රාජ්‍ය ශාලා ගොඩනැඟීමේ වැඩසටහන ඉදිරියට ඇදෙයි
1 වර්ෂ 1983දී එක්සත් ජනපදයේ පැවැත්වූ “රාජ්‍ය එක්සත්කම” නමැති දිස්ත්‍රික් සමුළුවලදී යම් නිවේදනයක් ඉදිරිපත් කරනු ලැබුවා. එය නම්, එක්සත් ජනපදය හා කැනඩාව පුරා රාජ්‍ය ශාලා ගොඩනැඟීමට හා අලුත්වැඩියා කිරීමට සහය වීම සඳහා විශේෂ අරමුදලක් පිහිටුවනු ලබන බවයි. එවැනි සුළු ආරම්භයකින් කුමක් ප්‍රතිඵල වේවිදැයි අප දැන සිටියේ ඉතා අල්ප වශයෙනි. කල් යත්ම, ගීතාවලිය 92:4හි ඉතා යෝග්‍ය ලෙස සඳහන් කර තිබෙන දෙය අපි වඩාත් පූර්ණ ආකාරයකින් අද්දකින්නට පටන්ගත්තා. එහි පවසන්නේ මෙසේයි. “මක්නිසාද යෙහෝවා ඔබගේ ක්‍රියාවෙන් ඔබ මා සන්තෝෂ කළේය. ඔබගේ හස්ත කර්ම ගැන ප්‍රීති ප්‍රකාශ කරන්නෙමි.”
2 දැන් ඉටු කෙරෙමින් තිබෙන දේ ගැන අපි මහත් සේ ප්‍රීති වෙමු. වර්තමානයේ රාජ්‍ය ශාලා ගොඩනැඟීමේ වැඩසටහනක් ලෝක ව්‍යාප්තව කඩිනමින් සිදු වෙනවා. අපි සියලුදෙනාටම කොයියම් ආකාරයකින් හෝ මීට සම්මාදම් වෙන්න පුළුවන්. ලොව පුරා තව තවත් නමස්කාර ස්ථාන ඉදි කිරීම පිණිස සුළු වශයෙන් හෝ මහා පරිමාණයෙන් හෝ මූල්‍යමය අතින් සම්මාදම් කරන්න අපට පුළුවනි. බොහෝ සහෝදරයන් මෙවන් ව්‍යාපෘතීන් වෙනුවෙන් තමන්ගේ කාලය, හැකියාවන්, දක්ෂතා හා උපකරණද ස්වේච්ඡාවෙන් යොදවති. මෙහි සම්පූර්ණ සාර්ථකත්වය රඳා පවතින්නේ අප දරන එක්සත් ප්රයත්නයට යෙහෝවාගේ මඟ පෙන්වීම, උපකාරය හා මහඟු ආශීර්වාද ලැබීම මත බව අපි අමතක නොකරමු.—ගීතාවලිය 127:1.
3 එක්සත් ජනපදයේ සභාවන් විසින් ආරම්භයේදී ස්ථාපිත කරන ලද සැලැස්මම බොහෝ ශාඛාවල් අනුගමනය කර තිබෙනවා. රාජ්‍ය ශාලා අරමුදල වෙනුවෙන් ප්‍රචාරකයන්ට තම සම්මාදම් දැමීම සඳහා බොහෝ රටවල රාජ්‍ය ශාලාවන්හි පෙට්ටියක් තබා තිබෙනවා. වර්ෂ 1997 මාර්තු මාසයේදී එක්සත් ජනපදයේ අපගේ රාජ්‍ය සේවාවේ මෙම වැඩසටහන පිළිබඳ යම් සකස් කිරීමක් ගැන නිවේදනය කළා. එහි සඳහන් වුණේ මෙසේයි. “වර්ෂ 1983දී සමිතියේ රාජ්‍ය ශාලා අරමුදල පිහිටෙවූ දා පටන් සහෝදරයන් ඉතා ත්‍යාගශීලී ලෙස ඊට සම්මාදම් කර තිබෙනවා. මෙසේ, රාජ්‍ය ශාලා ගොඩනැඟීම සඳහා ණය ලබාගැනීමට ඉඩ සැලසී තිබෙනවා. එම රටේ සභාවන් 2,700ක් දැනටමත් මෙම විධිවිධානයෙන් ප්‍රයෝජන ගෙන තිබීම සැලකිය යුතු කරුණක්. මෙම විධිවිධානය නොතිබුණා නම්, බොහෝ සභාවන්ට නව රාජ්‍ය ශාලා ගොඩනඟන්නට හෝ තිබෙන ශාලා අලුත්වැඩියා කරන්නට හැකි වන්නේ නැහැ. මේ අනුව, මෙම සම්මාදම් කරන ලද අරමුදල් ආර්ථික දුෂ්කරතා ඇති රටවල සභාවන්ට ණය වශයෙන් ලබා දීමට දැන් තිබෙන්නේ හදිසි අවශ්‍යතාවක්. ඔබ මෙම විධිවිධානය සඳහා නොකඩවා පිරිනමන සහයෝගය සමිතිය විසින්ද ඔබගේ සම්මාදම්වලින් ප්‍රයෝජන ගන්නාවූ සභාවන් විසින්ද මහත් සේ අගය කරනු ලබනවා.”
