යෙහෝවාට ගෞරව කිරීමට අන් අයට උපකාර කරමු
1 ලොව පුරා වෙසෙන ජනයාට අතිවැදගත් පණිවිඩයක් ප්‍රකාශ කෙරෙමින් පවතිනවා. එම පණිවිඩය මෙයයි. “දෙවිට භය වී, ඔහුට ගෞරව දෙන්න. මක්නිසාද ඔහුගේ විනිශ්චයේ පැය පැමුණුණේය. අහසත් පොළොවත් මුහුදත් ජල උල්පතුත් මැවූ තැනැත්තාට නමස්කාර කරන්න.” (එළි. 14:6, 7) මෙම පණිවිඩය ප්‍රකාශ කිරීමේ කාර්යයේ හවුල් වෙන්න ලැබීම අපට ලැබී තිබෙන වරප්‍රසාදයක්. යෙහෝවාට භය වී ඔහුට නමස්කාර කිරීම සඳහා ජනයා ඔහු ගැන දැනගත යුත්තේ මොනවාද?
2 ඔහුගේ නාමය: අද මිනිසුන් නමස්කාර කරන බොරු දෙවිවරුන් බොහොමයකින් එකම සැබෑ දෙවිව නමින් වෙන් කර හඳුනාගැනීමට ජනයාට හැකි විය යුතුයි. (ද්වි. 4:35; 1 කොරි. 8:5, 6) බයිබල් ලේඛකයන් යෙහෝවාගේ අතිශ්‍රේෂ්ඨ නාමය 7,000 වාරයකට වැඩි ගණනක් සඳහන් කර තිබෙනවා. දෙවිගේ නම හඳුන්වා දිය යුත්තේ කුමන අවස්ථාවලදීද යන්න විචාර බුද්ධියෙන් යුතුව තීරණය කළ යුතු වුවත් අපි කවදාවත් එය යටගැසීමට තැත් නොකළ යුතුයි. එය භාවිත කිරීමට අදිමදි නොකළ යුතුයි. දෙවිගේ කැමැත්ත වන්නේ මුළු මනුෂ්‍යවර්ගයාම ඔහුගේ නාමය දැනගැනීමයි.—ගීතා. 83:17.
3 ඔහුගේ පෞද්ගලිකත්වය: යෙහෝවාව ගෞරවයට ලක් කිරීමට නම් ඔහු මොන වගේ දෙවි කෙනෙක්ද කියා ජනයා දැනගත යුතුයි. ඔහුගේ දයාව, ප්‍රේමණීය කරුණාව හා වෙනත් අපූර්ව ගුණාංග ඇතුළුව ඔහුගේ කැපීපෙනෙන ප්‍රේමය, විශිෂ්ට ප්‍රඥාව, සම්පූර්ණ යුක්තිය හා සර්ව පරාක්‍රම බලය ගැන ඔවුන්ට හොඳින් කියා දිය යුතුයි. (නික්. 34:6, 7) දෙවි කෙරෙහි හිතකර බියක් ඇති කරගන්නත් ගරු බියකින් ඔහුව සලකන්නත් ඔවුන්ට ඉගැන්විය යුතුයි. එමෙන්ම ඔවුන්ගේ ජීවිත රඳා පවතින්නේ යෙහෝවාගේ අනුමැතිය ඇතුව සිටීම මත බවත් ඔවුන්ට ඉගැන්විය යුතුයි.—ගීතා. 34:9.
4 දෙවිට ළං වෙමු: පැමිණීමට නියමිත දෙවිගේ විනිශ්චයෙන් බේරී ජීවත් වීමට නම් ජනයා ඇදහිල්ලෙන් යුතුව යෙහෝවාගේ නාමයට යාච්ඤා කළ යුතුයි. (රෝම 10:13, 14; 2 තෙස. 1:6, 7) දෙවිගේ නාමය හා ගුණාංග ගැන දැනගැනීමට වඩා වැඩි යමක් ඊට අයත් වෙනවා. තමන්ගේ මුළු හදින්ම යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති කරගනිමින් ඔහු සමඟ පෞද්ගලික සබඳතාවක් ගොඩනඟා ගැනීමට ජනයාට උපකාර කළ යුතුයි. (හිතෝ. 3:5, 6) තමන් ඉගෙනගන්න දේවල් ඔවුන් අදාළ කරගනිද්දී, උනන්දුවෙන් යාච්ඤා කරමින් දෙවි වෙතට හැරෙද්දී, යෙහෝවාගේ හස්තයේ උපකාරය අද්දකිද්දී ඔවුන්ගේ ඇදහිල්ල තව තවත් වර්ධනය වෙයි. එමෙන්ම යෙහෝවාට තවත් ළංවීමට එය උපකාරයකි.—ගීතා. 34:8.
5 අපි සියලුදෙනාම යෙහෝවාගේ නාමය ජ්වලිතව ප්‍රකාශ කරමු. යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසයක් තබමින් ඔහු කෙරෙහි ගරු බියක් ඇති කරගැනීමට ජනයාට උපකාර කරමු. යෙහෝවාව දැනගෙන, තමන්ගේ “ගැළවීමේ දෙවි” ලෙස ඔහුට ගෞරව කිරීමට තවත් බොහෝදෙනෙකුට උපකාර කිරීමට අපට තවමත් අවස්ථා තිබෙනවා.—ගීතා. 25:5.