සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ අප්‍රි. 1
“අන්තිම සන්ධ්‍යා භෝජනය කියා අතීතයේ පටන් හඳුන්වන භෝජනය තමයි මේ විදිහට චිත්‍රයට නඟලා තියෙන්නේ. [සඟරාවේ මුල් පිටුව හා අන්තිම පිටුව පෙන්වන්න.] සිහි කරන්න කියා ක්‍රිස්තියානීන්ට අණ කරලා තියෙන එකම සිද්ධිය එය කියලා ඔබ දැන සිටියාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඉන් අනතුරුව ලූක් 22:19 කියවන්න.] මේ සැමරීම ඉතාමත් වැදගත් දෙයක් වීමට හේතුව ගැනත් එය ඔබට බලපාන ආකාරය ගැනත් මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! අප්‍රි. 8
“මත්ද්‍රව්‍ය නිසා තරුණ අය හුඟදෙනෙකුගේ ජීවිත විනාශ වෙලා තියෙනවා. මේක කනගාටුදායක තත්වයක් නෙමේද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] හුඟාක් අවස්ථාවලදී ගැටලු පටන්ගන්නේ තරුණයන් නරක බලපෑමක් ඇති කරන්න පුළුවන් අය සමඟ ආශ්‍රය කරද්දියි. [1 කොරින්ති 15:33 කියවන්න.] මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න තරුණයන්ට බලපෑම් කරන්නේ මොනවාද, දරුවන්ව ආරක්ෂා කරගන්න දෙමාපියන්ට කරන්න පුළුවන් මොනවාද කියලා පිබිදෙව්! සඟරාවේ මේ කලාපයේ සාකච්ඡා කරනවා.”
මුරටැඹ අප්‍රි. 15
“පසුගිය අවුරුදුවල අධ්‍යාත්මික සාරධර්මවල පිරිහීමක් බොහෝදෙනෙකුගේ අවධානයට ලක් වී තිබෙනවා. මෙයඔබෙත් අවධානයට ලක් වී තිබෙනවාද ? [ප්‍රතිචාරයට ඉඩහරින්න. අනතුරුව ගීතාවලිය 119:105 කියවන්න.] ජීවිතයේ හුඟාක් අනතුරු වළක්වාගන්න අධ්‍යාත්මික සාරධර්ම මිනිසුන්ට උපකාර කරනවා. සැබෑ අධ්‍යාත්මික සාරධර්ම සොයාගත හැක්කේ කොතැනින්ද කියා මේ මුරටැඹ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! අප්‍රි. 8
“ප්‍රමාණවත් නින්දක් තමන්ට ලැබෙන්නේ නැහැ කියලා මේ කාලයේ හුඟදෙනෙක් කියනවා ඔබ අසා තිබෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] සිත්තැවුල් හා කාංසාව මේ තත්වයට හේතු වෙනවා. [දේශනාකාරයා 5:12 කියවන්න.] හරිහැටි නින්ද නොයෑමට බලපාන හේතුවලින් සමහරක් ගැන මේ සඟරාවේ විමසුමට ලක් කරනවා. ඒ වගේම අපේ නිදාගැනීමේ පුරුදු තවත් හොඳ අතට හරවාගැනීමට උපකාරවත් වෙන ප්‍රායෝගික යෝජනාද මේ සඟරාවේ ලබා දීලා තියෙනවා.”