4 එම නිවේදනය තුළින් රාජ්‍ය ශාලා ගොඩනැඟීම හා සම්බන්ධ මෙම කඩිනම් වැඩසටහනට දායක වීමට ආරාධනා කෙරුණා. එම රටේ රාජ්‍ය ශාලාවල් ගොඩනැඟීම සඳහා අවශ්‍ය ණය මුදල් සපයන අතරේදී, වෙනත් රටවල වෙසෙන අපගේ සහෝදරයන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන්ද මෙම රාජ්‍ය ශාලා අරමුදල යොදවනු ලබනවා. ඉන්පසුව 1997 අගෝස්තු මස පළ වූ අපගේ රාජ්‍ය සේවාවේ ලිපියක මෙසේ පළ වුණා. “ලෝකය වටාම රාජ්‍ය ශාලාවල අවශ්‍යතාව දිගින් දිගටම පවතිනවා. පසුගිය සේවා වසර තුළ පමණක්, අලුතින් සභා 3,288ක් පිහිටුවනු ලැබුවා. මෙම සභාවන් බොහොමයක් පිහිටා තිබෙන්නේ අප්‍රිකාවේ, ආසියාවේ, මධ්‍යම හා දකුණු අමෙරිකාවේ සහ නැඟෙනහිර යුරෝපයේයි.”
5 එවක් පටන් ලැබී තිබෙන ප්‍රතිඵල කවරේද? වර්ෂ 2001 වාර්ෂික පොත (සිංහලෙන් නැත) මෙසේ වාර්තා කළා. “මෙම විධිවිධානය යටතේ රටවල් 30ක මේ වන විට රාජ්‍ය ශාලා 453ක් ඉදි කර තිබෙන අතර, තවත් ගොඩනැඟිලි 727ක් ඉදි කෙරෙමින් පවතිනවා. තම රටේම තිබෙන ගොඩනැඟිලි අමුද්‍රව්‍ය හා ක්‍රම උපයෝගි කරගෙන එක් එක් රටට අදාළ යම් ප්‍රමිතියකට අනුව රාජ්‍ය ශාලාවල් සෑදීම කෙරෙහියි වැඩි අවධානය යොමු වී තිබෙන්නේ. කෙන්යාවේ ගල් වළවල්වලින් කපාගත් කලු ගල් භාවිත වෙනවා. ටෝගෝ රටේ වැඩි වශයෙන් භාවිත වෙන්නේ ගඩොල්. කැමරූන්හි කපරාරු කරන ලද කොන්ක්‍රීට් ගල් භාවිත වෙනවා. මේ අන්දමින් එම රටවල සහෝදරයන්ට ජාතික වැඩසටහනක් තුළ මූලිකත්වය ගනිමින් අවශ්‍ය දක්ෂතා දියුණු කරගැනීමට ඉතා ඉක්මනින් හැකි වී තිබෙනවා.”
6 එමෙන්ම අප්‍රිකා මහාද්වීපය තුළද ක්‍රියාත්මක වෙමින් පවතින මෙම වැඩසටහනට යෙහෝවාගේ ආශීර්වාද ලැබෙමින් තිබෙන බව පැහැදිලියි. දැනටමත් ඉදි කර තිබෙන රාජ්‍ය ශාලා සමහරක් දෙස බලද්දී, එවන් ඉදි කිරීම්වලින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩ කටයුතු කෙරෙහි ඒ මගින් ඇති වී තිබෙන බලපෑම ගැන සිතා බලන්න. මෙය විශේෂ පැති තුනකින් සැබෑ වේ. ලෝක ව්‍යාප්ත සහෝදරත්වයේ එක්සත්කම, ප්‍රදේශයේ ජනයා කෙරෙහි ඇති කරන බලපෑම සහ සභා රැස්වීම්වලට පැමිණෙන සංඛ්‍යාවේ වැඩිවීම. මෙම අතිරේකයේ හුවා දක්වා තිබෙන්නේ අප්‍රිකාවේ ඉදි කර ඇති රාජ්‍ය ශාලා ගැන වුවත්, ලොවේ වෙනත් තැන්වලත් රාජ්‍ය ශාලා ඉදි කිරීමේ වැඩසටහන ඉදිරියට ඇදී යන ආකාරය ඉදිරියට පළ වෙන අපගේ රාජ්‍ය සේවාවන්හි කැපී පෙනෙන්නට සලස්වනවා ඇති.
[Pictures on page 3]
බිම්බෝ, බාන්ගි
මධ්‍යම අප්‍රිකානු ජනරජය
බගුවා, බාන්ගි
[Pictures on page 4]
උකොන්ගා, ටැන්සානියා
[Pictures on page 4]
ඇක්රා, ඝානා
[Picture on page 4]
සලාලා, ලයිබීරියා
[Picture on page 5]
කරෝයි, සිම්බාබ්වේ
[Pictures on page 4, 5]
ආලාඩා, බෙනින්—කලින් රාජ්‍ය ශාලාව
ආලාඩා, බෙනින්—නව රාජ්‍ය ශාලාව
[Picture on page 5]
පෙමි, ටෝගෝ
[Picture on page 5]
සොකොඩේ, ටෝගෝ
[Pictures on page 4, 5]
ෆිජ්රොස්, බෙනින්
[Picture on page 6]
ලියෙන්ගා, සැම්බියාව—කලින් රාජ්‍ය ශාලාව
[Picture on page 6]
ලියෙන්ගා, සැම්බියාව—නව රාජ්‍ය ශාලාව
[Picture on page 6]
කින්ෂාසා, කොංගෝ
[Picture on page 6]
මුසාම්බිරා, රුවන්ඩා