ඔබේ බලප්‍රදේශයේ සිටින බිහිරි අයව සොයාගැනීමට වෑයම් කරන්න
1 “එන්න, . . . කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා” කියා යෙහෝවා සැමට ඇරයුම් කරයි. (එළි. 22:17) මේ ඇරයුම පිළිගන්න අය අතර බිහිරි අය බොහෝදෙනෙක්ද සිටිනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට ලොව පුරා බිහිරි අය විශාල පිරිසක් යෙහෝවාට සේවය කරන්න අප හා එක් වී සිටියි.
2 සංඥා භාෂාව දන්න අය දේශනා සේවයේ හවුල් වන විට වෑයම් කරන්නේ තමන්ගේ බලප්‍රදේශයේ සිටින බිහිරි අයට සාක්ෂි දරන්නයි. ඒත් මෙවැනි පුද්ගලයන් තව බොහෝදෙනෙක් මේ රටේ සිටිනවා. ඔවුන්වද සොයාගෙන සාක්ෂි දැරිය යුතුයි.
3 ඔබට උපකාර කළ හැක්කේ කෙසේද? ඔබ පොදු ස්ථානවල සිටින විට සංඥා භාෂාව කතා කරන අයව දැක තිබෙනවාද? ඔබ රැකියාව කරන ස්ථානයේ හෝ පාසැලේ සිටින කෙනෙකුගේ පවුලේ බිහිරි කෙනෙක් සිටිනවාද? ඔබ එදිනෙදා යම් වැඩකටයුතුවල නියැලෙන විට, බිහිරි අයව සොයාගැනීම සඳහා විමසිල්ලෙන් සිටින්න. ඔබට බිහිරි කෙනෙක් හමු වුණොත් ඔහුට රාජ්‍යය ගැන දැනගැනීමට සලස්වන්නේ කොහොමද?
4 සාක්ෂි දරන්න: කරුණාකර මොහුව හමු වන්න (Please Follow up, S-43) නමැති පත්‍රය පුරවා ඔබේ සභාවේ වැඩිමහල්ලන්ට දෙන්න. ඔවුන් එය සමිතියට යවයි. සංඥා භාෂාවෙන් පවත්වන රැස්වීම්වලට ගොස් එහි සිටින බිහිරි සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කරන්න ලැබෙන විට, බිහිරි අය බොහෝදෙනෙක් ඉක්මනින් සත්‍යය ඉගෙනගනිමින් ප්‍රගතියක් ලබයි.
5 ඔබ ජීවත් වන ප්‍රදේශයේ බිහිරි අයට ආත්මිකව උපකාර කරන්න ළඟපාත සභාවක කවුරුත් නැත්නම් කුමක් කළ හැකිද? ඔබ ඒ බිහිරි අයට උපකාර කරන්නේ කොහොමද? බිහිරි පුද්ගලයා සිටින නිවසට ගොස්, එහි සිටින සවන් දිය හැකි අයට කතා කිරීම හොඳ අදහසක් නොවේද? බිහිරි අයගේ උනන්දුව පුබුදුවාලීම සඳහා සංඥා භාෂාවෙන් සකස් කර තිබෙන වීඩියෝ පටයක් පෙන්විය හැකි බව පවසන්න. බිහිරි අයට සාක්ෂි දැරීම සඳහා සමහර ප්‍රචාරකයන් සංඥා භාෂාව ඉගෙනගන්නවා. (ක්‍රියා 16:9, 10) අමෙරිකානු සංඥා භාෂාවෙන් පිළියෙළ කර තිබෙන ඕනෑ කරන්නේ විවරණිකාව හා දැනුම පොත වීඩියෝ පට ලෙස ලබාගත හැකියි. එම වීඩියෝ පට යොදාගෙන බයිබල් පාඩම් පැවැත්වීමෙන් දැනටමත් හොඳ ප්‍රතිඵල බොහොමයක් අත් කරගෙන තිබෙනවා.
6 ඔබේ ප්‍රදේශයේ සිටින බිහිරි අයව සොයාගැනීම ගැන විමසිලිමත් වීමෙන් ඔවුන්ටද ජීවන වතුර නොමිලේ ලබාගැනීමේ අවස්ථාව උදා කර දෙන්න ඔබට හැකියි.—මතෙ. 10:11.