“ප්‍රීතියෙන් යෙහෝවාට සේවය කරන්න”
1. යෙහෝවාගේ සේවකයන්ට කුමක් මගින් මහත් ප්‍රීතියක් ලබාගත හැකිද?
1 “ස්වාමීන් තුළ නිතරම ප්‍රීති වන්න” යයි ප්‍රේරිත පාවුල් ලීවේය. “ප්‍රීති වන්න කියා නැවතත් කියමි.” (ෆිලි. 4:4, NW) ශුභාරංචිය බෙදාගැනීමේ වරප්‍රසාදයෙන් සහ යෙහෝවාට නමස්කාර කිරීමට බැටළු ගුණැති ජනයාට උපකාර කිරීමෙන් මහත් ප්‍රීතියක් ලැබේ. (ලූක් 10:17; ක්‍රියා 15:3; 1 තෙස. 2:19) කෙසේවෙතත්, ඇතැම් අවස්ථාවලදී අපගේ සේවය තුළින් ප්‍රීතියක් නොලැබේ නම් කුමක් කිව හැකිද? අපට මේ ගැන කුමක් කළ හැකිද?
2. අපගේ බලපැවරුම ලැබුණේ කාගෙන්ද යන්න සිතේ තබාගෙන සිටීම අපගේ ප්‍රීතියට දායක වන්නේ කෙසේද?
2 දෙවි විසින් නියම කරන ලද කාර්යයක්: දේශනා කිරීමට අපට දී ඇති බලපැවරුම පැමිණෙන්නේ යෙහෝවාගෙන් බව මතක තබාගන්න. එසේය, රාජ්‍ය පණිවුඩය ප්‍රකාශ කිරීමේදීද ගෝලයන් සෑදීමේදීද අප “දෙවිගේ හවුල් වැඩකරුවෝ” වීම මොන තරම් වරප්‍රසාදයක්ද! (1 කොරි. 3:9, NW) නැවත කිසි විටෙකත් නොකෙරෙන මෙම කාර්යයේදී ක්‍රිස්තුස් යේසුස් අප සමඟ සිටී. (මතෙ. 28:18-20) දැන් කෙරෙමින් පවතින මහත් ආත්මික අස්වැන්න නෙළීමේ කාර්යයට දේවදූතයෝද ක්‍රියාශීලීව සහභාගි වෙති. (ක්‍රියා 8:26; එළි. 14:6) ශුද්ධ ලියවිලිවලින් සහ දෙවිගේ ජනයාගේ අද්දැකීම්වලින් නොවරදිනසුලු ලෙස දෙන සාක්ෂිය නම්, යෙහෝවා අපගේ කාර්යයට මහත් අනුබලයක් දෙමින් සිටින බවයි. එම නිසා, අපි දේශනා කරන විට, “දෙවි විසින් යවන ලද අය මෙන්, දෙවි ඉදිරියෙහි ක්‍රිස්තුස් සමඟ එකඟත්වයෙන්” යන්නෙමු. (2 කොරි. 2:17, NW) එය ප්‍රීතිවීම සඳහා තිබෙන මොන තරම් ප්‍රබල හේතුවක්ද!
3. දේවසේවය තුළ අපගේ ප්‍රීතිය පවත්වාගැනීමට යාච්ඤාවෙන් ඉටු වන්නේ කවර දෙයක්ද?
3 දෙවිගේ සේවය තුළ අපගේ ප්‍රීතිය පවත්වාගැනීම සඳහා අත්‍යවශ්‍ය තවත් දෙයක් නම්, යාච්ඤාවයි. (ගලා. 5:22) අපට දෙවිගේ වැඩ කළ හැක්කේ ඔහුගේම ශක්තියෙන් පමණක්ම බැවින්, අපි ඔහුගේ ආත්මය ඉල්ලා ආයාචනා කරමු. එවිට ඔහු අපට එය නොමසුරුව දානය කරනවා ඇත. (ලූක් 11:13; 2 කොරි. 4:1, 7; එපී. 6:18-20) අප යාච්ඤා කරනවා නම්, අප අශුභවාදී ප්‍රතිචාරවලට මුහුණ දෙන විට හරි ආකල්පයක් තබාගැනීමට අපට හැකි වේ. එමෙන්ම නිර්භීතවද ප්‍රීතියෙන්ද දිගටම දේශනා කිරීමට එමගින් අපට හැකි වේ.—ක්‍රියා 4:29-31; 5:40-42; 13:50-52.
4. හොඳින් සූදානම් වීම, අපේ දේශනා සේවය තුළ ප්‍රීතිය වැඩි කරගැනීමට උපකාරවත් වන්නේ කෙසේද? අපට හොඳින් සූදානම් විය හැකි ඇතැම් ප්‍රායෝගික ක්‍රම මොනවාද?
4 හොඳින් සූදානම් වෙන්න: අප දේවසේවයේ හවුල් වන විට අපගේ ප්‍රීතිය වැඩි කරගත හැකි ප්‍රායෝගික ක්‍රමයක් නම්, අප හොඳින් සූදානම් වීමයි. (1 පේතෘ. 3:15) එලෙස සූදානම් වීමට එතරම් කාලයක් අවශ්‍ය වන්නේ නැත. වත්මන් සඟරා බෙදාහැරීම සඳහා හෝ ඔබ සැලසුම් කර ඇති සුදුසු පොත් පත් බෙදා දීම සඳහා සූදානම් වීමේදී යෝජනා කර ඇති ඉදිරිපත් කිරීම් නැවත පුනරීක්ෂණය කර බැලීමට ගත වන්නේ විනාඩි ස්වල්පයක් පමණි. අපගේ රාජ්‍ය සේවාවේ පැරණි කලාප කිහිපයක් පරීක්ෂා කර බැලීමෙන් සුදුසු හැඳින්වීමක් සොයාගැනීමට ඔබට හැකියි. ඇතැම් ප්‍රචාරකයන් සොයාගෙන ඇති ක්‍රමයක් නම්, කුඩා සටහන් පොතක තමන් කියන්නට යන දෙය ලියාගැනීමයි. තම මතකය අලුත් කරගැනීම සඳහා ඔවුහු එය ඉඳ හිට කියවා බලති. තමා තුළ ඇති භය හෝ චකිතය පහ කරගැනීමට මෙය ඉවහල් වන අතර, නිර්භීතකමින් දේශනා කිරීම සඳහා යම් නිසැකකමක්ද මෙමගින් ලැබේ.
5. ප්‍රීතිය තිබීම අපටත් අන්‍යයන්ටත් ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?
5 ප්‍රීතියෙන් සිටීමෙන් බොහෝ ප්‍රයෝජන තිබේ. ප්‍රීතිමත් ස්වභාවයකින් කතා බහ කරන විටද අපගේ පණිවුඩය වඩාත් ආකර්ෂණීය වේ. තවද ප්‍රීතියෙන් සිටීමෙන් විඳදරාගැනීමටද අපට ශක්තිය ලැබේ. (නෙහෙ. 8:10; හෙබ්‍රෙ. 12:2) මේ සියල්ලටම වඩා, අප ප්‍රීතියෙන් කරන සේවයෙන් මහිමවත් වන්නේ යෙහෝවාවයි. එබැවින්, අපි ‘යෙහෝවාට ප්‍රීතියෙන් මෙහෙ කරමු.’—ගීතා. 100:2.