යෙහෝවාට ළං වන්න පොත පාඩම් කිරීමෙන් ප්‍රයෝජන ගන්න
1 “ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෝ” දිස්ත්‍රික් සමුළුවේදී, යෙහෝවාට ළං වන්න පොත අපි ඉතා සතුටින් ලබාගත්තෙමු. බොහෝදෙනෙක් පොත ලැබූ වහාම එය කියවූහ. තවත් බොහෝදෙනෙක්, “දෙවිට ළං වෙන්න, එවිට ඔහු ඔබට ළං වන්නේය” යන 2003 වාර්ෂික පදය මගින් එසේ කිරීමට පෙලඹුණු බවට කිසිම සැකයක් නැත.—යාකො. 4:8, NW.
2 යෙහෝවාට ළං වන්න පොත, අප මාර්තු මාසයේදී පොත් පාඩම්වලදී අධ්‍යයනය කරනවා ඇත. අපගේ මෙම අධ්‍යයනයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අපට හැක්කේ කෙසේද? සූදානම් වීම අතිශයින් වැදගත්ය. එක් පරිච්ඡේදයක් සාකච්ඡා කිරීමට සති දෙකක් වෙන් කෙරෙනු ඇති අතර, පාඩම් කරන සෑම සතියකම අධ්‍යයනය කෙරෙන්නේ ඡේද ස්වල්ප ප්රමාණයකි. මේ මගින් අධ්‍යයනය කෙරෙන තොරතුරු හා ඒ ගැන ඔබ කරන මෙනෙහි කිරීම පදනම් කරගෙන ඔබේ හදින් නැඟෙන අදහස් ප්‍රකාශ කිරීමට ඔබට ප්‍රමාණවත් කාලය තිබෙනවා ඇත. මීට අමතරව, මෙම පොතේ සුවිශේෂී අංගයක් සලකා බැලීම පිණිස, පරිච්ඡේදයක අවසාන කොටස සලකා බලන සතිවලදී සාකච්ඡා කරන්නේ ඊටත් වඩා ස්වල්ප ඡේද ගණනකි.
3 දෙවන පරිච්ඡේදයේ පටන්, “මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න” කොටුව සෑම පරිච්ඡේදයකම අවසානයට දක්නට ලැබේ. පරිච්ඡේදයේ අන්තිම ඡේදය සලකා බැලුවායින් පසුව, පොත් පාඩම් අවේක්ෂක කණ්ඩායම සමඟ එම කොටුවේ තොරතුරු සාකච්ඡා කරනවා ඇත. කණ්ඩායමේ සිටින අයගේ අදහස් ඔහු ඇදගැනීමට උත්සාහ කරන අතර, එසේ කරන්නේ ඔවුන් ශුද්ධ ලියවිලි ගැන මෙනෙහි කිරීමෙන් සොයාගත් කදිම කරුණු හා තොරතුරු ඔවුන්ගෙන් ලබාගැනීමේ අටියෙනි. (හිතෝ. 20:5) කොටුවේ දී ඇති ප්‍රශ්නවලට අමතරව, ඇතැම්විට ඔහුට මෙවන් ප්‍රශ්න ඇසිය හැකියි. “මෙම තොරතුරුවලින් ඔබට යෙහෝවා ගැන කියාපාන්නේ කුමක්ද? එය ඔබගේ ජීවිතයට බලපාන්නේ කෙසේද? වෙනත් අයට උපකාර කිරීමට එය යොදාගැනීමට ඔබට හැක්කේ කෙසේද?” ඔහුගේ ඉලක්කය වන්නේ, සුළු සුළු තොරතුරු සම්බන්ධයෙන් සබයේ දැනුම සෝදිසි කර බැලීම නොව, ඔවුන්ගේ හදවත්වලින් නැඟෙන අදහස් පිටතට ඇදගැනීමයි.
4 යෙහෝවාට ළං වන්න පොත අද්විතීය පොතකි. “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” විසින් නිකුත් කර ඇති සියලුම ප්‍රකාශන යෙහෝවාව මහිමයට පත් කළද, මෙම පොත මුළුමනින්ම වෙන් කර ඇත්තේ යෙහෝවාගේ ගුණාංග ගැන සාකච්ඡා කිරීමටය. (මතෙ. 24:45-47) අප ඉදිරියෙහි තිබෙන්නේ මොන තරම් සතුටින් ප්‍රීති විය හැකි අවස්ථාවක්ද! යෙහෝවාගේ පෞද්ගලිකත්වය ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් අප මහඟු පළ නෙළාගන්නවා ඇත. මෙම අධ්‍යයනය අපව අපගේ ස්වර්ගික පියාණන් වෙතට තවත් ළං කරත්වා. තවද එසේම කිරීමට අනුන්ට උපකාර කිරීමෙහිලා අපට වඩාත් බලපෑමක් කිරීමට හැකි වේවා.