“නිෂ්ඵල දේවල්” ලුහුබැඳීමෙන් වළකින්න
1 විද්‍යුත් තැපැල් ක්‍රමය (ඊ-මේල්) අද ජනප්‍රිය සන්නිවේදන මාධ්‍යයක් බවට පත් වී තිබෙනවා. පවුලේ සාමාජිකයන් සහ හිතමිතුරන් අතරේ පෞද්ගලික අද්දැකීම් හා අදහස් බෙදාගැනීමට මෙම මාධ්‍යය යොදාගැනීම යෝග්‍ය විය හැකි වුණත්, පාලනයකින් තොරව ඊ-මේල් භාවිත කිරීම හා සම්බන්ධ විය හැකි “නිෂ්ඵල දේවල්” මොනවාද?—හිතෝ. 12:11, NW.
2 ඊ-මේල් ගැන පරෙස්සම් වන්න: ඊ-මේල් හරහා අලුත් තොරතුරු තමන්ට ලැබෙන විට, යෙහෝවාගේ සංවිධානය ගැන උණු උණුවෙන් අදහස් දැනගත හැකියි කියා සමහරු පවසනවා. අද්දැකීම්, බෙතෙල්හි සිදු වන දේවල්, ස්වාභාවික විපත් හා හිංසා පීඩා පිළිබඳ වාර්තා සහ රාජ්‍ය සේවා පාසැල්වලදී නිවේදනය කළ රහසිගත තොරතුරු පවා එම අලුත් තොරතුරුවලට ඇතුළත් විය හැකියි. තවත් සමහරු මෙවැනි පණිවිඩ අනිත් අයට යවන්න හරිම කැමතියි. මෙසේ කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ තමන්ගේ මිතුරන්ට අලුත් තොරතුරක් හෙළි කරන පළමු තැනැත්තා වෙන්නයි.
3 සමහර අවස්ථාවලදී මෙම තොරතුරු හා අද්දැකීම් විකෘති කොට දක්වනවා. නැත්නම් නැති තොරතුරුත් ඇතුළත් කරනවා. සමහරවිට යම් අයව පුදුමයට පත් කිරීමේ අරමුණින් සමහරු බොරු හැඟීමක් ඇති කිරීමට වෑයම් කරනවා. පුළුවන් තරම් ඉක්මනින් තොරතුරු හෙළි කරන අය ළඟ බොහෝ අවස්ථාවලදී සියලුම තොරතුරු නැහැ. (හිතෝ. 29:20) සමහර අවස්ථාවලදී යම් කතාවක් විශ්වාස කරන්න බැරි වුණත්, සමහරුන් එය රසවත් ආරංචියක් ලෙස අනිත් අයටත් දන්වනවා. සැබෑ භක්තිවන්තකමේ වර්ධනයට අනුබල නොදෙන මෙවැනි අසත්‍ය කතා හා නොමඟ යවනසුලු වාර්තා “ප්‍රබන්ධ” කතාවලට සමානයි.—1 තිමෝ. 4:6, 7.
4 ඔබ යවන්නේ අසත්‍ය බව සනාථ විය හැකි තොරතුරු නම්, එම තොරතුරු නිසා ඇති විය හැකි වේදනාවන් හා අවුල් වියවුල් තත්වයන් සම්බන්ධයෙන් ඔබද වගකිව යුතුයි. දාවිත්ගේ සියලුම පුත්‍රයන්ව මරා දමා තිබුණා කියා වැඩියෙනුත් තොරතුරු දමා කියූ ආරංචිය ඔහුට දැනගන්න ලැබුණු අවස්ථාවේදී ඔහු මහත් ශෝකයෙන් ‘ඔහුගේ වස්ත්‍ර ඉරාගත්තා.’ ඇත්තෙන්ම මිය ගොස් තිබුණේ ඔහුගේ එක් පුත්‍රයෙකු පමණයි. තමාගේ දරුවෙකුගේ මරණය ගැන අසන්න ලැබීම මහත් වේදනාවක් ඇති කරවන දෙයක්. නමුත් තොරතුරු වැඩියෙන් දමා කියූ එම ආරංචිය මගින් දාවිත්ගේ වේදනාව තවත් වැඩි කළා. (2 සාමු. 13:30-33) අපගේ සහෝදරයන්ගෙන් කිසිවෙකුව නොමඟ යවන හෝ අධෛර්යයට පත් කරවන කිසිම දෙයක් කිරීමට අපට වුවමනාවක් නැති බව නිසැකයි.
