ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 5/07 5 පි.
  • ප්‍රශ්න පෙට්ටිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රශ්න පෙට්ටිය
  • 2007 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අපි ඔබට සාදරයෙන් ආරාධනා කරමු!
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය රැස්වීම සඳහා මඟ පෙන්වීම්
    ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය රැස්වීම සඳහා මඟ පෙන්වීම්
  • සභා රැස්වීම් සඳහා නව සැලැස්ම
    2008 අපගේ රාජ්‍ය සේවාව
  • නමස්කාර කරන්න එකට රැස් වෙයි
    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
තව තොරතුරු
2007 අපගේ රාජ්‍ය සේවාව
km 5/07 5 පි.

ප්‍රශ්න පෙට්ටිය

◼ දිව්‍යාණ්ඩු සේවා පාසැල, සේවා රැස්වීම, ප්‍රසිද්ධ රැස්වීම හා මුරටැඹ පාඩම පටන්ගැනීමේදී ගායනා කරන ගීතිකාව හඳුන්වා දිය යුත්තේ කෙසේද? කවුරුන් විසින්ද?

දිව්‍යාණ්ඩු සේවා පාසැලේ සෑම සතියක් සඳහාම නියමිත ආරම්භක ගීතිකාව ඔක්තෝබර් මාසයේ අපගේ රාජ්‍යය සේවාවේ පළ වූ දිව්‍යාණ්ඩු සේවා පාසැල් වැඩසටහනේ සඳහන් වෙනවා. සෑම සේවා රැස්වීමකම ආරම්භක හා අවසාන ගීතිකාව අපගේ රාජ්‍යය සේවාවේ 2වන පිටුවේ දැකිය හැකියි. ඒ හා සමානව සතිපතා මුරටැඹ පාඩම සඳහා නියමිත ගීතිකා අංක මුරටැඹ සඟරාවේ 2වන පිටුවේ තිබෙනවා. ඒ ඒ රැස්වීම සඳහා නියම කර තිබෙන ගීතිකා අංක අදාළ රැස්වීමේ කොටසක් ලෙස සලකනු ලබනවා. මේ නිසා ගීතිකාව හඳුන්වා දිය යුත්තේ අදාළ රැස්වීම පත්වන සහෝදරයා මිස වෙන කිසිවෙක් නොවෙයි. මේ අනුව සේවා රැස්වීම හඳුන්වා දිය යුත්තේ පාසැල් අවේක්ෂක නොවෙයි. එමෙන්ම මුරටැඹ පාඩම හඳුන්වා දිය යුත්තේ ප්‍රසිද්ධ රැස්වීමේ සභාපති නොවෙයි.

දිව්‍යාණ්ඩු සේවා පාසැල් අවේක්ෂක පැමිණ සිටින අයව පිළිගැනීමෙන් අනතුරුව ආරම්භක ගීතිකාව හඳුන්වා දී පාසැල පටන්ගනියි. ඔහු පාසැල අවසන් කරන්නේ සේවා රැස්වීමේ මුල් පැවරුම ලබා තිබෙන සහෝදරයාට වේදිකාවට ආරාධනා කිරීමෙනුයි. සේවා රැස්වීම පටන්ගැනීමේදී ගායනා කරන ගීතිකාව හඳුන්වා දිය යුත්තේ සේවා රැස්වීමේ මුල් කොටස ඉදිරිපත් කරන සහෝදරයා විසිනුයි.

ඒ හා සමානව ප්‍රසිද්ධ රැස්වීම ආරම්භ කරන්නේ සභාපති විසිනුයි. ඔහු පැමිණ සිටින සියලුදෙනාවම උණුසුම් ලෙස පිළිගැනීමෙන් පසු, ප්‍රසිද්ධ කථිකයා විසින් තොරාගත් ගීතිකාව ගායනා කිරීමට සබයට ආරාධනා කරයි. ගීතිකාවෙන් පසු ඔහු (හෝ කලින් පවරා තිබෙන සුදුසුකම් ලත් වෙනත් සහෝදරයෙක්) යාච්ඤාව ඉදිරිපත් කරයි. සභාපති කථිකයාව හඳුන්වා දී ඔහුගේ කතාවේ තේමාව සඳහන් කරයි. ප්‍රසිද්ධ කථාවෙන් පසු සභාපති කථිකයා ඉදිරිපත් කළ කරුණු කිහිපයක් නැවත සඳහන් කරන්නේ නැතුව කෙටියෙන් කතාවට අගය පළ කරයි. ඊළඟ සතියේ ප්‍රසිද්ධ කථාවේ තේමාව ඔහු නිවේදනය කර, මුරටැඹ පාඩම සඳහා රැඳී සිටීමට සියලුදෙනාටම ආරාධනා කරයි. ප්‍රසිද්ධ කථාව ඉදිරිපත් කළ සහෝදරයාගේ සභාවට ක්‍රිස්තියානි ප්‍රේමය යැවීමට පැමිණ සිටින අය කැමතිද කියා සභාපති ඇසීම අවශ්‍ය නැහැ. අනතුරුව සභාපති මුරටැඹ පාඩම පවත්වන සහෝදරයාට ආරාධනා කරයි.

මුරටැඹ පාඩම මෙහෙයවන්නා විසින් අදාළ පාඩමට නියමිත මුල් ගීතිකාව හඳුන්වා දෙයි. මුරටැඹ පාඩම පැවැත්වීම සම්බන්ධයෙන් පළ කර තිබෙන මඟ පෙන්වීම්වලට අනුව ඔහු පාඩම පැවැත්වීමෙන් පසුව අවසාන ගීතිකාව නිවේදනය කරයි. මුරටැඹ පාඩම මෙහෙයවන්නා අවසාන යාච්ඤාව ඉදිරිපත් කිරීම සඳහා සාමාන්‍යයෙන් ආරාධනා කරන්නේ ප්‍රසිද්ධ කථාව ඉදිරිපත් කළ සහෝදරයාටයි.

සෑම සභාවකම එකම ක්‍රමයකට අනුව සභා රැස්වීම් පවත්වාගැනීමට ඉහත දී ඇති පොදු මඟ පෙන්වීම් උපකාර වෙයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න