සඟරා හඳුන්වා දිය හැකි අයුරු
―
මුරටැඹ අගෝ. 1
“මිනිස්සු අද හුඟාක් බෙදිලා. ඒ නිසා හුඟාක් දෙනෙකු හිතන්නේ ලෝක සාමය ගෙනෙන්නට නම්, ලෝක ආණ්ඩුවක් අවශ්‍යයි කියලා. ඒ වගේ දෙයක් ඇති වෙයි කියලා ඔබ හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] අනතුරුව දානියෙල් 2:44, 45ආ කියවන්න. දෙවිගේ රාජ්‍යය කියන්නේ මොකක්ද කියලත් ඒ මගින් ලෝකයට ඉතාමත් ඉක්මනින් සාමය ගෙන එන්නේ කොහොමද කියලත් මේ සඟරාවේ කතා කරලා තියෙනවා.”
පිබිදෙව්! අගෝ. 8
“අද කාලයේ අපරාධ කරන අය නිතරම වාගේ අහිංසක මිනිසුන්ව වංචනික උපක්රමවලට හසු කරගන්න උත්සහ කරනවා. මේ ගැන ඔබ හිතලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ පිබිදෙව්! කලාපයේ සාකච්ඡා කරලා තියෙනවා, අපිව වංචාවලට හසුවීමෙන් ආරක්ෂා වීමට අපට ගත හැකි මූලික උපක්‍රම කිහිපයක් ගැන.” හිතෝපදේශ 22:3 කියවන්න.
මුරටැඹ අගෝ. 15
“අද හුඟාක්දෙනෙක් විවාහය සහ දරුවන් ඇති දැඩි කිරීම ගැන බොහෝ තැන්වලින් අවවාද ලබාගන්නට උත්සාහ කරනවා. මේ ගැන හොඳම උපදෙස් සොයාගන්න පුළුවන් කොහෙන් කියලාද ඔබ සිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ මුරටැඹ කලාපයේ සාකච්ඡා කරලා තියෙනවා, මිනිස් වර්ගයාගේ මැවුම්කරු පවුල් ජීවිතය ගැන දී තිබෙන ප්‍රඥාවන්ත උපදෙස් කිහිපයක් ගැන.” ගීතාවලිය 32:8 කියවන්න.
පිබිදෙව්! අගෝ. 8
“දරුවන්ට සිදු වන අසාධාරණකම් අපට ඇහෙනකොට අපි සියල්ලන්ටම දැනෙන්නේ හරිම ශෝකයක්. ‘ඇත්තටම දෙවියන්ට මේවා පේන්නේ නැද්ද?’ කියා සමහරවිට ඔබත් කල්පනා කරනවා වෙන්න පුළුවන්. [ප්‍රතිචාරයට ඉඩහරින්න. පසුව ගීතාවලිය 72:12-14 කියවන්න.] දෙවිට ළමුන් ගැන හැඟෙන ආකාරයත් මේ වගේ යම් යම් අසාධාරණකම්වලට ලක් වූ සියලු දරුවන්ට ළඟදීම ස්ථිර සහනයක් ගෙනෙන අන්දමත් මේ ලිපියේ සාකච්ඡා කරලා තියෙනවා.”