5 දෙවි පත් කර තිබෙන මාධ්‍යය: අපේ ස්වර්ගික පියා තොරතුරු දැනුම් දීමේ මාධ්‍යයක් ලෙස පත් කර තිබෙන්නේ “විශ්වාස වූ නුවණ ඇති දාසයාව” බව මතක තබාගන්න. ඇදහිල්ලට අයත් ගෙවැසියන්ට සපයන්නේ කුමන ආකාරයේ තොරතුරුද කියාත් ඒවා බෙදාහැරිය යුතු “නියම වේලාව” කුමක්ද කියාත් තීරණය කිරීමේ වගකීම තිබෙන්නේ එම ‘දාසයාටයි.’ මෙම ආත්මික ආහාර ලබාගත හැක්කේ දිව්‍යාණ්ඩු සංවිධානය මගින් පමණයි. විශ්වාසවන්ත තොරතුරු ලබාගැනීමට අප සැමවිටම යා යුත්තේ දෙවි පත් කර තිබෙන මාධ්‍යය වෙත මිස අන්තර්ජාලය භාවිත කරන්නන් වෙත නොවේ.—මතෙ. 24:45.
6 අන්තර්ජාලයේ වෙබ් අඩවි: අපට නිල වශයෙන් සකස් කර ඇති වෙබ් අඩවියක් තිබෙනවා. එහි ලිපිනය මෙයයි, . මහජනයාට අවශ්‍ය තොරතුරු ලබා දීම සඳහා මෙම අඩවියේ තිබෙන තොරතුරු ප්‍රමාණවත්. කිසිම පුද්ගලයෙකු, කමිටුවක් හෝ සභාවක් විසින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන තොරතුරු ඇතුළත් වෙබ් පිටුවක් සකස් කිරීම අවශ්‍ය නැහැ. සමහරුන් අපේ ප්රකාශනවල තිබෙන තොරතුරු සියලුම ශුද්ධ ලියවිලි පාඨ හා යොමුසටහන් සමඟ වෙනත් අයට යවා තිබෙනවා. ඒ විතරක් නොවෙයි, ඒ තොරතුරු ඇතුළු සමුළුවලදී ඉදිරිපත් කරන දේවල්වල පිටපත් පවා පරිත්‍යාගයක් ලැබීමේ පදනම මත යවා තිබෙනවා. යම් ලාභයක් ලැබීම මෙයට සම්බන්ධ වුවත් නැතත්, සමිතියේ ප්‍රකාශන ඉලෙක්ට්‍රොනික ලියවිලි ලෙස නැවත සම්පාදනය කිරීම හා බෙදාහැරීම ප්‍රකාශන හිමිකම් (Copyright) නීතිය උල්ලංගනය කිරීමක් වෙනවා. මෙසේ සමිතියේ ප්රකාශනවල පිටපත් සෑදීම සහෝදරයන්ට කරන සේවයක් ලෙස සමහරුන් සලකන්නට ඉඩ තිබුණත්, එසේ කිරීමට කිසිම අනුමැතියක් දී නැහැ. එමෙන්ම මින් ඉදිරියට එසේ නොකළ යුතුයි.
7 ඉලෙක්ට්‍රොනික මාධ්‍යය ඔස්සේ අදහස් හුවමාරු කරගන්න විට අපි දේවල් හොඳින් විනිශ්චය කරමින් සිහි බුද්ධිය පාවිච්චි කරනවා නම් අපේ මනස් “අනර්ඝ වූ ප්‍රසන්න වූ [දේවලින්]” පිරෙනවාට සැකයක් නැහැ.—හිතෝ. 24:4.