සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ අගෝ. 1
“එක වාර්තාවකට අනුව ලෝක ජනගහනයෙන් භාගයකට වඩා වැඩි පිරිසක් ජීවත් වෙන්නේ දවසකට ඩොලර් 2කටත් වඩා අඩු ආදායමකින් කියලා ඔබ දැන සිටියාද? දුප්පත්කමෙන් ජයගන්න පුළුවන් විදිහක් තියෙනවා කියා ඔබ සිතනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න.] දුප්පත්කමට ස්ථිර විසඳුමක් ගැන බයිබලයේ සඳහන් දෙය ගැන මේ මුරටැඹ සඟරාවේ තොරතුරු ඇතුළත් වෙනවා.”—ගීතාවලිය 72:12, 13, 16 කියවන්න.
පිබිදෙව්! අගෝ. 8
“පහුගිය කාලයේ කාලගුණයේ වෙනස්කම් නිසා ලෝකය පුරාම විශාල විනාශයන් සිදු වුණා. ඔබ හිතන විදිහට, මේ වගේ විනාශවලට බලපාන හේතු නැති කර දැමීමට කරන්න පුළුවන් මොනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න.] කාලගුණික වෙනස්කම් නිසා ඇති වන ගැටලු ගැනත් ඒවාට ලැබෙන්න නියමිත බයිබලයේ සඳහන් ස්ථිර විසඳුම ගැනත් මේ සඟරාව පැහැදිලි කරනවා.”—යෙසායා 35:1 කියවන්න.
මුරටැඹ අගෝ. 15
“හොඳ නමක් ඇතුව සිටීම කෙනෙකුට ලබාගන්න පුළුවන් වටිනා දෙයක් හැටියටයි හුඟදෙනෙක් සලකන්නේ. තමන් මිය ගියාට පස්සේ අනිත් අය තමන්ව කෙසේ සිහිපත් කරයිද කියා සමහරු සිතනවා. ඔබ මේ ගැන හිතලා තියෙනවාද? [ප්රතිචාරයට ඉඩහැර, දේශනාකාරයා 7:1 කියවන්න.] මිනිසුන් අතර වගේම දෙවි සමඟත් හොඳ නමක් ඇති කරගන්න අපට පුළුවන් කොහොමද කියලා මේ මුරටැඹ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! අගෝ. 8
“කාමුක කෘති අද හැම තැනකම පැතිරිලා තියෙන එක ගැන හුඟදෙනෙක් දැඩි කනස්සල්ලකින් ඉන්නවා. මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කියලා ඔබ හිතනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ සඳහන් මේ ප්රායෝගික උපදේශයට පුළුවන් අපට ආරක්ෂාවක් සපයන්න. [එපීස 5:3, 4 කියවන්න.] ටිකෙන් ටික වර්ධනය වෙලා, අන්තිමේදී විශාල අනතුරක් කරන මේ දෙයින් අපට ආරක්ෂා වෙන්න පුළුවන් ආකාරය ගැන මේ සඟරාවේ පැහැදිලි කරනවා.”