ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 5/06 1 පි.
  • “දිගටම මා අනුව ඒවා!”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “දිගටම මා අනුව ඒවා!”
  • 2006 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • ආත්ම පරිත්‍යාගය මොනවටද?
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තවදුරටත් අප වෙනුවෙන්ම ජීවත් නොවීම
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් වගේ අනිත් අය වෙනුවෙන් කැප කිරීම් කරන්න ඔයා ලෑස්තිද?
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සදාකාල ජීවිතය වෙනුවෙන් ඔබ පරිත්‍යාග කරන්නේ කුමක්ද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2006 අපගේ රාජ්‍ය සේවාව
km 5/06 1 පි.

“දිගටම මා අනුව ඒවා!”

1 හුඟදෙනෙක් උත්සාහ කරන්නේ තමන්වම පිනවාගැනීමටයි. එහෙත් ඔවුන් ජීවත් වෙන්නේ අසන්තෝෂයෙන්. අනෙක් අතට, යේසුස් කීවේ සැබෑ සන්තෝෂය ලැබෙන්නේ පරාර්ථකාමී ජීවිතයක් ගත කිරීමෙන් කියායි. (ක්‍රියා 20:35) ඔහු කීවේ මෙසේයි. “යමෙකුට මා අනුව එන්න ඕනෑ නම්, ඔහු තමාවම නොසලකා, . . . දිගටම මා අනුව ඒවා.” (මාක් 8:34) මින් අදහස් කරන්නේ ඉඳ හිට තමන්ගේ විනෝදය පසෙක දැමීමට වඩා වැඩි දෙයක්. අපි අපවම නොව යෙහෝවාව සතුටු කිරීමට උත්සාහ කළ යුතුයි.—රෝම 14:8; 15:3.

2 පාවුල්ගේ ආදර්ශය දෙස බලන්න. ඔහු “ක්‍රිස්තුස් යේසුස් පිළිබඳ දැනුමෙහි ඇති මහත් වටිනාකම” අගය කළ නිසා, පෞද්ගලික ආශාවන් ඉටු කරගැනීම පසෙක දමා, දේවරාජ්‍යය පිළිබඳ කාරණා වැඩිදියුණු කිරීමට තමාවම කැප කළා. (ෆිලි. 3:7, 8) අනුන් උදෙසා “මා සතු සියල්ල වැය කරන්නත් සම්පූර්ණයෙන්ම වැය වෙන්නත් ඉතා සතුටු වෙමි” කියා ඔහු පැවසුවා. (2 කොරි. 12:15) ඒ නිසා අපි අපෙන්ම මෙසේ අසාගැනීම හොඳයි. ‘මම මගේ කාලය, ශක්තිය, හැකියාවන් සහ සම්පත් යොදාගනිමින් සිටින්නේ කොහොමද? මම බලන්නේ මගේ වැඩ කරගන්න විතරක්ද? නැත්නම් මම යෙහෝවාව සතුටු කිරීමට උත්සාහ කරනවාද?’

3 දීමට අවස්ථා: යෙහෝවාගේ ජනයා ජීවිත ගලවන රාජ්‍ය වැඩකටයුතු සඳහා සෑම වසරකම පැය බිලියනයකට වඩා මිඩංගු කරනවා. වැඩිහිටියන් මෙන්ම බාලයන් සභාව තුළම අනුන්ගේ ප්‍රයෝජනය සඳහා බොහෝ පැවරුම් ඉටු කරනවා. එක්රැස්වීම්, සමුළු මෙන්ම රාජ්‍ය ශාලා ඉදි කිරීම්, නඩත්තු කිරීම් යනාදි සත්‍ය නමස්කාරය වැඩිදියුණු කිරීම සඳහා බොහෝ වැඩකටයුතු කිරීමට තිබෙනවා. ඒ වගේම රෝහල් සබඳතා කමිටුවල සහ රෝගීන් බැහැදැකීමේ කණ්ඩායම්වල සේවය කරන සහෝදරයන්ගේ වෙහෙස මහන්සිය ගැන සිතා බලන්න. මේ සියලු ආත්ම පරිත්‍යාගී ප්‍රයත්නයන් අපේ ක්‍රිස්තියානි සහෝදරත්වයට මොන තරම් ආශීර්වාදයක්ද!—ගීතා. 110:3.

4 යම් ස්වාභාවික විපතක් හෝ හදිසි තත්වයක් ඇති වන විට අපට පරිත්‍යාගශීලීව වැඩ කිරීමට බොහෝ අවස්ථා උදා වෙනවා. ඊටත් වඩා, අපේ සහෝදරයෙක් හෝ සහෝදරියක් තමන්ගේ එදිනෙදා ජීවිතයේදී යම් අවශ්‍යතාවක් හෝ දිරිගැන්වීමක් අවශ්‍යව සිටිනවා අපට පෙනී යන්න පුළුවන්. (හිතෝ. 17:17) අප කැමැත්තෙන්ම ඉදිරිපත් වී අනික් අයට සේවය කරද්දී හා දේවරාජ්‍යය පිළිබඳ කාරණාවල නියැලෙද්දී, අපි කරන්නේ යේසුස් අනුව යෑමක්. (ෆිලි. 2:5-8) එහෙමනම්, අපි දිගටම යේසුස් අනුව යමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න