරීම ඔබේ දින චර්යාවේ කොටසක් කරගන්න. සෑම සභා රැස්වීමකටම විශ්වාසවන්තව සූදානම් වී පැමිණ, ඒවාට සහභාගි වන්න. ක්‍රිස්තියානි රැස්වීම්වලට කලින් හා පසුව ඔබේ ආත්මික සහෝදර සහෝදරියන් සමඟ ඇසුරු කරන්න. අර්ථවත් ලෙස ක්ෂේත්‍ර සේවයේ හවුල් වීමට හා ශුභාරංචිය ඉදිරිපත් කිරීමේ හැකියාවන් වර්ධනය කරගැනීම සඳහා අත් කරගත හැකි ඉලක්ක තබාගන්න.

4 ඉහත සඳහන් කළ දේවල් කිරීමෙන් ඔබට දිගටම යහපත කළ හැකි අතර, එයින් මහත් ප්‍රීතියක්ද ලබන්න පුළුවන්. මේ ගැන ඉතාලියේ වෙසෙන සහෝදරයෙක් මෙසේ පැවසුවා. “යෙහෝවාගේ සේවයේ හවුල් වෙලා හැන්දෑ වෙලා ගෙදර ආවට පස්සේ මට මහන්සියක් දැනෙනවා. ඒ වුණත් මට ලොකු සතුටක් දැනෙනවා. කාටවත් උදුරා ගන්න බැරි ප්‍රීතියක් මට ලබා දීම ගැන මම යෙහෝවාට ස්තුතිවන්ත වෙනවා.” දිගටම යහපත කරනවා නම් ඔබටත් මහත් ප්‍රීතියක් ලබන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න