සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ අප්‍රි. 1
“බයිබලයේ සඳහන් මෘගයාගේ ලකුණ ගැන විවිධ මත පළ වෙලා තිබෙනවා. ඔබ කවදාහරි ඒ ගැන අහලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඉන්පසු, එළිදරව් 13:16-18 කියවන්න.] මේ අභිරහසේ තේරුම ගැන අපට පෙන්වා දෙන්නෙත් බයිබලයමයි. මේ සඟරාවේ ඒ ගැන පැහැදිලි කරලා තියෙනවා.”
පිබිදෙව්! අප්‍රි. 8
“හුඟදෙනෙක් මෝසෙස්ගේ ජීවිත කතාව ගැන දන්නවා. ඒත් ඔබ දන්නවාද මෝසෙස් අද දින අපේ ජීවිතවලට සම්බන්ධ යම් දෙයක් කියලා තියෙනවා කියලා? [ප්‍රතිචාරයට ඉඩහරින්න. ඉන්පසුව ද්විතීය කථාව 18:15 කියවන්න.] කලින් කියා ඇති ඒ අනාගතවක්තෘවරයා කවුද කියලත්, මිනිස් වර්ගයාගේ ප්‍රයෝජනය සඳහා ඔහු කරන්න යන දෙය ගැනත් මේ පිබිදෙව්! කලාපයේ සාකච්ඡා කරලා තියෙනවා.”
මුරටැඹ අප්‍රි. 15
“සමහරු හිතන්නේ ජීවිතයේ සිද්ධ වෙන හැම දෙයක්ම, ඒ කියන්නේ විපත්ති පවා දේවකැමැත්තට අනුව සිදු වෙනවා කියලා. ඔබ ඒ ගැන කවදාහරි කල්පනා කරලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බොහෝදෙනෙක් දන්නවා මේ යාච්ඤාව ගැන. [මතෙව් 6:10ආ කොටස කියවන්න.] පොළොව සඳහා දෙවිගේ අරමුණ මොකක්ද? එය සම්පූර්ණයෙන්ම ඉෂ්ට වෙන්නේ කවදාද? මේ සඟරාවේ බයිබලය ඊට දෙන පිළිතුරු ගැන සාකච්ඡා කරලා තියෙනවා.”
පිබිදෙව්! අප්‍රි. 8
මිනිසුන්ගේ මනස් තුළ තිබෙන යම් ඛේදනීය සිද්ධියක් ගැන සඳහන් කළායින් පසුව, මෙසේ අසන්න: “ඒ වගේ දේවල්වලට දෙවි ඉඩ දෙන්නේ ඇයි කියලා ඔබ කවදාහරි කල්පනා කරලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. අනතුරුව යාකොබ් 1:13 කියවන්න.] මේ ලිපිය විශේෂයෙන් ලියලා තියෙන්නේ තරුණ අයට. මිනිසුන් විඳින දුක් වේදනා නතර කරන්න අපේ ප්‍රේමණීය දෙවි තවමත් මැදිහත් වෙලා නැත්තේ ඇයි කියලා මෙහි පෙන්වලා තියෙනවා.”