දිස්ත්‍රික් සමුළුව දෙවිව මහිමවත් කිරීමට අපව පොලඹවයි!
“දෙවිව මහිමවත් කරන්න” නම් වූ දිස්ත්‍රික් සමුළුව මගින් ඉතා මහත් සාක්ෂියක් දීමට හැකි වී තිබේ. මෙම දිව්‍යාණ්ඩුමය සමුළුව යෙහෝවාගේ නාමය මහිමවත් වීමට හේතු වී ඇති අතර, “යෙහෝවාගේ නාමයට දිය යුතු මහිමය” දීමට ඇති අපේ හැකියාවද එමගින් වැඩි දියුණු කර ඇත. (ගීතා. 96:8) සැබවින්ම, ඔහුගේ පුදුමාකාර මැවීමේ ක්‍රියාවන් සඳහා ඔහු මහිමය ලැබීමට වටින අතර, එම ක්‍රියාවලින් ඔහුගේ පුදුමාකාර ගුණාංග පිළිබිඹු වෙයි.—යෝබ් 37:14; එළි. 4:11.
සමුළුව තුළදී ඔබ පෞද්ගලිකව ගත් සටහන් ප්‍රයෝජනයට ගනිමින් පහත සඳහන් ප්‍රශ්න යොදාගනිමින්, ඔක්තෝබර් 20වන දායින් පටන්ගන්නාවූ සතිය තුළ පැවැත්වීමට නියමිත දිස්ත්‍රික් සමුළුව පිළිබඳ පුනරීක්ෂණයට සූදානම් වී එයට සහභාගි වන්න.
1. අප්‍රාණික මැවිල්ල යෙහෝවාගේ මහිමය ප්‍රකාශ කරන්නේ කෙසේද? මිනිසුන් ඔහුව ප්‍රශංසාවට ලක් කරන ආකාරයට වඩා එය වෙනස් වන්නේ කෙසේද? (ගීතා. 19:1-3; “මැවිල්ල දෙවිගේ මහිමය ප්‍රකාශ කරයි” )
2. අන් ස්වරූපයකට පත්වීමෙන් පූර්වාදර්ශනය කළේ වර්තමානයේ සැබෑවටම සිදු වන කුමන දේවල්ද? මේ සැබෑ සිදුවීම් දැකීමෙන් නූතන ක්‍රිස්තියානීන් පෙලඹෙන්නේ කුමක් කිරීමටද? (“මහිමාන්විත අනාවැකිමය දර්ශන අපව පොලඹවයි!” නමැති මූලික ඇමතුමෙන්)
3. දානියෙල් විසින් විදහාපානු ලැබූ ආකාරයේ යටහත් පහත්කමක් විදහාපෑමට අපට හැක්කේ කෙසේද? එසේ කිරීමෙන් අප ප්‍රයෝජන ලබනු ඇත්තේ කෙලෙසද? (දානි. 9:2, 5; 10:11, 12; “යෙහෝවාගේ මහිමය හෙළි කරනු ලබන්නේ යටහත් පහත් අයටය”)
4. (අ) ආමොස්ගේ අනාවැකියෙන් අපට ඉගෙනගත හැක්කේ දිව්‍ය විනිශ්චය පිළිබඳ කිනම් කාරණා තුනද? (ආමොස් 1:3, 11, 13; 9:2-4, 8, 14) (ආ) ආමොස් 2:12හි සඳහන් අවවාදයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට අද දින ඉගෙනගත හැකි ප්‍රායෝගික පාඩම කුමක්ද? (“ආමොස්ගේ අනාවැකිය—අපගේ කාලය සඳහා එහි ඇති පණිවුඩය”)
5. (අ) යම් පුද්ගලයෙක් බේබද්දෙකුගේ තත්වයට පත් වුණේ නැතත්, පමණ ඉක්මවා මත්පැන් පාවිච්චි කිරීමේ ඇති අන්තරායන් මොනවාද? (ආ) පමණ ඉක්මවා මත්පැන් පාවිච්චි කිරීමේ පුරුද්දෙන් මිදිය හැක්කේ කෙසේද? (මාක් 9:43; එපී. 5:18; “මත්පැන් අනිසි ලෙස භාවිත කිරීමේ උගුලෙන් බේරෙන්න”)
6. “සරුසාර දේශය දැකගනිමු” නම් නව ප්රකාශනයෙන් ඔබ ප්‍රයෝජන ලබමින් සිටින්නේ කෙසේද? (“ ‘සරුසාර දේශය’—පාරාදීසයේ පෙර දැක්මක්”)
7. ‘කැඩපතක් මෙන් යෙහෝවාගේ තේජස පිළිබිඹු කිරීමට’ අපට හැක්කේ කිනම් ආකාර තුනෙන්ද? (2 කොරි. 3:18; “කැඩපතක් මෙන් යෙහෝවාගේ තේජස පිළිබිඹු කරන්න”)
