නව විශේෂ එක්දින එක්රැස්වීමේ වැඩසටහන
දෙවිගේ බලයෙන් පිරී සිටි මුල් ක්‍රිස්තියානීන් ශුභාරංචිය ගැන ඉතා උද්යෝගයෙන් පුළුල් ප්‍රචාරයක් දුන්නා. (ක්‍රියා 1:8; කොලො. 1:23) මීළඟ 2007 සේවා වසර සඳහා විශේෂ එක්දින එක්රැස්වීම් වැඩසටහනේ තේමාව වන්නේ ‘වචනය දේශනා කිරීමෙහි සම්පූර්ණයෙන්ම නිරත වන්න’ යන්නයි. මෙම වැඩසටහන අපට ඔවුන්ගේ කදිම ආදර්ශය අනුගමනය කිරීමට උපකාරයක් වෙනවා ඇති.—ක්‍රියා 18:5.
දේවවචනය ගැන දාවිත් රජ මෙසේ කීවා. “යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම් විශ්වාසන්තය. අද්දැකීම් අඩු තැනැත්තාට ප්‍රඥාව ගෙන දෙයි.” (ගීතා. 19: 7, නව ලොව පරිවර්තනය) වර්ෂ 2007 විශේෂ එක්දින එක්රැස්වීම වෙනුවෙන් ඉතාමත් මැනවින් සූදානම් කර ඇති වැඩසටහන මගින් “කාරණා හරිගැස්වීමට” ශුද්ධ ලියවිලි උපයෝගි වන ආකාරය ගැන කාවද්දන අතර, හදිසිතාවේ හැඟීමකින් යුතුව දේවවචනය දේශනා කිරීමටත් ඉගැන්වීමටත් අපට දිරිගැන්වීමක් ලැබෙනවා ඇති. (2 තිමෝ. 3:16, 17) තවද මෙම නව වැඩසටහනින්, එදිනෙදා ජීවිතයේදී බොරු වලවල්වලින් මිදෙන අන්දම සහ බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නා ආකාරය පෙන්වා දෙයි. තම ජීවිතවල ඉලක්ක තබාගැනීමට දේවවචනය උදව් වෙන සැටිද නවකයන්ට හා යෞවනයන්ට මේ මගින් පෙන්වා දෙනවා ඇති.
ඒ නිසා, වැඩසටහන පටන්ගනිද්දීම එහි පැමිණ සිටින්න. කිට්ටු අවධානයක් දෙන්න. අදාළ කරගත හැකි කාරණා ගැන සටහන් ගන්න. ඔබට ලැබෙන උපදෙස් සහ සිහිගැන්වීම් ගැන අගය පෙන්වන්න. තවද ඔබ ඉගෙනගන්නා දේවල් ජීවිතයට අදාළ කරගත හැකි ආකාරය ගැන කල්පනා කරන්න.
මෙම විශේෂ එක්දින එක්රැස්වීමේ වැඩසටහන මගින් දේවවචනය ගැන අප තුළ ඇති අගය වැඩි කර, ඉතා උද්යෝගයෙන් නොකඩවාම රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමට අපව ශක්තිමත් කරනවා ඇති. එමනිසා, අපට දෙවිගෙන් ලැබෙන මඟ පෙන්වීම හා උපදෙස් කිසිම අන්දමකින් අතපසු නොකිරීමට අපි අදිටන් කරගනිමු.—යෙසා. 30:21.