රාජ්‍ය පණිවිඩය ප්‍රකාශ කරන්න
1 “මා වෙනත් නුවරවලදීත් දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කළ යුතුය. මන්ද, මාව එවන ලද්දේ ඒ සඳහාය.” (ලූක් 4:43, NW) මෙම වදන්වලින් යේසුස් පෙන්වා දුන්නේ ඔහුගේ දේවසේවයේ තේමාව වූ දේවරාජ්‍යයයි. අද දිනත් අප ප්‍රකාශ කරනු ලබන පණිවිඩයේ මූලික හරය වන්නේද එම රාජ්‍යයයි. මේ ගැන මතෙව් 24:14හි [NW] මෙසේ පුරෝකථනය කර ඇත. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.” ජනයා සවන් දිය යුත්තේ දේවරාජ්‍යය හා සම්බන්ධ කුමන සත්යයන්වලටද?
2 දේවරාජ්‍යය දැන් ස්වර්ගයේ සිට පාලනය කරන අතර එය ළඟදීම සියලුම මිනිස් පාලන ක්‍රමද තුරන් කර දමයි. දැනටමත් යක්ෂයාව ස්වර්ගයෙන් පලවාහැර තිබෙන අතර වත්මන් දුෂ්ට සමාජ ක්රමයේ අවසාන දවස්ද පැමිණ තිබේ. (එළි. 12:10, 12) සාතන්ගේ දුෂ්ට ක්‍රමය සම්පූර්ණයෙන්ම විනාශ කර දමනු ලැබුවත් දේවරාජ්‍යය නොසැලී පවතිනු ඇත. එය සදාකාලයටම පවතී.—දානි. 2:44, 45; හෙබ්‍රෙ. 12:28.
3 දේවරාජ්‍යය මගින් සියලුම කීකරු මිනිසුන්ගේ යහපත් ආශාවන් තෘප්තිමත් කරනු ලබනවා ඇත. එමෙන්ම එය යුද්ධ, අපරාධ, කෲරකම් හා දිලිඳුකම නිසා ඇති වී තිබෙන දුක් වේදනා ඉවත් කර දමනවා ඇත. (ගීතා. 46:8, 9; 72:12-14) සැමටම ආහාර බහුලව තිබෙනු ඇත. (ගීතා. 72:16; යෙසා. 25:6) අසනීප හා ආබාධ අතීතයට සීමා වූ දේවල් බවට පත් වෙයි. (යෙසා. 33:24; 35:5, 6) මනුෂ්‍යවර්ගයා පරිපූර්ණත්වය කරා ළඟා වෙද්දී මුළු පොළොවම පාරාදීසයක් බවට පත් වනු ඇති අතර, ජනයා සාමයෙන් හා සමඟියෙන් ජීවත් වනවා දැකගත හැකි වනු ඇත.—යෙසා. 11:6-9.
4 දේවරාජ්‍යයේ යටත් වැසියන් වීම අපේ අභිලාෂය බව අප දැන් ජීවත් වන ආකාරයෙන් පෙන්වන්නෙමු. ජීවිතයේ ඉලක්ක හා ප්‍රමුඛතා ඇතුළුව අපේ මුළු ජීවන රටාවටම දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය බලපෑ යුතුයි. නිදසුනක් වශයෙන් අපේ නිවසේ සිටින අයගේ ද්‍රව්‍යමය අවශ්‍යතා සැපයීමේ වගකීම අපට තිබුණත් රාජ්‍ය කටයුතුවල අපට හවුල් විය නොහැකි වන තරමට ද්‍රව්‍යමය දේවල් කෙරෙහි උනන්දු වීමට අපට නොහැකියි. (මතෙ. 13:22; 1 තිමෝ. 5:8) අප මෙම උපදේශයට අවනත විය යුතුයි. “පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න. එවිට මේ අන් සියලු දේත් [ද්‍රව්‍යමය අවශ්‍යතාත්] ඔබට දෙනු ලැබේ.”—මතෙ. 6:33, NW.
5 ඉතිරිව තිබෙන මේ කාලයේදී රාජ්‍ය පණිවිඩයට සවන් දී ඒ අනුව ක්‍රියා කිරීමට ජනයා ඉක්මනින් පියවර ගත යුතුයි. ‘දෙවිගේ රාජ්‍යය පිළිබඳ ඒත්තුගන්වනසුලු තර්ක යොදාගනිමින්’ ජනයාට පියවර ගැනීමට අපි උපකාර කරමු.—ක්‍රියා 19:8, NW.