ක්‍රිස්තියානි ඉලක්ක අත් කරගන්නා අන්දම
1. බොහෝ ක්‍රිස්තියානි යෞවනයන්ට තිබෙන ඉලක්ක මොනවාද?
1 ඔබ යෞවනයෙක්ද? එසේ නම්, ඔබ යෙහෝවා දෙවිට දක්වන ප්‍රේමය සහ ‘පළමුකොට රාජ්‍යය සොයන්න’ කියා යේසුස් කී වචන ඔබේ ඉලක්කවලට බලපා ඇති බව නිසැකයි. (මතෙ. 6:33) සමහරවිට ඔබ පුරෝගාමියෙකු වී සේවය වැඩියෙන් අවශ්‍ය තැනක සේවය කිරීමට සිතා සිටිනවා විය හැකියි. තවත් අය, ජාත්‍යන්තර ඉදි කිරීමේ සේවයට, ශාඛා කාර්යාලයක හෝ වෙනත් රටක සේවය කිරීමට සිතා සිටිනවා විය හැකියි. ඇත්තටම මෙම ඉලක්ක කොතරම් ප්‍රශංසනීයද!
2. ඔබේ ක්‍රිස්තියානි ඉලක්කවලට ඒමට ඔබට කුමක් උපකාරවත් වේද?
2 හොඳම දේ නම්, ඔබේ ඉලක්ක ලිඛිතව ලැයිස්තුගත කරන්න. වර්ෂ 2004 ජූලි 15 මුරටැඹ සඟරාවේ මෙසේ ප්‍රකාශ කළා. “සිතේ කොනක සැඟවිලා තියෙන දෙයක් වචනයට නැඟෙද්දී එය පැහැදිලි අදහසක් බවට පත් වෙනවා. අපේ ඉලක්ක සහ ඒවා අත් කරගැනීමට අප බලාපොරොත්තු වන ආකාරය කොළයක ලිවීමට අප කැමති විය හැකියි.” මීට අමතරව, කෙටි කාලීන ඉලක්ක තබාගෙන ඒවා අත් කරගත් විට, ඔබ දිගු කාලීනව තබා ඇති ඉලක්කවල කොතරම් සමීපයට ඇවිත් තිබේද කියා මැන බැලීමටද ඔබට හැකියි.
3. කෙනෙකුට බව්තීස්මය සඳහා සුදුසුකම් ලැබීමට උපකාරවත් වන කෙටි කාලීන ඉලක්ක මොනවාද?
3 කෙටි කාලීන ඉලක්ක: ඔබ බව්තීස්ම වී නැත්නම්, එම ඉලක්කය අත් කරගැනීමට ඔබට අවශ්‍ය දේ ගැන සලකා බලන්න. මූලික බයිබල් ප්‍රතිපත්ති ගැන වඩාත් හොඳ අවබෝධයක් ඔබට අවශ්‍ය විය හැකියි. එසේනම්, බයිබලයේ ඉගැන්වීම් පොතේ සඳහන් සියලුම බයිබල් පද කියවමින් එය හොඳින් අධ්‍යයනය කිරීමට ඉලක්ක කරගන්න. (1 තිමෝ. 4:15) බෙතෙල් සාමාජිකයන් හා ගිලියද් පාසැලේ ශිෂ්‍යයන් උත්පත්ති සිට එළිදරව් දක්වා සියලුම බයිබල් පොත් කියවිය යුතුයි. ඔබත් ඒ ඉලක්කයම තබාගන්න. ඉන්පසු, නිතිපතා ක්‍රමයකට බයිබලය කියවන්න. (ගීතා. 1:2, 3) ඇදහිල්ලේ ශක්තිමත් වීමට ඔබට එය කොතරම් උපකාර වේදැයි බලන්න! බයිබලයේ කොටසක් කියවීමේදී හා පාඩම් කිරීමේදී හෘදයාංගම යාච්ඤාවකින් පටන් ගෙන යාච්ඤාවකින් අවසන් කරන්න. ඔබ ඉගෙනගන්නා දේ අදාළ කරගැනීමට නිතරම උත්සාහ කරන්න.—යාකො. 1:25.
4. බෙතෙල් හෝ මිෂනාරි සේවයට දිගු කාලීන ඉලක්ක තබාගෙන සිටින කෙනෙකුට කිනම් කෙටි කාලීන ඉලක්ක තබාගත හැකිද?
4 ඔබ දැනටමත් බව්තීස්ම වී සිටී නම්, තවත් කුමන ඉලක්ක ඔබට තබාගත හැකිද? වඩාත් හොඳින් දක්ෂ ලෙස සාක්ෂි දැරීමට ඔබ දියුණු විය යුතුද? දේවසේවයේදී බයිබලය විවිධ ආකාරවලින් පාවිච්චි කිරීමට දක්ෂකම් ඔබට අවශ්‍යද? (2 තිමෝ. 2:15) සේවය පුළුල් කරගැනීමට කැමතිද? ඔබේ වයසට හා ඔබේ තත්වයන්ට අනුව කෙටි කාලීන නිශ්චිත ඉලක්ක තබාගැනීමෙන් ඔබට ඔබේ දිගු කාලීන ඉලක්කවලට එන්න පුළුවන්.
5. කෙටි කාලීන ඉලක්ක තබාගත් සහෝදරයෙක් බෙතෙල්හි සේවය කිරීමේ ඉලක්කය අත් කරගත්තේ කෙසේද?
5 ඉලක්ක අත් කරගත් යෞවනයෙක්: ටෝනිගේ වයස අවුරුදු 19යි. ඔහු දවසක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයක් නැරඹීමට ගියා. බෙතෙල්හි සේවය කිරීමට ඔහුට එහිදී ආශාවක් ඇති වුණා. කෙසේවෙතත්, ඔහු ජීවත් වුණේ අරමුණක් ඇතිව නොවේ. ඔහු දෙවිට කැප වෙලාවත් සිටියේ නැහැ. යෙහෝවා දෙවිගේ මාර්ගවලට අනුව ජීවිතය ගෙන ඒමට අදිටන් කරගත් ටෝනි බව්තීස්ම වීමට ඉලක්කයක් තබාගත්තා. බව්තීස්ම වුණායින් පසුව, ඊළඟට දින දර්ශනයේ දින නියම කරමින් උපකාරික, පසුව ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගත්තා. කලක් පුරෝගාමි සේවය කළායින් පසුව ඔහු බෙතෙල් සේවයට ආරාධනා ලැබූ විට, ඔහුට ඇති වූ ප්‍රීතිය ගැන සිතා බලන්න!
6. ඔබට ඔබේ ඉලක්ක කෙසේ අත් කරගත හැකිද?
6 දේවරාජ්‍යයට මුල් තැන දෙනවා නම්, ඔබටත් ඔබේ ක්‍රිස්තියානි ඉලක්ක අත් කරගන්න පුළුවන්. “ඔබේ ක්‍රියාවන්” යෙහෝවාට යාච්ඤාවෙන් භාර දී, ඒවා ඉෂ්ට කරගැනීමට දැඩි සේ උත්සාහ කරන්න.—හිතෝ. 16:3; 21:5.