8. අයුක්තිසහගත වෛරය ඇති වන්නේ කුමකින්ද? එවන් වෛරයකට පාත්‍ර වුණද, අපගේ අඛණ්ඩතාව පවත්වාගැනීමට අපට උපකාරවත් විය හැක්කේ කුමක්ද? (ගීතා. 109:1-3; “නිකරුණේ වෛර කරනු ලැබ”)
9. ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව ක්‍රිස්තුස්ට තිබූ දෘෂ්ටිය කුමක්ද? මෙම දෘෂ්ටිකෝණය වඩාත් පූර්ණ ආකාරයකින් පුළුල් කළ හැක්කේ කුමන පැත්තෙන්දැයි නිර්ණය කිරීමට යමෙකුට හැක්කේ කෙසේද? (මතෙ. 20:20-26; “ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ ක්‍රිස්තුස්ට තිබූ දෘෂ්ටිය වගා කිරීම”)
10. ශාරීරික වශයෙන් දුර්වලකම් තිබුණද, ආත්මිකව ශක්තිමත්ව සිටීමට අපට උපකාරවත් විය හැක්කේ කුමක්ද? (“වෙහෙසුණද, හෙම්බත් නොවී”)
11. සාතන් බොරු පතුරුවාලීමට යොදාගන්නාවූ සමහරක් ක්‍රම මොනවාද? ශුද්ධ ලියවිල්ලට අනුව අපගේ ඇදහිල්ල පෙරළීමට දරනු ලබන්නාවූ ප්‍රයත්නවලට මුහුණ දීමේදී අප ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙලෙසද? (යොහ. 10:5; “‘නාඳුනන අයගේ හඬින්’ පරෙස්සම් වන්න”)
12. (අ) මාර්ක් 10:14, 16හි වාර්තා වී ඇති යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීමට දෙමාපියන්ට හැක්කේ කෙසේද? (ආ) උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන නව පොත තුළ අඩංගු කිනම් දේවලටද ඔබ කැමති වන්නේ? (“අපගේ දරුවෝ—අගනා උරුමයකි”)
13. යෞවනයන් යෙහෝවාට ප්‍රශංසා කරමින් සිටින්නේ කෙසේද? (1 තිමෝ. 4:12; “යෞවනයන් යෙහෝවාට ප්‍රශංසා කරන අන්දම”)
14. ඔබගේ මතකයේ රැඳී තිබෙන්නේ “විරුද්ධවාදිකම් මැද නිර්භීතව සාක්ෂි දැරීම” යන නාට්‍යයේ කිනම් ජවනිකාද?
15. පහත සඳහන් පුද්ගලයන් විසින් තබන ලද ආදර්ශ අපට කෙසේ අනුකරණය කළ හැකිද? (අ) පේතෘස් සහ යොහන් (ක්‍රියා 4:10); (ආ) ස්තේපන් (ක්‍රියා 7:2, 52, 53); (ඇ) පළමු සියවසේ ක්‍රිස්තියානි සභාව; (ක්‍රියා 9:31; නාට්‍යය සහ “‘අත් නෑර’ ශුභාරංචිය ප්‍රකාශ කරන්න” යන කතාව)
16. (අ) අප දෙවිව මහිමවත් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින්නේ කිනම් ආකාරවලින්ද? (ආ) “දෙවිව මහිමවත් කරන්න” යන මැයෙන් යුත් සමුළුවේදී අප ඉගෙනගත් දේ අප අදාළ කරගනිත්ම අපට කිනම් දේ ගැන සහතික විය හැකිද? (යොහ. 15:9, 10, 16; “යෙහෝවාව මහිමවත් කිරීමට ‘බොහෝ පල දරන්න’”)
සමුළුවේදී ඉදිරිපත් කරන ලද කදිම ආත්මික උපදෙස් ගැන මෙනෙහි කිරීම මගින්, අප ඉගෙනගත් දේවල් ක්‍රියාත්මක කිරීමට අප පෙලඹෙනවා ඇත. (පිලි. 4:8, 9) “දෙවිගේ මහිමය සඳහා සියල්ල කරන්න” යන අපේ අධිෂ්ඨානය මින් තවත් ශක්තිමත් වනු ඇත.—1 කොරි. 10:31, NW.