සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ අගෝ. 1
“අද ඉන්න බොහෝදෙනෙකුට තමන් වටින්නේ නැහැ කියන හැඟීම තිබෙනවා. මේ වගේ අයට කොහොමද අපි උදව් කරන්නේ? ඔබ මොනවාද මේ ගැන හිතන්නේ? [පිළිතුරු දීමට ඉඩහරින්න] ඒ වගේ අයට සැබෑ සතුට ලබාගන්නේ කොහොමද කියා මේ සඟරාවේ පෙන්වලා තියෙනවා.” “නියම සතුට ලබන ආකාරය බයිබලයෙන් දැනගන්න” යන ලිපියේ තද කලු අකුරෙන් තිබෙන බයිබල් පද කැපීපෙනෙන්නට සලස්වන්න.
පිබිදෙව්! අගෝ. 8
“බොහෝදෙනෙක් අද නිතරම ජීවත් වෙන්නේ භයෙන්. මේ වගේ භය තියෙන වාතාවරණයක් ඇති කිරීම ගැන කවුරු වග කියන්න ඕනෑ කියලාද ඔයා හිතන්නේ? [පිළිතුරට ඉඩහරින්න.] පොදුවේ අපි හැමෝම ආරක්ෂා විය යුතු ආකාරය ගැන ප්රායෝගික යෝජනා මේ සඟරාවේ දීලා තියෙනවා. ඒ වගේම කිසිම භයක් නැතුව ජීවත් වීම පිළිබඳ බයිබලයේ සඳහන් කර තිබෙන පොරොන්දුව ගැනත් සාකච්ඡා කරලා තියෙනවා.” යෙසායා 11:9 කියවන්න.
මුරටැඹ අගෝ. 15
“කෙනෙක් මිය ගියායින් පසුව මොකක්ද වෙන්නේ කියලා හුඟදෙනෙක් කල්පනා කරනවා. ඇත්තටම මරණය කියන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න පුළුවන් කියලා ඔයා හිතනවාද? [පිළිතුරට ඉඩහරින්න.] මේ සඟරාවේ මළ අයගේ තත්වය ගැන බයිබලයේ කියන දේ විස්තර කරලා තියෙනවා. ඒ වගේම අපේ හිතවත් අය මැරිලා ඉන්නවා නම් ඒ අයව නැවත නැඟිටුවීමට දෙවි දී තිබෙන පොරොන්දුව ගැනත් මෙහි කතා කරනවා.” 1 කොරින්ති 15:26 කියවන්න.
පිබිදෙව්! අගෝ. 8
“ස්වභාවික විපත්වලින් දුක් විඳින අයව දකිනකොට අපේ සිත්වලට හරිම වේදනාවක් දැනෙනවා. එහෙම නේද? [ඔබ දන්නා යම් විපතක් ගැන පවසන්න.] ඒ වගේ විපත් එන්ට එන්ටම වැඩි වෙනවා කියලා ඔබට පේනවාද? [පිළිතුරට ඉඩහරින්න.] මේ සඟරාවේ ඒ ගැන කතා කරලා තියෙනවා. ඒ වගේ විපත්වලින් නැති වුණ අය සඳහා යම් සැනසිලිදායක පණිවුඩයක් මේ සඟරාවේ දීලා තියෙනවා.” යොහන් 5:28, 29 කියවන්න.