එළිදරව්වේ අවසන් ඉටුවීම අත ළඟයි!
1 “මේ අනාවැකියේ වචන ශබ්ද නඟා කියවන්නාද, ඒවා අසන අයද, එහි ලියා තිබෙන දේවල් පවත්වන අයද සන්තෝෂවත්ය. මන්ද, නියම කරන ලද කාලය ළඟය.” (එළි. 1:3) මේ වචනවලින් කාවද්දන්නේ එළිදරව් පොතේ ඇති වටිනාකම ගැනයි. විශේෂයෙන්ම එහි බොහොමයක් අනාවැකි ඉටු වෙන්නේ අප ජීවත් වන මේ අන්තිම කාලයේදීයි. මේ නිසා, අප 2007 ජනවාරි 8න් පටන්ගන්නා සතියේ සිට සභා පොත් පාඩමේදී සාකච්ඡා කරන්නේ එළිදරව්වේ අවසන් ඉටුවීම අත ළඟයි! යන පොතයි.
2 අප මේ පොත මීට පෙර සභා පොත් පාඩමේදී සාකච්ඡා කර තිබෙනවා. නමුත් එදා සිට මේ දක්වා ලෝකය බොහෝ ආකාරවලින් වෙනස් වී තිබෙනවා. (1 කොරි. 7:31) එපමණක්ද නොව, මෑත කාලවලදී සත්‍යයට පැමිණි අය මීට පෙර කිසිදාක එළිදරව් පොත පදයෙන් පදයට පාඩම් කර නැහැ. මේ නිසා, මේ පොත පාඩම් කිරීමෙන් අප සියලුදෙනාටම අනාගතික සිදුවීම් ගැන හොඳ සිහිකල්පනාවෙන් යුතුව ජීවත්වීමට හැකිකම ලැබෙනවා නිසැකයි.—එළි. 16:15.
3 මේ නිසා සෑම සතියකම මෙම පොත් පාඩමට සහභාගි වීමට විශේෂ අධිෂ්ඨානයක් ගන්න! සෝදිසියෙන් සිටීමට මෙම තොරතුරු අපට මහෝපකාරී වෙනවා නිසැකයි. ඒ වගේම මෙහි සඳහන් යේසුස් සභා සතට දුන් පණිවුඩද අධ්‍යයනය කිරීම අපට මහත් සේ ප්‍රයෝජනවත් වේවි. අපගේ දේවසේවයට හා දෙවි සමඟ ඇති මිත්‍රත්වයට ඇති යම් බාධාවලින් වැළකී සිටීමට අවශ්‍ය පුළුල් අවබෝධයක්ද අපට මේ මගින් ලැබෙනවා ඇති.—එළි. 1:11, 19.
4 හොඳින් සූදානම් වෙන්න: මේ සෑම පාඩමකට පෙර, එම පාඩමට අදාළ එළිදරව් පොතේ බයිබල් පද කියවන්න. ඒවා විස්තර කර තිබෙන ආකාරයද හොඳින් බලන්න. ඒවා නිවැරදිව අවබෝධ කරගන්න. එවිට ඔබ ක්‍රියාවට පෙලඹේවි. (නෙහෙ. 8:8, 12) ඇති තරම් කාලය ගෙන ඒවා ගැන මෙනෙහි කර, ඔබෙන්ම මෙසේ අසන්න: ‘යෙහෝවා දෙවි ගැන සහ ඔහුගේ අරමුණ ඉටු වන ආකාරය ගැන මේ කොටසින් මට කියන්නේ කුමක්ද? ඊට එකඟව ක්‍රියා කරමින් මට අනුන්ට උපකාර කරන්න පුළුවන් කොහොමද?’
5 ‘ස්වාමීන්ගේ දවස’ ආරම්භ වූ 1914 වසරේ සිට දැන් වසර 92ක් ගෙවී ගොස් අවසන්. (එළි. 1:10) එළිදරව්වේ සඳහන් පොළොව කම්පාකරවන සිදුවීම් අත ළඟයි! මේ නිසා අපි එළිදරව්ව පොත පාඩම් කරනවා නම්, අපේ මනස හා සිත ප්‍රබෝධවත් වී අපේ ඇදහිල්ල ශක්තිමත් වී, “සර්ව පරාක්‍රම තැනැත්තා වන දෙවිගේ මහත් දවසේ යුද්ධය” සහ පාරාදීස පොළොව ළඟ බවට වූ අපේ විශ්වාසය තව තවත් තහවුරු වේවි!—එළි. 16:14; 21:4, 5.