නව විශේෂ එක්රැස්වීම් දින වැඩසටහන
නව සේවා වසරේදී පවත්වනු ලබන විශේෂ එක්රැස්වීම් දින වැඩසටහනේ තේමාව ‘දෙවිට යටත්ව, යක්ෂයාට විරුද්ධව සිටින්න’ යන්නයි. මෙය පදනම් වී තිබෙන්නේ කාලෝචිත ශුද්ධ ලියවිලි පාඨයක් වන යාකොබ් 4:7 මතයි. මේ අභියෝගාත්මක කාලයේදී එම තේමාව මොනතරම් කදිම මඟ පෙන්වීමක් වේවිද! දෙවිගේ අණ පනත්වලට අපි කීකරු වෙද්දී සාතන් සමඟ සටන් කරන්න අපට සිදු වෙනවා. අපේ ඇදහිල්ල බිඳහෙළීම සඳහා යක්ෂයා යොදාගන්න කූට උපක්රමවලට එරෙහිව සිටිය හැකි ආකාරය මේ වැඩසටහනෙන් අපට උගන්වයි. මේ එක්රැස්වීමේදී අප ලබන ආත්මික මැණික්වලින් සමහරක් මොනවාද?
“පවුලේ සාමාජිකයන් දේවභක්තික යටත්කම පෙන්වීම” ගැනත් ලෝකයේ පීඩන හමුවෙහි පවුල්වලට ශක්තිමත්ව සිටීමට එම යටත්කම උපකාරවත් වන ආකාරය ගැනත් චාරිකා අවේක්ෂක පැහැදිලි කරයි. ආගන්තුක කථිකයා ඉදිරිපත් කරන කතාවේ තේමාව “යක්ෂයාට විරුද්ධව සිටීම යන්නෙහි අර්ථය” යන්නයි. අපව ආත්මිකව විනාශ කර දැමීම සඳහා සාතන් යොදාගන්න දේවලට එරෙහිව සිටීම සඳහා අපට ස්ථිර ක්‍රියාමාර්ගයක් ගත හැකි ආකාරය හා එහි අවශ්‍යතාව ඔහු පැහැදිලි කරයි. එහි කොටස් දෙකක් විශේෂයෙන්ම පිළියෙළ කර තිබෙන්නේ යක්ෂයාගේ කූට උපායන් ගැන සාවධානව සිටිය යුතු යෞවනයන් සඳහායි. දැන් වැඩිහිටි වියේ පසු වන ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් ඔවුන්ගේ යෞවන කාලයේදී ලෝකයේ ආශාවන් පසුපස හඹා යෑමෙන් වැළකී සිටියා. මේ එක්රැස්වීමේදී ඔවුන්ගේ අද්දැකීම්වලට අපට සවන් දිය හැකියි.
මිනිස් සමාජයේ වෙසෙන සෑම කෙනෙකුගෙන්ම අපේක්ෂා කරන දෙයක් තමයි අධිකාරීන්ට යටත් වීම. ආගන්තුක කථිකයා ඉදිරිපත් කරන අවසන් කතාවේදී දේවභක්තික යටත්කම පෙන්විය හැකි ක්ෂේත්‍ර හතරක් විශේෂ කොට දක්වයි. ඒ ක්ෂේත්‍ර හතර වන්නේ, (1) ආණ්ඩුවලට යටත් වීම, (2) සභාවේදී යටත්කම, (3) රැකියාවේදී යටත්කම හා (4) පවුල තුළ යටත්කම යනාදියයි. මෙය ප්‍රායෝගික කරුණුවලින් පිරි මොනතරම් කදිම වැඩසටහනක්ද!
මෙම විශේෂ එක්රැස්වීම් දිනයේදී බව්තීස්ම වීමට කැමති අය හැකි විගස මුලසුනභාර අවේක්ෂකට ඒ බව දැන්විය යුතුයි. මෙම එක්රැස්වීම පවත්වන දිනය සටහන් කරගෙන මුළු වැඩසටහනින්ම ප්‍රයෝජන ගැනීමට අපි සෑම කෙනෙක්ම සැලසුම් කළ යුතුයි. අප සදහටම යෙහෝවාට යටත් වෙද්දී සදාකාලික ආශීර්වාද අද්දකින්න අපට පුළුවන්.