සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ මාර්. 1
“එක අවස්ථාවක, යේසුස් ක්‍රිස්තුස්ගෙන් කෙනෙක් ඇහැව්වා, ‘සියලු ආඥාවලින් ප්‍රධාන කොයි එකද’ කියලා. බලන්න ඔහු දුන්න පිළිතුර. [මාර්ක් 12:29, 30 කියවන්න.] යේසුස් අදහස් කළේ මොකක්ද කියලා ඔයා කල්පනා කරලා තියෙනවාද? [පිළිතුරට ඉඩහරින්න.] ‘අප දෙවිට ප්‍රේම කරන බව පෙන්වන අයුරු’ යන ලිපිය තුළ එම ප්‍රසිද්ධ වචනවල අර්ථය ගැන පැහැදිලි කරනවා.”
පිබිදෙව්! මාර්. 8
“එක්තරා කාලයක, බොහෝදෙනෙක් ජීවත් වුණේ න්‍යෂ්ටික යුද්ධයක් ඇති වේය යන භයෙනුයි. අද දිනත් න්‍යෂ්ටික යුද්ධයක් ඇති වෙන්නට ඉඩ කඩ තිබේවි කියලා ඔයා හිතනවාද? [පිළිතුරට ඉඩහරින්න.] මේ සඟරාවේ පැහැදිලි කරලා තියෙනවා අපි සියලුදෙනාගේම සැලකිල්ලට භාජන විය යුතු වර්තමාන තත්වයන් ගැන. භය කියන එක තුරන් වෙලා යන ලෝකයක් පිළිබඳ බයිබලයේ සඳහන් වෙන පොරොන්දුව ගැනත් ඒකෙ පැහැදිලි කරනවා.” ශෙපනියා 3:13 කියවන්න.
මුරටැඹ මාර්. 15
“අප්‍රියෙල් 4වෙනි ඉරිදා පැවැත්වෙන ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය සිහි කිරීම සඳහා පැමිණෙන්න කියා ඔබට ආරාධනා කරන්න අපි කැමතියි. [සඟරාවේ පිටුපස ඇති ආරාධනය හෝ සිහි කිරීමේ මුද්‍රිත ආරාධනා පත් යොදාගනිමින් ඒ ගැන විස්තරයක් දෙන්න. අනතුරුව ලූක් 22:19 කියවන්න.] මේ මුරටැඹ කලාපයේ මුල් ලිපිවල මෙම අවස්ථාවේ අරුත ගැනත් එය පැවැත්වෙන ආකාරය ගැනත් සාකච්ඡා කරලා තියෙනවා.”
පිබිදෙව්! මාර්. 8
“අද බොහෝදෙනෙක් සත්තු ගැන ඉගෙනගෙන මහත් ආස්වාදයක් ලබනවා. සමහරක් අය ඔවුන්ව ඇති කරන්නේ හුරතලයට. [ප්‍රතිචාරයට ඉඩහරින්න.] හුරතල් සතෙක්ව හදනකොට ඇති වන අභියෝග කිහිපයක් ගැන මේ සඟරාවේ සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම සියලු සතුන් උන් උනුන් සමඟත් සියලු මිනිස් වර්ගයා එක්කත් සමාදානයෙන් ඉන්න කාලයක් ගැන දෙවි දීලා තියෙන පොරොන්දුව ගැනත් එහි සාකච්ඡා කරලා තියෙනවා.” යෙසායා 11:6-9 කියවන්න.